Sep
24

ශ්‍රී ලංකාව හා රුසියාව අතර ව්‍යාපාරික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට අවස්ථාව

 
379 Views
   
 

ශ්‍රී ලංකා හා රුසියාව අතර ඉතා දීර්ඝ කාලයක පටන් යහපත් සබඳතාවක් පවතින අතර එහි ආරම්භය සිදුවන්නේ වර්ෂ 1956 දී පමණය. පසුව දෙරට අතර කලින් කලට ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාවයන් සඳහා විවිධ පියවරයන් ගෙන ඇත. ශ්‍රී ලංකාවේ තේ අපනයනයෙන් 17% පමණ වෙළෙඳපොළ දායකත්වය සපයනු ලබන්නේ රුසියාව විසිනි. රුසියානු වෙළඳපොල තුළ ශ්‍රී ලංකා තේ සඳහා 30% පමණ ඉල්ලුමක් පැවතීම මෙයට හේතුවයි.

ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට රුසියාව විසින් කැමැත්ත හා උනන්දුව පළකර ඇති අතර ද්විපාර්ශික වෙළෙඳාම පුළුල් කිරීම සඳහා භාවිතයට නොගත් අවස්ථා පිළිබඳ සලකා බැලීමට ද එකඟතාව පළ කර ඇත. රුසියානු පාර්ශවය විසින් රේගු කටයුතු පිළිබඳ වැඩිදුර සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය වෙළඳාම සඳහා සහය ලබාදීමට එකඟ වී සිටින අතර බලශක්ති, රසායනික, ඖෂධ හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇත.

රුසියාවේ ඇති පැරණිතම වාණිජ මණ්ඩල වලින් එකක් වන යූරල් වාණිජ මණ්ඩලය සමග ද ශ්‍රී ලංකාවේ ජාතික වාණිජ මණ්ඩල සාමාජිකයින් වෙළෙඳ සබඳතා ගොඩනඟා ගැනීම සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, එහි සභාපති ඇන්ඩ්‍රි බෙසේඩින් මහතා ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
තවදුරටත් ශ්‍රී ලංකාව හා රුසියානු ව්‍යාපාරික මණ්ඩලය අතර ඵලදායි සහයෝගිතාවයට මග පාදා ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබීමට දෙපාර්ශවය විසින්ම එකඟ වී තිබේ.

මේ අවස්ථාව රුසියාවේ කාර්මික කලාපයේ දොරටු ශ්‍රී ලංකාව සඳහා විවර වීමක් වන අතර එය ශ්‍රී ලංකා අපනයන වෙළඳපල වර්ධනය කරගැනීම සඳහා ලැබුණු මහඟු අවස්ථාවකි. රුසියානු වෙළෙඳපොළ සබඳතා වර්ධනය කර ගැනීම හරහා නව අපනයන අවස්ථා විවර කර ගැනීමත් දැනට පවතින අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීමටත් අපේ රටට මේ හරහා අවස්ථාව සැලසීමට නියමිතයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්