Jul
28

බලවේගයකින් මගේ දරුවා අරන් ගියාද? මගේ කඳුලක්වත් දකින්න එයා කැමති නෑ, අතුරුදන් වූ රත්නපුර ලක්ෂාන් ගැන මව පියා කියන කතාව (වීඩියෝ)

 
1408 Views
   
 

රත්නපුර හිදැල්ලන ආටිගල මාවතේ පදිංචි දාහතර හැවිරිදි ලක්ෂාන් අබේරත්න අතිශය පිලිවෙලට එදිනෙදා කටයුතු සිදු කරන දරුවෙක්. ඔහුගේ මව පවසන ආකාරයට ලක්ෂාන් ඇයට දක්වා ඇත්තේ පුදුමාකාර ආදරයක්. නිතර සිය මවගේ ඕනෑ එපාකම් පිළිබඳව සොයා බලන ලක්ෂාන් පාසලේ වැඩ කටයුතු මෙන්ම අත් වැඩ වලට ද දක්ෂතා දක්වන දරුවෙක්.

තමන් එදිනෙදා සිදුකරන කටයුතු කාලසටහනකට අනුව සිදු කිරීමට පුරුදුව සිටි ලක්ෂාන්ගේ මේ හදිසි අ’තුරුදන්වීම නිවසේ සියල්ලටම ඇති කර ඇත්තේ අති විශාල කම් පනයක්. සහෝදරියන් දෙදෙනා සහ මව සමඟ ආදරයෙන් නිවසේ කල් ගෙවූ ලක්ෂාන් පසුගිය 25 වන දා අලුයම නිවසින් හදිසියේ බැ’හැර යනවා. නිවැසියන්ට මෙන්ම ගම්වාසීන්ට ද ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරන මෙම අ’තුරුදන්වීම සිදුවී අද වන විට දින හතරක්. මඩකලපුව පොලිස් ස්ථානයේ සේවය කරන ලක්ෂාන්ගේ පියා පවසන්නේ සිය පුත්‍රයාට නිවස හැරදා යාමට කිසිදු හේතුවක් නො’තිබූ බවයි.

ලක්ෂාන් නිවසින් අ’තුරුදන් වන දිනයේ ඔහු නිවසින් බැහැරව යන ආකාරය අසල පිහිටි සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණා. එහි දැක්වුණේ පසු බෑගයක් කරේ එල්ලා ගත් ලක්ෂාන් සිය ජංගම දුරකථනය භාවිත කරමින් ඇවිද යන ආකාරයයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන රත්නපුර පොලිසියේ අවධානය යොමු වී ඇත්තේ මෙය තවත් ඔන්ලයින් තාක්ෂණ භාවිතය හේතුවෙන් සිදුකෙරුණු අ’වැඩක් ද යන්න පිළිබඳවයි. කෙසේ වෙතත් මෙතෙක් අ’තුරුදන් වූ ලක්ෂාන් පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති අතර ඔහු පිළිබඳ යම්කිසි හෝඩුවාවක් හෝ දන්නා කෙනෙක් ඇත්නම් රත්නපුර පොලිසියට දන්වන ලෙස රත්නපුර පොලීසිය ඉල්ලා සිටිනවා.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්