Nov
6

“වසන්තය උදා වෙනවා සත්තයි”

 
551 Views
   
 

වසර දෙකකට පසුව ස්විට්සර්ලන්තයේ ස්විස් සිට මගී ගුවන් යානයක් ඊයේ (05) කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත. මෙලෙස පැමිණ ඇත්තේ ස්විස් ජාත්යන්තර ගුවන් සේවාවට අනුබද්ධ “ඒඩ්ල් වයිඩ් ” ගුවන් සේවයට අයත් WK 64 දරණ ගුවන් යානයයි.

ඉන් විදේශිකයන් 92 දෙදෙනකු දිවයිනට පැමිණි බව වාර්තා වේ. ශ්රී ලංකව යනු සංචාරක ව්යාපාරය හා බද්ධ වූ රටකි. සංචාරක ව්යාපාරය තුළින් ලංකාවට වැඩිම ඩොලර් සංචිත ප්රමාණයක් ගෙන එන බව අප දන්නා කරුණකි.

නමුත් 2020 වර්ෂයේ සිට එය කඩා වැටුණේ ගෝලීය කොවිඩ් වසංගතයත් සමගය. විශේෂයෙන්ම ලෝකයේ හඳුනා ගත් රටවල් අතරින් හොඳම රට බවට ශ්රී ලංකාව පත්වූ අතර 2009 වර්ෂයේ යුධ ජයග්රහණයෙන් පසු සංචාරක කර්මාන්තය සාර්ථක වූ අතර 2019 පාස්කු ප්රහාරයෙන් පසු කොවිඩ් වසංගතය ද මෙය කඩා වැටීමට ඍජු බලපෑමක් එල්ල කලා.

නමුත් මේ වනවිට නැවත වතාවක් අපේ රටේ විශාල පීදීමක් දක්නට ඇත. විශේෂයෙන්ම එන්නත්කරණය සහ ගුවන් තොටුපොළේ ලැබුණු තත්ත්ව වාර්තා සමග ලංකාව මේ වනවිට විශාල වශයෙන් විදේශිකයන් තෝරා ගන්නා රටක් බවට පත්වී ඇත.

ඒ වාගේම ගුවන් සමාගම් තෝරා ගන්නා රටක් බවටද පතව ඇත. දැනට එමින් පවතින සංචාරයන්ගේ වැඩිවීමක් ඉදිරියේ දී බලාපොරොත්තු විය හැක. එයට ප්රධානම හේතුව ශ්රී ලංකාව තුළ ඇති විශ්වාසනීය සෞඛ්ය තත්ත්වයයි. අද වනවිට මුලු ලෝකයම විශ්වාස කරන සංචාරක ගමනාන්තයක් සහිත සුදුසුම රට ශ්රී ලංකාව බවට ලොවටම පසක් වී හමාරය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්