Mar
5

ජනප්‍රිය ගායිකා නදිනී ප්‍රේමදාස සිය මවගේ උපන්දිනය සමරමින් මුහුණු පොතට එක්කළ ආදරණීය සටහන

 
3909 Views
   
 

මෙරට ගායන ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් සුන්දර ගායන ශිල්පිනියක් තමයි නදිනි ප්‍රේමදාස කියල කියන්නේ. කොහොම නමුත් රූමත් ගායන ශිල්පිනියක වන ඇයව අපට වර්තමානයේ නිවේදිකාව ලෙසත් දැකගන්නට ලැබෙනවා. ඒ හිරු ටීවී ආයතනය සමඟ සම්බන්ධ වෙලා වින්දනීය උදෑසන කියන වැඩ සටහන ඔස්සේයි. කොහොම වෙතත් නදිනි මේවෙද්දී විවාහකයි. ඇය විවාහවෙන්නේ මධුර අබේසිංහ කියන ව්‍යාපාරිකයෙකු සමගිනුයි

ඒ කොහොම උනත් නදිනි කියල කියන්නේ මේවෙද්දී දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්. ඇයව පසුගිය දිනවල වේදිකාවේ අප හට දකින්නට නොලැබුණේ දරුවන් දෙදෙනා සමඟ කාර්යබහුල වූ නිසාවෙන් කියලයි ඇය පුවත්පතකට කියල තිබුනේ කෙසේවෙතත් මෙරට ගායන තරගාවලියක සුවිශේෂ ජයක්ග්‍රහනයක් හිමිකර ගන්නා ඇය සමාජ ජාලා මාධ්‍ය තුළත් ඉතාමත් ජනප්‍රියයි

කොහොම නමුත් මේ සුරූපී ගායන ශිල්පිනිය පහුගිය දවසක ඇගේ සමාජ ජාලා මාධ්‍ය ගිනුමට ජායාරූපයක් සමගින් ආදරණීය සටහනක් එකතු කරල තිබුණා. ඇත්තෙන්ම ඇය මේ විදිහට ආදරණීය සටහනක් සහ ජායාරූපයක් එක් කිරීමට ප්‍රධාන හේතුව වෙන්නේ ඇගේ මවගේ උපන්දිනයයි. ඉතින් ඇය සිය මවගේ උපන්දිනයට සුභපැතුම් එකතු කරමින් තමයි ඇය මේ විදිහට මුහුණු පොතට සටහනක් එක්කර තිබුනේ. එලෙස සටහනක් එක්කළ ඇය කියල තිබුනේ මෙහෙම කතාවකුයි

” සුබ 70 වෙනි උපන්දිනක් ආදර අම්මා..! කිසිම වෙනසක් නැතුව අම්මගෙම දුවකට වගේම මට හැමදාමත් ආදරෙන් මේ අවුරුදු 11හේම එක වගේ ආදරේ දුන්නා.”

කෙසේවෙතත් පහුගිය කාලයේ අපට නිරන්තරයෙන් නව නිර්මාණ තුළින් දැකගන්නට ලැබුණු මේ ජනප්‍රිය ගායිකාව වර්තමානයේදීනම් වැඩිය නිර්මාණ ඔස්සේ දැකගන්නට ලැබෙන්නේ නැහැ. නමුත් එදා ගීත නිර්මාණ තුළින් ඇය මෙරට හිමිකර ගත් ඒ ජනප්‍රියත්වය අදටත් එලෙසින්ම පවතිනවා. ඒ බව නොරහසක්

ඒ කොහොම උනත් ඇය මේවෙද්දී මවක්, දියනියක්, කලාකාරිනියක් හැටියට සියලු යුතුකම් ඉටු කරමින් ඇගේ පෞද්ගලික ජීවිතය වගේම කලා ජීවිතයත් සාර්ථක ලෙසින් පවත්වාගෙන යනවා. ඉතින් මේ විදිහට සිය උපන්දිනය සමරන නදිනී ප්‍රේමදාසගේ මවට අපිත් සුභපැතුම් එකතු කරනවා. ඒ වගේම නදිනිගේ කලා කටයුතු වලට වගේ ම පෞද්ගලික ජීවිතයේද සියලු බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්