Dec
8

ආන්දෝලනාත්මක පොහොර නැව නොකියාම මෙරට මුහුදු සීමාවෙන් ඉවතට ගිහින්

 
1176 Views
   
 

අහිතකර බැක්ටීරියා වර්ග අන්තර්ගත බව පැවසූ කාබනික පොහොර අඩංගු චීන නෞකාව ශ්රී ලංකා මුහුදු සීමාවෙන් ඉවත්ව ගිය බව එම නෞකාවේ නිලධාරීන් ශ්රී ලංකා රජයට දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (08) අභියාචනාධිකරණය හමුවේ පැවසීය. 

මෙරටට කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්රය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ රිට් පෙත්සම සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්යෙෂ්ඨ රජයේ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා එම දැනුම් දීම කළේ ය. 

සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය. 

නෞකා ගමනාගමනය නිරීක්ෂණය කරන වෙබ් අඩවි නිරීක්ෂණය කිරීමේදී Hippo Spirit නෞකාව මේ වන විට මැලේසියාව ආසන්න මුහුදේ යාත්රා කරමින් පවතින බව දක්නට ලැබේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්