Jul
7

පළමු ටෙලි කතාවෙන්ම ඉතා ජනප්‍රිය වු සුරූපී චණ්ඩි කෙල්ල දිලුෂි හංසිකා

 
6985 Views
   
 

දෙරණ නාලිකාවේ විකාශනය වන ධරණි ටෙලිකතාව බලන අයනම් දන්නවා මේ කවුද කියලා. ඉතින් මේ සුරූපී දඟකාර කටකාර ඇය තමයි විනුලි. ඉතින් කතාවේ හැටියටනම් විනුලි කියන්නේ තරුමිනීගේ නංගි. ඉතින් ඒ වගේම චන්ඩි කෙල්ලෙක්ගෙ චරිතයක් කරන මේ සුන්දර රංගන ශිල්පිනියගේ නම තමයි දිලුෂි හංසිකා. ඉතින් මේ දිලුෂි ඉපදෙන්නේ කටුබැද්ද ප්‍රදේශයේ. දෙහිවල ශුද්ද වූ පවුලේ කන්‍යාරාමයෙන් අධ්‍යාපනය හදාරපු ඇය දැන්නම් කලණි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයාවක්ද වනවා. ඉතින් ඒ වගේම 2020 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේදී තුන්වෙනිස්ථානය දිනාගනු ලබන්නේද මේ සුරූපී විනුලි තමයි.

ඉතින් ඇය කියන විදිහටනම් ඇය රංගනයට කැමැත්තක් දක්වලා නැහැ. ඒත් මේ තරඟයට ඇයට ඉදිරිපත් වෙන්න කියලා කියලා තියෙන්නෙත් ඇයගේ පවුලේ අය සහ යහළුවෝ කියලයි ඇයනම් කියන්නේ. ඉතින් කොහොමෙන් කොහොම හරි මේ සුරූපී නිළිය අද වන විට අපේ රටේ ඉන්න තවත් දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට දැනටමත් පත්වෙලා හමාරයි. ඉතින් මේ දිලුෂි කියන විදිහටනම් තමා ඇත්ත ජීවිතේදී පවා විනුලිගේ චරිතයට සමාන අතර සැබෑ ජීවිතයේදීත් ටිකක් නපුරු කෙනෙක් කියලයි ඇය කියන්නේ. ඉතින් ධරණි කියන්නේ ඇයගේ පළමු ටෙලි කතාව නිසා ගොඩක් කැපවීමෙන් ඉගෙනගැනීම් ගොඩක් එක්ක තමයි ඇයට මේ ටෙලිකතාවට දායක වෙන්න වෙලා තියෙන්නේ කියලා තමයි අපිට ආරංචි. ඉතින් ඒ වගේම තමයි මේ සුරූපී රංගන ශිල්පිනිය මේ වනවිට කැලණිය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යවක්ද වනවා.

ඉතින් ඇය කියන විදිහටනම් ඉදිරියේදී තමාගේ අධ්‍යාපන කටයුතු සඳහා ටිකක් කාර්යබහුල වන අතර තමාගේ අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යාම අනාගත සිහිනය බවත් ඉදිරියේදී තමන්ට ලැබෙන හොඳ නිර්මාණ පමණක් තෝරා බේරා ගෙන මේ කළා ක්ෂේත්‍රයේද නියැලෙනවා කියන එක තමයි මේ සුරූපී දිලුෂිගේ අනාගත බලාපොරොත්තුව. ඉතින් මේ අපූරු නවක රංගන ශිල්පිනියගේ සුන්දර ජීවිතයේ ලස්සන ඡායාරූප පෙළක් අපි අද ඔබ වෙත ගෙන ආවා. ඉතින් මේ දිලුෂිට ඇයගේ අධ්‍යාපනය මෙන්ම කළා ගමනත් සාර්ථකව කරගෙන යන්න සුබ පැතුම් එක්කරන ගමන් ඇයගේ ආදරණීය ඡායාරූප පෙළත් ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්