Feb
1

ජාතික ආර්ථිකයේ නැග්ම

 
1059 Views
   
 

දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ ඉහළම ආදායම් එක්රැස් කර ගැනීමේ ඉලක්කය මේ වසරේ (2022) එම දෙපාර්තමේන්තුවට ලැබී ඇත. මෙම ඉලක්කය සාර්ථකව ජය ගැනීමට දෙපාර්තමේන්තුවේ සියලු දෙනා සූදානම් වී සිටිති.

ශ්රී ලංකාවේ රාජ්ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස අඩු වීමේ ප්රවණතාවක් දක්නට ලැබෙන බව මුදල් ඇමැතිවරයා මෙවර අයවැය යෝජනා ඉදිරිපත් කිරීමේදී ප්රකාශ කරන ලදී. වසර 1950 – 1999 අතර කාලයේදී සියයට 21.9ක් වූ ආදායම වසර 2000 – 2009 කාලයේ දී සියයට 16.3 දක්වා අඩු වී ඇති බව එහි සඳහන් විය. එය ක්රමිකව අඩු වී කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් වසර 2020 දී රාජ්ය ආදායම සියයට 9.2 දක්වා පහත වැටි ඇත.

ශ්රී ලංකාවට සාපේක්ෂව දකුණු ආසියානු රටවල සහ ආසියානු කලාපයේ රටවල ආදායම් ලැබීම් ඉහළ අගයක් ගනු ලැබේ. සමහර නැගී එන ආර්ථිකයන් සහිත රටවල (Emerging Economies) රාජ්ය ආදායම සියයට 25 කට වඩා ඉහළ අගයක පවත්වාගෙන යනු ලබයි. ශ්රී ලංකාවේ ද මේ අන්දමට රාජ්ය ආදායම ඉතා ඉහළ අගයක් ගැනීම කෙරෙහි සිදුකළ යුතු කාර්යයන් කුමක් දැයි පැහැදිලි අවබෝධයක් අප විසින් ඇති කළ යුතුය. ශ්රී ලංකාවේ රාජ්ය ආදායම වසරින් වසර අඩු වූව ද රජයේ වියදම් කොවිඩ් වසංගත තත්ත්වය ඇතුළු කරුණු කාරණා කිහිපයක් නිසා ඉහළ ගොස් තිබේ. රජයේ පොලී ගෙවීම් රාජ්ය ආදායම් ප්රතිශතයක් වශයෙන් 2020 දී සියයට 71.4ක් විය.

වැටුප් ගෙවීම් රාජ්ය ආදායම් ප්රතිශතයක් ලෙස 2020දී සියයට 57.8ක් විය. පුනරාවර්තන වියදම් 2020දී රුපියල් බිලියන 2548ක් දක්වා වැඩි විය. රාජ්ය ආදායම් එදිනෙදා වියදම් වන පුනරාවර්තන වියදම් පිරිමසා ගත නොහැකි මට්ටමකට පත් වී ඇත. මෙවැනි පසුබිමක් යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉතිහාසයේ ඉහළම ආදායම් එක්රැස් කර ගැනීමේ ඉලක්කය දී තිබේ. ඒ පිළිබඳව අවධානය යොමු කල යුතුය. වසර 2020 දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 907.8ක මුදලක් සෘජුවම එක්රැස් කර ගත යුතුය. ඊට අමතරව දෙපාර්තමේන්තුවට පරිබාහිරව රේගු දෙපාර්තමේන්තුව විසින් වරායේදී අය කරනු ලබන එකතු කළ අගය මත බද්ද (VAT) ලෙස රුපියල් බිලියන 160ක් අවසානයේ දෙපාර්තමේන්තුව වෙත ලබා ගැනීමට පියවර ගත යුතුය.

මේ අන්දමට ඇස්තමේන්තු කර ඇති පරිදි රුපියල් බිලියන 907.8ක මුදල සහ රුපියල් බිලියන 160ක මුදල එකතු වූ විට රුපියල් බිලියන 1067.8ක ඉහළම ආදායම් ඉලක්කය සමන්විත වේ. වසර 2022 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් ඇමැතිවරයා දෙපාර්තමේන්තුවට නව ආදායම් උත්පාදන යෝජනා තුනක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව වසර 2020 – 2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2000කට වඩා බදු අය කළ හැකි ආදායමක් උපයන තැනැත්තන්ගෙන් හෝ සමාගම් මත එක්වරක් අයකරන සියයට 25ක අධිභාර (Tax Surcharge) බද්දක් යෝජනා කළේය. මින් රුපියල් බිලියන 100ක පමණ ආදායමක් අපේක්ෂා කෙරේ. මෙරට සුපිරිම පිරිසගෙන් අයකරන මෙම බද්ද ගෙවීම සඳහා සුදුසුකම් ලබනුයේ සියයකටත් වඩා අඩු පිරිසක් වේ.

අයවැයෙන් යෝජනා කළ දෙවැන්න වනුයේ බැංකු හා මූල්ය ආයතන විසින් මූල්ය සේවා සැපයීම සම්බන්ධයෙන් වන අගය මත එකතු කළ බද්ද (VAT) සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමය. මෙමගින් රුපියල් බිලියන 14ක ආදායමක් බලාපොරොත්තු වේ. කොවිඩ් වසංගතය හේතුවෙන් බලපෑමට ලක් වූ ශ්රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් සමාජ සංරක්ෂණ දායක මුදලක් (Social Security Contribution) අය කිරීමට යෝජනා කෙරිණි. වසරකට රුපියල් මිලියන 120 ඉක්මවන පිරිවැටුමට යටත්ව සියයට 2.5ක අනුපාතයක් යටතේ මෙම මුදල ගොඩනැගේ. මෙමගින් රුපියල් බිලියන 140ක ආදායමක් බලාපොරොත්තු වේ.

මේ අන්දමට මෙවර අයවැයෙන් යෝජනා කළ ආදායම් එක්රැස් කර ගැනීමේ ප්රධානම යෝජනා තුනකින් රුපියල් බිලියන 254ක මුදලක් එක්රැස් කරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ක්රියා කළ යුතුය. ඒ අනුව පළමු යෝජනාව වන එක්වරක් අය කරන සියයට 25ක අධිහාර බද්ද මේ වසරේ ජනවාරි 01 වෙනිදා සිට ක්රියාත්මක අතර, බදු අයකිරීම මාර්තු 31 වෙනිදා සිදු කෙරේ. රටේ බදු පරිපාලනය සරල කිරීමට ද එහි කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට ද රජය විසින් වසර 2021 අයවැය පටන් විවිධ පියවර ගණනාවක් ගෙන ඇත. වැඩපිළිවෙළ ගණනාවක් ක්රියාත්මක කොට ඇත. එහිම දිගුවක් ලෙස 2022 අයවැයේදී ද නව යෝජනා ගෙනැවිත් ඇත.

මෙපමණක් නොව ආදායම් එකතු කරන ආයතනවල ඩිජිටල් ආදායම් එකතු කිරීමේ පද්ධති වැඩි දියුණු කිරීමට යෝජනා කොට ඇත. ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) පවතින අඩුපාඩු හා දුර්වලතා ඉවත් කරමින් වඩාත් කාර්යක්ෂම කිරීමට යෝජනා කොට ඇත. මෙම සෑම ක්රියාමාර්ගයක් හරහාම රජය බලාපොරොත්තු වනුයේ ඉහළ රාජ්ය ආදායමක් උපයා ගැනීමය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්