Nov
7

‘සයනේ’ හැදුවෙ ජාත්‍යන්තරයට

 
1276 Views
   
 

යූටියුබ් ග්‍රාහකයන්ට හිරුෂි ජයසේන යනු අලුත්, නුහුරු නමක් නොවේ. ඇය ගැන බොහෝ තොරතුරු, බොහෝ වැඩසටහන්, ඇය ගැයූ ගී ඇතුළු බොහෝ දේ දැකගත හැකි බැවිනි. වරෙක ඇත්තේ, කොල්ලන්ට රසඳුනක් වූ ඇගේ ලස්සන ඇස් ගැනය. වරෙක අන්නාසි කටුත් කන ඇගේ සුරතලා ගැනය. තවත් වරෙක ඇත්තේ ඇය සහභාගි වූ රූපරාජිනී තරගයක් පිළිබඳවය. මේ ආදී වශයෙන් විවිධ ක්ෂේත්‍ර ආවරණය කළ හිරුෂි, ඇගේ අලුත්ම ගීතය, ‘සයනේ’ නමින් ඉකුත්දා ජනගත කළාය.
මේ කතාබහ ඈ සමඟය. 

සයනේ ද හිටියෙ?

ඔව්නෙ. මම ටී.වී. බලන්නෙ ඇඳේ ඉඳගෙන.

මේ දවස්වල හැමෝම කතා කරන්නෙ හිරුෂිගෙ ‘සයනෙ’ ගැන?

ඔයා ඔය කියන්නෙ මගෙ අලුත්ම සිංදුව ගැනද?

ඔව්. ඒකත් ඔයා නම් කරලා තියෙන්නෙ ‘සයනෙ’ කියලනෙ.

නොඉඳුල් සිතුවිලි තාමත් ඉඳහිට යනෙනවා
ආලෙන් වියැළුණ ළය යළි වියැළුණා
හද ආයෙ තෙත නොවන වග දෑස සායම් කළා
මෘදු තිර අතරෙ මියැදුණු මා
නොදැනීම මිහිදන් වෙලා…

මේ සිංදුව ලිව්වේ යශෝදා අදිකාරි. මං එයාට මගෙ කන්සෙප්ට් එක කිව්වා. මට ඕනෑ වුණේ ප්‍රේමය කාන්තාවකට බලපාන හැටි කියන්න. ඉතිං මං හිතුවා මේ කතාව, කාන්තාවක් ලිව්වොත් වඩාත් හොඳ වෙයි කියලා. මොකද ගෑනු හැඟීම් හොඳටම දැනෙන්නෙ ගෑනු කෙනෙක්ටනෙ. යශෝධා බොහොම අපූරුවට මට ගීතය ලියලා දුන්නා. මේ ‘සයනේ’ තමයි මම පළමුවැනි මෙලඩි එක හදපු ගීතයත්.

ඔහෝ… මෙලඩි එක ඔයාගෙ.

ඔව්. මීට කලිනුත් මම ඉංග්‍රීසි සිංදුවකට මෙලඩි දාලා තියෙනවා. මේක පළවෙනි සිංහල සිංදුව

මෙලඩි හදන්න ඉගෙනගෙන තියෙනවාද?

අද තාක්ෂණය ගොඩක් දියුණුයි. ඒ නිසා සංගීත දැනුම වුණත් තාක්ෂණය හරහා ලබාගන්න පුළුවනි. මම මගේ හඬින් හම් කරලා තමයි මේ සිංදුවෙ මෙලඩි එක හදාගත්තෙ. හැබැයි මට සංගීතය ගැනත් තරමක් දැනුමක් තියෙනවා.

මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔයාගෙ තාත්තා රනිල් ජයසේන කියන්නෙ විශේෂඥ වෛද්‍යවරයෙක් වුණාට ප්‍රවීණ ගීත රචකයකුත් වෙනවා. ඇයි ඉතින් තාත්තාට නොකිව්වෙ ගීතයක් ලියලා දෙන්න?

ඉස්සරහට මම ඔයාලා හොල්මන් වෙන වැඩ ටිකක් කරනවා. එතකොට තාත්තගෙ ගීත රචනයකුත් මගේ හඬින් අහන්න පුළුවන් වෙයි.”

සයනේ මියුසික් වීඩියෝව ගැන කතා කරන්න ඕනෑ?

මේ මියුසික් වීඩියෝවෙ තනිකරම ඉන්නෙ මම. සිංදුව කියන්නෙත්, රඟන්නෙත්, නටන්නෙත් මම. වන් මෑන් ෂෝ එකක්

වන් ගර්ල් ෂෝ නේද?

ඕනෑ එකක්. මට මේ හැමදේම පුළුවන්. ඒ නිසා මුළු වීඩියෝ එකේම ඉන්නෙ මම විතරයි. කොහොමද මගෙ ඩාන්ස් එක ලස්සනයි නේද?

ලස්සනයි… ඔයා කිව්වට වීඩියෝ එකේ ඉන්නෙ ඔයා විතරයි කියලා තව නළුවෙක් ඉන්නව මම දැක්කා?

මලලසේකර ද?

අර කළු සුදු ලස්සන පූසා

එයා තමයි මලලසේකර. මම බයේ හිටියෙ මෙයා කරදරයක් කරයිද, හරියට ඇක්ට් නොකරයිද කියලා. අනේ ඒ වුණාට එයා කිසිම කරදරයක් කළේ නෑ. ස්ටුඩියෝ එකේදි බොරුවට බය වුණෙත් නෑ. අපූරුවට හිටියා.

මාත් දැක්කා

ඔයා දන්නවද, මේ වීඩියෝ එක බලන හැමෝම මලලසේකර ගැන අහනවා. එයා තමයි අද ස්ටාර් වෙලා ඉන්නෙ

එයා මලලසේකර වුණාට ලංකාවෙ කෙනෙක් නෙමෙයි වගේ නේද?

එයා රුසියන් කෙනෙක්. මගේ අයියා රුසියාවෙ ඉඳලා එනකොටනෙ අරගෙන ආවෙ.

ඒක නෙමේ. ඔයාගෙ අම්මා මාධනී කියන්නෙත් ගයන්න නටන්න පුළුවන් කෙනෙක්. ඇයි අම්මිටත් නටන්න ඉඩක් නුදුන්නෙ මේ වීඩියෝ එකේදි?

අම්මි තමා මටත් වැඩියෙන් නැටුවෙ. හැබැයි අම්මිගෙ නැටුම් තියෙන්නෙ තිරය පිටුපස. මම සිංදුවක් කියන්න ගියත්, ෂූට් එකකට ගියත් ඔය හැමතැනම යන්නෙ අම්මිත් එක්ක. මගෙ වැඩකදි මටත් වැඩියෙන් මහන්සි වෙන්නෙ මගේ අම්මි. අම්මි නැත්නම් මේ වැඩ මුකුත්ම කෙරෙන්නෙ නෑ.

හිරුෂිගෙ කලින් සිංදුව, ‘හැඟුමන්’ ජනගත කළේ මීට වසරකට විතර කලින් නේද? 

ඔව්. සාමාන්‍යයෙන් මම අවුරුද්දකට එක සිංදුවනෙ කරන්නෙ.

මේ සිංදු ඔයා කරන්නෙ ජාත්‍යන්තරයට ද කියලත් මට හිතෙනවා?

එහෙම හිතෙනවද? එහෙම නම් හුඟාක් හොඳයි. මොකද ලංකාවෙ ඉන්නෙ මිලියන විසිඑකක ජනගහනයක්. මේවගෙ කුඩා පිරිසකට ප්‍රොඩක්ෂන් එකක් කරලා අපිට සංගීතය කර්මාන්තයක් කරගන්න බැහැ. ඒ නිසා අපි ජාත්‍යන්තරයට යා යුතුමයි.

හිරුෂි බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රියක්වත් කළාද?

ඔව්. යූ.කේ. යුනිවසිටියකින් කළේ.

මියුසික්, බිස්නස් එකක් කරගන්න හදන හින්දා මං ඇහුවෙ

හග් හග් හා…

මෑතකදි ටෙලියක, චිත්‍රපටයක සිංදුවක් කිව්වෙ නැද්ද?

මම ‘මායා’ කියන චිත්‍රපටයේ ‘හීනෙන් ඇවිදින්න’ කියන සිංදුව කිව්වා. ‘සසර කින්නරාවි’ ටෙලිනාට්‍යයේ සිංදු දෙකකුත් කිව්වා. ඊට පස්සෙ නම් ටෙලිවල, චිත්‍රපටිවල සිංදු කිව්වෙ නෑ.

එයින් එක සිංදුවක් කියන්නකො?

“දිගු හීනයක සිට හමුවී
හැම රෑම හිත ගාව නැවතී
සංසාර ප්‍රේමයට පාර කීවද නිලැසී…”

හිරුෂිගෙ යූටියුබ් චැනල් එකකුත් තියෙනව නේද?

ඔව්.

ග්‍රාහකයො කොච්චර විතර ඉන්නවද දැන්?

තිස්දාහකට කිට්ටුයි. මම මුලින් මුලින් ඒකට දැම්මෙ පියානෝ කවර්, වයලීන් වාදන වගේ එව්වා. ඉස්සරහට තව ගොඩාක් දේවල් එකතු කරනවා.

ඒ කියන්නෙ හිරුෂි, පූර්ණකාලීනව සංගීතමය චරිතයක් වෙන්නද හදන්නෙ?

ඇත්තටම. මං තාත්තිගෙන් ඇහුවා, මුළු කාලයම සංගීතයට කැප කරන්නද කියලා. තාත්ති මට කැමති දෙයක් කරන්න කිව්වා.

එතකොට ඉගෙන ගත්තු ගොඩාක් දේවල් අපරාදෙනෙ.

උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියනවනෙ. ඔය ඉගෙන ගත්තු දේවල් ඔක්කොම ප්‍රයෝජනවත් වෙන වෙලාවල් ඒවි.

එහෙමනම් ටටා!

ටටා!

මලලසේකරව මතක් කළා කියන්න

ඤාව්…

 

ශාන්ත කුමාර විතාන

01.

02.

03.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්