Jun
2

චන්දිමාල්ගේ පාටියට ගිය තවත් 7 ක් කොටු – ඡායාරූප / වීඩියෝ

 
1637 Views
   
 

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී මාර්ග නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් නිරූපණ උපදේශක චන්දිමාල් ජයසිංහගේ රියදුරු සහ වාහනය අද දිනයේදී පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත්කර තිබෙනවා.

 

කෙසේවෙතත් රියදුරු විසින් වරද පිළිගැනීම හේතුවෙන් අධිකරණය ඔහුට රුපියල් 12500ක දඩමුදලක් නියම කල බවයි පොලීසිය සදහන් කළේ. සංචරණ සීමා පණවා තිබියදී කොළඹ සුපිරි හෝටලයක උපන්දින සාදයක් සංවිධානය කිරීමේ චෝදනා මත චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන අය පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

 

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා පිටව යන අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පිහිටි පදික මාරුව මතයි මෙම මාර්ග නීති උල්ලංඝණය වීම සිදුව තිබුණේ .

මේ අතර මෙම උපන්දින සාදයට සහභාගී වූ තවත් පුද්ගලයින් 07 දෙනෙක් අද දිනයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උපන් දින සාදයට නිරෝධායන සහ සංචරණ නීති උල්ලංඝනය කරමින් සහභාගී වී සිටී පිරිස අතර දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක සිටින බවයි වාර්තා වන්නේ. භාගේශ්වරී මධුෂිකා ගුණසේකර වන ඇය සමගි ජන බලවේගය නියෝජනය කරන්නියක්. මෙම උපන් දින සාදයට මන්ත්‍රීවරියගේ ස්වාමිපුරුෂයා වන චමල් සුශාන්ත ගුණසේකර ද සහභාගි වී තිබෙනවා.

මෙම සාදයට එක්වූ තවත් හය දෙනකු ඊයේ අත් අඩංගුවට ගත් අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය සිය අනන්‍යතාවය හෙළි වීම වළක්වා ගැනීම සඳහා කොටුව පොලිසියට මධුෂිකා ගුණසේකර ලෙස සිය නම ලබා දී තිබෙනවා. ඇයගේ සැමියා නම ප්‍රකාශ කර ඇත්තේ චමල් සුශාන්ත ලෙසයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා විසින් නිකුත් කළ නිවේදනය සහ අදාළ නාම ලේඛනය පහතින්.

 

source-newday.lk
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්