Jun
21

25න් කසාද බඳින්න හිටපු කාවින්ද්‍යා 25 වෙනි උපන්දිනය සැමරූ හැටි

 
2954 Views
   
 

කාවින්ද්‍යා අධිකාරි කිව්වම හැමෝම ඇයව දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒ වගේම ඇය ප්‍රවීණ ගායන ශිල්පිනියක් වන සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණියයි.

ඒ් විතරක් නෙවෙයි, රංගන ශිල්පිනියක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්තූ චරිතයක්.

කාවින්ද්‍යා නිතරම වගේ සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙන වෙනවා. ඒ් වාගේම ඇය තුළ ටැටු කලාව ගැනත් තියෙන්නේ පුදුමාකාර උනන්දුවක්.

ඇය මේ වනවිට ටැටු 09 කින් සිය සිරුර අලංකාරවත් කරගෙන තිබෙනවා.

ඉතිං ඇයගේ 25 වන උපන්දිනය ඊයේ (20) දිනයට යෙදි තිබුණා. ඒ සඳහා ලැබුණ කේක් එකෙහි ඡායාරූපයක් ද ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමට එක කළා.

මේ අතර මීට පෙර කාවින්ද්‍යා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, තම විවාහය ගැන මෙලෙස අදහස් පළ කර සිටියා…

“ඉස්සර නම් අවුරුදු 25 න් බඳින්න ඕනෑ කියලා තීරණයක් තිබුණා. මගේ අම්මාට මාව ලැබෙන්නේ අවුරුදු 23 න්. මගේ අම්මගෙයි මගෙයි සම්බන්ධය ගැන හරිම ආඩම්බරයි. ඉතිං මටත් ඉස්සර ඉස්කෝලෙ යන කාලේ ඉඳන් ඕනෑ වුණා අවුරුදු 25 න් බැඳලා ලස්සන පවුලක් එක්ක ජීවිතය ගත කරන්න. නමුත් දැන්නම් එහෙම ලොකු අදහසක් නැහැ. ඉදිරියට මොනවිදිහේ දෙයක් වෙයිද දන්නේ නැහැ. දෛවය තමයි සියල්ල තීරණය කරන්නේ…”

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්