
ගුරුවරුන්ගෙ බෙල්ල කපල මරපු කට්ටිය කියන දේ අහන්න එපා, අවුරුදු 24 වගේ දීර්ඝ කාලයක් තියෙන ප්‍රශ්ණෙකට කොරෝනා වගේ වසංගතයක් ඇතුලෙ උත්තර හොයන්න එපා, යුද්දෙ කාලෙදි ත්‍ර ස්තයන් වෙනුවෙන් නඩු කියපු උදවිය කියන එක අහන්නත් එපා, අවුරුදු එක හමාරක් වගේ කාලයක් ඉස්කෝලෙ නොගිය අපෙන් ඈත් වෙන්න එපා
අපි හැමදාමත් ටීචර්ගේ ලමයි කියල අමතක කරන්න එපා, හැමදාම බලන් හිටිය වගේ ටීචර් එයි කියලා අපිත් අපේ අමිමලා තාත්තලාත් මග බලාගෙන ඉන්නවා කියන එකත් අමතක කරන්න එපා, අපි හැමදාමත් ටීචර්ගෙ දරුවො කියල ආපහු ඉස්කෝලෙට එන්න