Feb
19

” ඔබේ කරුණාව සහ ආදරේ තමයි බබා මාව ඉදිරියට ගෙනියන්නේ” සුදු ජාතික තරුණයෙකු බැන්ද සසන්ති ජයසේකර

 
7504 Views
   
 

ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්වෙමින් පුංචි තිරය, රිදී තිරය ඔස්සේ නිර්මාණ රාශියක් මෙරට ජනයාට ලබාදුන්නු දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සසන්ති ජයසේකර කියල කියන්නේ. කොහොම නමුත් අතීතයේදී රංගන ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ඇයව අපට වර්තමානයේ නව නිර්මාණ තුළින්නම් දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඊට හේතුව වෙන්නේ ඇය විදෙස් රටක පදිංචියට යාමයි

කෙසේවෙතත් ඇය විදෙස් ගතවීමට තීරණය කරන්නේ ඇගේ පෞද්ගලික ජීවිතයේ සිදුවුණු යම් යම් කරුණු කාරණා හේතු කරගෙනයි. එලෙස විදෙස් ගතවීමට තීරණය කරන ඇය ඇගේ පුංචි පුතු සමගින් එංගලන්තය බලා යනවා. ඉතින් එලෙස විදෙස් ගතවන ඇය පසුව එංගලන්ත ජාතිකයෙකු සමගින් විවාහවෙනවා. ඉතින් මේ විදිහට විවාහවන ඇය මේවෙද්දී එංගලන්තයේ තමයි ජීවත් වෙන්නේ. කොහොම නමුත් පසුගිය කාලයේ ඇය මුහුණ දුන්නු සංවේදී සිද්ධියක් පිළිබඳ අපට සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබුණා

ඒ සසන්තිගේ එක කුස උපන් සහෝදරයා ජීවිතක්ෂයට පත්වීම පිළිබඳ සංවේදී වාර්තාවන් කිහිපයකි. ඇත්තෙන්ම සිය සහෝදරයාගේ වියෝව ඇයව කම්පනයට පත් කළ සංවේදී සිද්ධියක් බවට පත්වුණා. ඇත්තෙන්ම ඇය වරින් වර සිය සහෝදරයා වෙනුවෙන් ශෝකය පළකළ ආකාරය අපට සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබුණා. කොහොම නමුත් සිය සහෝදරයාගේ වියෝවෙන් කම්පනයට පත්වෙලා සිටින සසන්ති සම්පූර්ණයෙන් මිදිලා නැහැ

ඒ කොහොම උනත් පසුගිය වැලන්ටයින් දවසේ දී සසන්ති කටයුතු කර තිබුනේ සිය සැමියාත් සමගින් පැරිස් නගරයට යාමටයි. ඉතින් ඇය මේ සංචාරය අතරතුර ලබාගත් සුන්දර ජායාරූප පෙළකුත් සිය සමාජ ජාලා මාධ්‍යට එක්කර තිබෙන ආකාරය අපට දැකගන්නට ලැබුණා. ඒ විතරක් නෙවෙයි ඇය සිය ආදරණීය සැමියා වෙනුවෙන් අපූරු සටහනකුත් ඇගේ සමාජ ජාලා මාධ්‍ය ගිනුම්වලට එක්කර තිබුණා. එලෙස සටහනක් එක්කරමින් ඇය කියල තිබුනේ මෙහෙම කතාවකුයි

” අපේ දහවැනි වැලන්ටයින් එක මේ පාර පැරිස් වලදී මගේ ලස්සනම මිනිසා ඉදිරියේ. මගේ ජීවිතේ පහත වැටීම් හුඟක් තිබුනා. ඒ හැම මොහොතකම ඔබ මා සමීපයෙන් හිටියා. දැන් මාස හතකට කිට්ටුයි. (මල්ලි ගේ වියෝව) ඔයා ගොඩක් ආදරෙන් මගේ කඳුලු පිස දැම්මා. කවදාවත් මගේ හිත රිද්දුවේ නෑ. මම ආයෙමත් මම වෙන්නේ කවදද කියන්න මම දන්නෑ. මම හැමදාම නැගිනකොට මගේ කොටසත් අතුරුදහන් වෙලා වගේ මට දැනෙනවා. මේ මොහොත වෙනකම් ඔයා මට ආදරේ කරන්නෙ මම කවුද කියලා දැනගෙන. ඉතින් සෑම දිනයක්ම මට හැඟෙන්නේ ආදරවන්තයන්ගේ දිනක් කියලා. ඔබේ කරුණාව සහ ආදරේ තමයි බබා මාව ඉදිරියට ගෙනියන්නේ. ලෝකවාසී සැමට සුභ වැලන්ටයින් දිනයක් ” යනුවෙනුයි

කොහොමහරි ඉතින් අපේ කලා ක්ෂේත්‍රය තුළ කාලයක් අතිශය ජනප්‍රියත්වයට පත් ඇය නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇගේ තොරතුරු යාවත්කාලීන කරන්නට කටයුතු කරන අවස්ථාවන් බොහෝමයක් තිබෙනවා. කොහොම උනත් මේවෙනකොට එංගලන්තයේ දිවිගෙවන ඇයට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර්ථක වේවා කියල අපිත් ඇයට සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්