May
29

සමාජ මාධ්‍ය අසත්‍ය ප්‍රචාර රටක් අවුලුවයි

 
909 Views
   
 

සයිබර් අවකාශය සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සමාජ මාධ්‍ය විවිධ දිශානතීන් කරා වර්ධනය වෙමින් පවතී.එමෙන්ම එක හා සමාන පෞද්ගලික හා වෘත්තීය අවශ්‍යතා, ක්‍රියාකාරකම්, සමාජ ජීවිතය සම්බන්ධයෙන් අනෙකුත් ජනතාව සමඟ තොරතුරු හුවමාරු කිරීමට භාවිත කරනු ලබන අන්තර්ජාල වේදිකාව සමාජ ජාල නමින් හඳුන්වනු ලබයි.

සමාජ මාධ්‍ය පුළුල් ලෙස මහජනතාව අතර භාවිතයට පැමිණෙන්නේ, විසිවන සියවසේ ආරම්භයත් සමගය. මෙහිදී අදහස්, තොරතුරු පණිවිඩ හුවමාරමාරුවේදී සාම්ප්‍රදායික මාධ්‍ය යාන්ත්‍රණයෙන් වෙනස් වී නව තාක්ෂණය සමඟ මාධ්‍ය භාවිතය වෙනස් විය.
සමාජ මාධ්‍ය තුළ දැකිය හැකි මූලිකම ලක්ෂණයක් වන්නේ අන්තර් ක්‍රියාකාරිත්වය මගින් අදහස් හුවමාරු කර ගැනීමේ කාලීන හැකියාවයි. Twitter, Facebook” Skype” Viber” Linkedin, Youtube, Instagram, Pinterest යනාදිය සමාජ ජාලා ලෙස හඳුනාගන්නා අතලොස්සක් ය.

සමාජ මාධ්‍ය තුළින් විශේෂයෙන්ම රාජ්‍ය තාන්ත්‍රික තොරතුරු පිළිබඳව හෙළිදරව් කිරීම් හරහා බොහෝමයක් රටේ ජනතාව නොමඟ යාමේ තත්වයකට අද දවසේ පත්වී තිබෙනවා. අරගලය නිර්මාණය කිරීම තුළ ද සමාජ මාධ්‍ය ප්‍රබල වේදිකාවක් බවට පත් වුණ බව ඔබත් මමත් දන්නා කරුණක්. නමුත් මේ තුළින් තම පෞද්ගලික ඇජෙන්ඩා ක්‍රියාත්මක කරන මිනිසුන් අවුළුවා පොඩි මිනිසා තලා පෙලා දැමීමට උත්සාහ කරන සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ලෙස ලේබල් ගසා ගත් පිරිසක් මාන බලමින් සිටින බව අප දැනගත යුතුය.

සමාජ මාධ්‍ය තුළ තොරතුරු අවභාවිතා වීම සහ පෞද්ගලිකත්වයට හානි සිදුවීම් සිදුවීම් බොහොමයක් මේ වන විට පොලිස් වාර්තා වල සඳහන් වනවා. වගකීමෙන් යුතුව ප්‍රකාශ සිදු කිරීම සහ තොරතුරු බෙදා දීමේ දී කිසියම් මූලාශ්‍රයක් පදනම් කර ගනිමින් තොරතුරු බෙදා දීම සමාජ මාධ්‍ය තුළ කටයුතු කරන අප සියලු දෙනාගේම වගකීම වේ.

පසුගියදා රට පුරා ඇති වූ කලහකාරී රටපුරා ඇතිවූ කලහාකාරී තත්ත්වයන්හි ප්‍රධානම වගකීම දැරිය යුත්තේ සමාජ සමාජජාලාවල අසත්‍ය තොරතුරු පතුරන පිරිසයි. ඔවුන් නිසා මේ වන විට රටට සිදුවී තිබෙන අලාභය කියා නිම කළ නොහැකිය. නැවතත් මෙසේ සිදු නොවීමට නම් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මෙන්ම තොරතුරු බෙදා දෙන්නන් වගකීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්