Mar
11

” ජොබ් එකක් නොකර ගෙදර දොර ළමයි බලාගෙන ඉන්නවනම් මිනිහාගෙන් කාකා බිබී ඔහේ ඉන්නවා කියයි” ජනප්‍රිය නිළි සෙනාලි ෆොන්සේකා

 
608 Views
   
 

සොනාලි ෆොන්සේකා කියල කියන්නේ වර්තමානයේ මෙරට ජනයා අතර අතිශය ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනියක්. මේවෙද්දී ලංකාවේ ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වන නාඩ්ගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ” සුදු චූටී ” කියන චරිතයට ඇය සිය රංගන දායකත්වය ලබාදෙන අතර ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන තිබෙනවා. ඒ බව නොරහසක්. කොහොම නමුත් මේවෙනකොට අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ඇය හෙළ නිලි රැජින වන මාලනී ෆොන්සේකා මහත්මිය සොනාලිගේ නැන්දනිය වන බව අපි කවුරුත් දන්න කරුණක්

ඉතින් සෙනාලිටත් මේ විදිහට රංගන හැකියාව පිහිටීම අරුමයක් නෙවෙයි. කොහොම නමුත් පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේ ද දස්කම් පෙන්වන අති දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය සිය පවුලේ එකම දරුවායි. ඒ කොහොම වෙතත් අද අපි කතාබහ කරන්න සූදානම් වෙන්නේ මේ දිනවල ජනප්‍රියත්වයට පත් සෙනාලි ෆොන්සේකා කියන මේ චරිතය සමගිනුයි

 

සෙනාලි ඔබ මේවෙනකොට අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් ඔබ කලාවට පිවිසෙන්නේ කොතනින්ද ?

මම මුලින්ම කලාවට එන්නේ සිනමාව හරහා. ඉන් අනතුරුව තමයි මම පුංචි තිරයට සම්බන්ධ වෙන්නේ. මම මුලින්ම පුංචි තිරයේ රඟපාන්නේ හාර කෝටිය ටෙලි නාට්‍යය. කොහොම වුණත් මේ දිනවල බොහෝ දෙනෙක් කතා කරන්නේ නාඩම්කාරයෝ ටෙලි නාට්‍ය ගැන තමයි

ඇත්තටම ඔබ රඟපාන්නේ චරිත තෝරා බේරාගෙනද ?

මට හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් මම ඒ චරිතය ප්‍රධාන චරිතයක් ද සුළු චරිතයක් ද කියලා සලකන්නෙ නැහැ. මම අනිවාර්යෙන්ම ඒ නිර්මාණයට සම්බන්ධ වෙනවා. හැබැයි මම කරන්නේ මට ගැළපෙන චරිත විතරයි. කොහොමත් මම ප්‍රධාන චරිත පසුපස හඹා යන කෙනෙක් නෙවෙයි

මේ දිනවල සෙනාලි කියන චරිතයට හිමිව තිබෙන්නේ ඉතාමත් ඉහළ ජනතා ආකර්ෂණයක්. ඉතින් ඇය පහුගිය දවසක කාන්තා දිනය වෙනුවෙන් ඔබේ මුහුණු පොත හරහා සුවිශේෂී පණිවිඩයක් යොමු කර තිබුණා. එහිදී ඔබ කියල තිබුනේ මෙහෙම කතාවක් ” ඊයේ ජාත්‍යන්තර කාන්තා දිනය, සමාවෙන්න ඊයේ ඒ වෙනුවෙන් මගේ ආදරණීය අක්කලාට, නංගිලාට, නැන්දලාට, අම්මලාට සුබ පතන්න බැරි උනාට”

ඇත්තටම අපි කාන්තා දිනය සමරනවා කියල ඔබ හිතනවාද ?

හිතන්න ගැහැනියක් හුගාක් කෙට්ටුයී නම් අපෝ අර කටුස්සිද අර ඇටසැකිල්ලක් වගේ ඉන්නේ? ඊට පස්සේ කෙනෙක් ටිකක් මහත නම් අප්පාහ් අර බැරල් එකද අර තඩි කෙල්ල. තව හිතන්නකෝ නිකන් හමේ පාට කලු තලේලු නම් පොඩ්ඩක් අදුරු නම් අපෝ අර කලු කෙල්ල නේද එතකොට සුදට හිටියොත්? හැටි බලන්නකො තම්බපු ඉස්සෙක් වගේ ඔවා සුදු නෙමෙයී සුදු මැලි. මුලු ඇගම වැහෙන්න ඇන්දොත් අපෝ බොරු උපාසක කම, එතකොට පොඩ්ඩක් ඇග පේන්න ඇන්දොත් අහගන්න වෙන දේවල් එමටයී

ආහ් ඇයි හොදම එක කාන්තාවක් තනියෙම හම්බකරගෙන ජීවත් වුනෝත් ඇයගේ ආදයම් මාර්ග වලට අර්ථකතන එමටයි. ජොබ් එකක් නොකර ගෙදර දොර ළමයී බලාගෙන ඉන්නවන්ම් මිනිහාගෙන් කාකා බිබී ඔහේ ඉන්නවා කියයි. ඉතිං මේ වගේ ගැහැනියක් කොහොම කොයී විදිහට හිටියත් කතාවක් හදන මොනවමහරි කියන්න බලන් ඉන්න ලෝකේක (ගැහැනු පිරිමි දෙගොල්ලෝම) එක්ක තමයී අපි ලෝක කාන්තා දිනය සමරන්නේ

හැබැයී ඔය අතරට විවෘත මනසකින් හිතන කාන්තාවට ශක්තියක් වෙන ආදරේ ආරක්ෂාව දෙන කාන්තාවගේ අයිතින් නිදහස දෙන තමංගේ සහෝදරයෝ දෙමව්පියන් යහලුවන් ආදරණීය ස්වාමිපුරුෂයින් පුතුන්ද මේ සමාජේ නැතුවාම නෙමෙයි.ඒ අය තමයි ඇත්ත පිරිමි, ස්තූතී අපිට ශක්තියක් වෙනවට ඔයාලගේ ජීවිතේ ඉන්න ආදරණීය කාන්තාවන්ට ආදරේ දෙනවාට එහෙනන් එක දවසකට සීමා නොවෙන දිනයක අපි කාන්තා දිනය අනිවාර්යයෙන්ම සමරමු

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්