Jun
23

පොසොන් සැමරීමට අනුරාධපුරයට එන්න එපා

 
1265 Views
   
 

හෙටට (24) යෙදී ඇති පොසොන් උත්සවය මහජනතාවගේ සහභාගීත්වයෙන් තොරව සංඛේතාත්මකව අනුරාධපුරය සහ මිහින්තලය පූජා භූමි මුල් කරගෙන සිදුකිරීමට පියවර ගෙන තිබේ. ඒ වෙනුවෙන් මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා පැවසීය.

අනුරාධපුර සහ මිහින්තලය පූජා භූමි ආශ්‍රිතව පවතින පොසොන් සූදානම පිළිබඳව අදහස් දක්වන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා, “මිහින්තලාව පූජා භූමිය මුල් කරගෙන රාජ්‍ය පොසොන් උත්සව ක්‍රියාත්මක වෙනවා. එතනදී සිදුවෙන්නේ මිහින්තලා මිස්සක පව්ව ආලෝකමත් කිරීමත් ඒ වගේම රතන සූත්‍රය නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනය පරිදි දින 7ක් ස්වාමින් වහන්සේලා විසින් සජ්ඣායනා කරනවා. රුවන්වැලි මහ සෑයේ  අභිවන්දනා වැඩසටහන දෙරණ රූපවාහිනි නාලිකාව මඟින් මාධ්‍ය ආවරණය සිදුවෙනවා. රුවන්වැලි මහ සෑය මහජනතාවට දැක ගැනීමට හැකි පරිදි ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, සම්බුද්ධ පුජාවන් ඇතුළු සියල්ල සිදුවෙනවා. නිවෙස්වල ඉන්න ජනතාවට ඒවා බලාගෙන සම්බන්ධ වෙන්න පුළුවන්.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්