Jan
26

හොලිවුඩ් නළුවාගෙන් ලංකාව ගැන දුක හිතෙන කතාවක්

 
930 Views
   
A sad story about Sri Lanka from a Hollywood actor  

ශ්‍රී ලංකාවේ වනඅලි මුහුණදී ඇති අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මධ්‍යයේ පළවූ වාර්තාවක් ට්විටර් පණිවුඩයක් ලෙස පළ කිරීමට ලොව ජනාදරයට පත්වූ හොලිවුඩ් නළුවෙක් කටයුතු කර තිබේ.

ඒ සුපිරි නළු, ලියෝනාර්ඩෝ ඩිකැප්‍රියෝ විසිනි.

එම ලිපියෙන් දැක්වෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ පල්ලක්කාඩු ප්‍රදේශයේ වගුරු බිමක් පිරවීම සිදුකරන බවත් එම ස්ථානයට වනඅලි නිතර පැමිණෙන බවත් ය.

එහිදී එම ස්ථානයේ ගොඩගැසී ඇති ප්ලාස්ටික් ආහාරයට ගැනීමෙන් වනඅලි දෙදෙනෙක් පසුගිය සතියේ මියගොස් ඇති බව එම වාර්තාවේ දැක්වෙයි.

එම වාර්තාවේ දැක්වෙන්න පල්ලක්කාඩු ප්‍රදේශයේ බැහැර කළ කසළ ආහාරයට ගැනීම හේතුවෙන් පසුගිය වසර 08 තුළ වනඅලියන් 20ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

පරිසරවේදීන් සහ පශු වෛද්‍යවරුන් පවසන්නේ මියගොස් සිටි සතුන්ගේ සිරුරු තුළ නොදිරන ප්ලාස්ටික් විශාල වශයෙන් හමුවී ඇති බවය.

එසේම අසල පිහිටි අශ්රොෆ් නගර්  ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම ස්ථානයේ කසළ ආහාරයට ගැනීමට පැමිණෙන සද්ධන්තයින් තම ගමට නිතර පැමිණෙන බවත් එම සතුන්ගෙන් ආරක්ෂාවීම සඳහා තමන් විසින්ම පෞද්ගලික විදුලි වැටවල් නිවාස වටා සවිකරගෙන ඇති බවත් ය.

එම ට්විටර් සටහන පහතින්.

 

https://t.co/pA9nxqLM6W

— Leonardo DiCaprio (@LeoDiCaprio) January 25, 2022

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්