Nov
19

“උද්ඝෝෂණ කළා ම ඩොලර් පහළ වෙනවා නම් මමත් එකතු වෙනවා” – උදය ගම්මන්පිල

 
1088 Views
   
 

තෙල් පිරිපහදුව විවෘත කරනු, බොරතෙල් ගෙන එනු කියා තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති උද්ඝෝෂණයක් කරනවා මම දැක්කා. අපි බොරතෙල් ගෙන ඒම නතර කළේ රටේ පවතින විදේශ විනිමය සකසුරුවමින් පාවිච්චි කළ යුතු නිසා. උද්ඝෝෂණ කළා ම ඩොලර් පහළ වෙලා බොරතෙල් මිලදී ගන්න පුළුවන් නම් මමත් උද්ඝෝෂණයට එකතු වෙනවා, යැයි මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේ ද පැවසී ය.

“මොකද මටත් ඕනෑ බොරතෙල් ආනයනය කරලා හැකි ඉක්මනින් පිරිපහදුවේ වැඩ ආරම්භ කරන්න. උද්ඝෝෂණ කරලා විදේශ විනිමය උපයන්න පුළුවන් නම් මැදපෙරදිග රස්සාවල් කරන්න ගිහින් දුක් විඳලා ඩොලර් හම්බ කරනවාට වඩා ලංකාවේ උද්ඝෝෂණ කරලා ඩොලර් හම්බ කරන්න තිබුණා. නමුත් වෘත්තීය සමිති නොදන්නා ඇත්ත නම් උද්ඝෝෂණ කරලා ඩොලර් උපයන්න හැකියාවක් නෑ. බලශක්ති ඇමති විධියට මට ඩොලර් උපයන්න හැකියාවක් නෑ. තෙල් ආනයනය සඳහා මුදල් මට මහා භාණ්ඩාගාරයෙන් ලබාදිය යුතුයි. එහෙම නම් මටත් පුළුවන් “ඩොලර් දියව්” කියලා භාණ්ඩාගාරය ඉදිරියේ උද්ඝෝෂණ කරන්න. ඒ වෙනුවට මම කළේ භාණ්ඩාගාරයට ඩොලර් උපයාගන්න විකල්ප ක්‍රමවේද සකසා ගන්න උදවු කිරීම පමණයි.

ආයතනය රැකගැනීම සඳහා දුරදිග බලලා අපි තීන්දුවක් ගත්තාම ආයතනයට ආදරය කරන වෘත්තීය සමිතිවල වගකීම තමයි ඒ තීන්දුවලට සහාය දීම. ඒ තීන්දු වැරදි නම් කළ යුතු විකල්පය පෙන්වා දීම. එහෙම නොකර මෙවැනි බොළඳ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අනුගමනය කරපු රාජ්‍ය ආයතන ගණනාවක් වැහිලා ගියා කියන තිත්ත ඇත්ත මට වෘත්තීය සමිතිවලට සිහිපත් කරන්න වෙනවා. 

ලෝකයේ බලවත් රටවල් පවා බලශක්ති අර්බුදයකට මැදි වෙලා, අසරණ වෙලා ඉන්න වෙලාවක රටේ තෙල් නැති තෙල් ගන්න ඩොලර් නැති ගබඩා කරන්න ටැංකි නැති රටක් වෙලාත් තවමත් අපි අඛණ්ඩ තෙල් සැපයුමක් සහතික කර තිබීම ඇත්තෙන් ම හාස්කමක්. වෘත්තීය සමිති පමණක් නොවේ සමස්ත ජාතියම ඒ ගැන සතුටු වෙන්න ඕනෑ.

බොරතෙල් සඳහා ඩොලර් නැති නම් පිරිපහදු කළ තෙල්වලට ඩොලර් කොහෙන්දැයි විපක්ෂ නායකතුමා අපෙන් ප්‍රශ්න කරනවා. අට සමත් විශ්‍රාමික සේවකයකුගෙන් තොරතුරු ලබාගෙන කතා කරන්න ගියා ම මා මිත්‍ර විපක්ෂ නායකතුමා අමාරුවේ වැටෙන එක නවත්වන්න බෑ. අපේ පිරිපහදුව යල් පැන ගිය එකක් නිසා බොරතෙල් බැරල් එකකින් පෙට්‍රල් 14% සහ ඩීසල් 29%ක් වශයෙන් හැදෙන්නේ 43%යි. වෙනත් වචනවලින් කිව්වොත් පෙට්‍රල් සහ ඩීසල් බැරල් එකක් හදාගන්න බොරතෙල් බැරල් 2.32 අවශ්‍යයි. ඔක්තෝබර් මාසයේදී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 85යි. නමුත් ඩීසල් බැරලයක් ඩොලර් 93ක් වනවිට පෙට්රල් බැරලයක් ඩොලර් 95යි. එහෙම නම් අපට ඩීසල් සහ පෙට්රල් හැදෙන 14:29 අනුපාතයට ගත්තොත් පෙට්රල් – ඩීසල් බැරලයක මිල ඩොලර් 93.65යි. නමුත් පෙට්රල් – ඩීසල් බැරලයක් හදා ගැනීමට අවශ්‍ය බොරතෙල් බැරල් 2.32ක් මිලදී ගන්න ඩොලර් 197ක් අවශ්‍යයි. මේ නිසා තමයි සීමිත විදේශ විනිමය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා අපි බොරතෙල් ගෙන්වීම වෙනුවට ඍජුව ම පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කරන්න තීරණය කළේ.

අර රස්සාවට බොරු කියන විශ්‍රාමිකයා තවත් බොරු ගණනාවක් කිව්වා. පිරිපහදුව වැසීමෙන් තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය නැති වෙනවා ලු. දැනටත් තෙල් සංස්ථාවට ඒකාධිකාරියක් නෑ. එල්.අයි.ඕ.සී. සමාගමට තෙල් බෙදාහැරීමේ බලපත්‍රයක් ලබා දීලා තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය නැති කළේ ඔය බොරු කියන විශ්‍රාමිකයාගේ ආණ්ඩුව කාලයේ තමයි. ඒ වගේ ම පිරිපහදු පවත්වාගෙන යාම සඳහා තෙල් සංස්ථාවට ඒකාධිකාරයක් නෑ. ඕනෑ ම අයෙකුට ලංකාවට ඇවිත් කිසිම බලපත්‍රයක් ලබා නොගෙන තෙල් පිරිපහදුවක් ආරම්භ කරන්න නීතියේ ඉඩ තියෙනවා. මම තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට පැමිණෙන නව ආයෝජකයෙක්. ඒ සඳහා බලපත්‍රයක් ලබාගත යුතු බවට තෙල් සංස්ථා පනත සංශෝධනය කිරීමට උත්සාහ කළ විට ඒකට විරුද්ධ වුණෙත් ඔය වෘත්තීය සමිති තමයි.

ඒ වගේ ම අධික වර්ෂාව නිසා විදුලිබල මණ්ඩලය අපෙන් දැවිතෙල් මිලදී ගන්නේ නෑ. දැනටත් අපි සීමිත ඩොලර් වැය කරලා ගෙනාපු බොරතෙල්වලින් නිෂ්පාදනය කළ දැවිතෙල් ටොන් 13,500ක් පාවිච්චි නොකර ගබඩා කරලා තිබෙනවා. ඒ නිසා බොරතෙල් ආනයනය නතර කිරීමෙන් විදුලි කප්පාදුවක් ඇති වන බව තවත් බොරුවක්. ඒ වගේම පිරිපහදුවේ ධාරිතාව නිෂ්පාදනය වන නිෂ්පාදිත අනුපාත සියල්ලම වැරදියි.

ඒ වගේ ම., තව චෝදනාවක් නඟනවා හදිසි මිලදී ගැනීම් කරලා කොමිස් ගහන්න තමයි මේ බොරතෙල් ගේන එක නතර කළේ කියලා. ඉහළ මිලකට මිලදී අරන් කොමිස් ගහන්න කවුරුහරි කොමිස් ගහන නිලධාරියෙක් ඉන්නවා නම් බොරතෙල් ගහද්දිත් කොමිස් ගහන්න පුළුවන්. පෙට්‍රල් හා ඩීසල් ආනයනය කිරීමේදිත් කොමිස් ගහන්න පුළුවන්. මොකද එක භාණ්ඩෙකින් විතරක් කොමිස් ගහන හොරු ඉන්නෙ නෑනෙ. අනිත් පැත්තට ඉහළ මිලකට ගන්නවා කියනවා. හදිසි මිල දී ගැනීම් කරලා ඔබට මතක ඇති මම පිරිපහදුව වහන්න වෙන බව කිව්වේ සැප්තැම්බර් මාසේ 29. අපි ඒකට සූදානම් වුණා. ඒ නිසා අපි හදිසි මිලදී ගැනීම්වලට යන්නෙ නෑ. පෙට්රල් සහ ඩීසල් මිලදී ගන්න අවශ්‍ය දිගුකාලීන ගිවිසුම් දැනටමත් සකස් කරලා ඉවරයි. ඒ නිසා මේ පිරිපහදුව වැහුවායි කියලා වහල ඉවර වෙලා කොහෙන් ද ගන්න කියන එක කල්පනා කරන්න නෙවෙයි අපි කටයුතු කරලා තියෙන්නෙ. අපි ඒවා කලින් සැලසුම් කරලා තියෙන නිසා අපිට හදිසි මිල දී ගැනීම්වලට යාමේ අවශ්‍යතාවක් මතුවන්නේ නැහැ. ඒ වගේ ම මම මේ බොරු චෝදනාවලින් දමලා ගහන අයට කියනවා අපි මිල දී ගන්න මිලට වඩා අඩු මිලට පෙට්‍රල් සහ ඩීසල් ලබාදීමට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් කරන්න. ඒ පුද්ගලයාගෙන් මිල දී ගන්න අපි සූදානම්. ඒ විතරක් නෙවෙයි කවුරුහරි අපේ නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් කොමිස් ගන්නවයි කියලා ඔප්පු කරන්න සාක්ෂි සහිතව. අපි අනිවාර්යයෙන් ඒ නිලධාරියාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානම්.

37%ම හැදෙන්නේ දැවි තෙල් සහ නැප්තා. මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා විදුලිබල මණ්ඩලය ඒවා අපෙන් මිලදී ගන්නේ නැහැ. විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා අපේ ටැංකිවල ඒවා එකතු කරගෙන ඉන්නවා. අපේ කට්ටියට සිමෙන්ති ගේන්න ඩොලර් නැහැ. ගෑස් ගේන්න ඩොලර් නැහැ. කිරිපිටි ගේන්නත් ඩොලර් නැහැ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙනැල්ලා නැව් වරායේ නවත්වාගෙන ඉන්නවා. බඩු බාන්න විදිහක් නෑ. ඩොලර් ගෙවල නැහැ. එවැනි පසුබිමක අපිත් ටැංකිවල ගබඩා කරගෙන ඉන්න දැවි තෙල් සහ නැප්තා හදන්න අපි සීමිත ඩොලර් ප්‍රමාණය යට කළ යුතු ද?

මේ වෙලාවේ තියෙන්නේ ඩොලර් ඉතිරියක්. බොර තෙල් පිරිපහදු කළහ ම දළ වශයෙන් අපට රුපියල් පහක වගේ ලාභයක් තියෙනවා. අපේ ආනයන භාණ්ඩවලට දාලා තියෙන බද්ද පිරිපහදු කරපු තෙල්වලට අඩු නිසා රුපියල් 15ක වගේ ලාභයක් තියෙනවා. ඒ ලාභය තියෙන්නේ රුපියල්වලින්. නමුත් පෙට්‍රල් සහ ඩීසල් ඍජුව ගෙනාවොත් අපට යන්නේ ඩොලර් 93.65යි. එක බැරලයකට. හැබැයි ඒ ප්‍රමාණය නිෂ්පාදනය කිරීම සඳහා රට තුළට බොරතෙල් ගෙන ඒමට අපට වැයවනවා ඩොලර් 197ක්. දෙගුණයකටත් වැඩියි. ඒ නිසා ඩොලර් කළමනාකරණයේදී බොරතෙල් ආනයනයට වඩා ඍජුව පෙට්රල් සහ ඩීසල් ආනයනය කිරීම ලාභයි. විශේෂයෙන් ම මේ මොහොතේ දැවි තෙල් සහ නැප්තා අපි භාවිතයට නොගන්නා නිසා.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්