Aug
18

එක් නිවසකින් පිටත් විය හැක්කේ එක් අයෙකුටයි, එයත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණයි, එය ඇතුළු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

 
1231 Views
   
 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ යටතේ පසුගිය 13 වනදා යාවත්කාලීන කෙරුණු මාර්ගෝපදේශ සීමාවන්ට අමතරව නව වාරණ කිහිපයක් පැනවී තිබෙනවා.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව එක් නිවසකින් පිටවිය හැක්කේ එක් පුද්ගලයෙකුට පමණයි.

ඒ, අත්‍යවශ්‍ය රාජකාරී සහ ඖෂධ මිලදී ගැනීම සඳහා පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වන්නේ.

එමෙන්ම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කෙරෙන අතර වැඩමුළු, සන්නාම එළිදැක්වීම්, හමු, සම්මන්ත්‍රණ ආදිය සඳහා ඉඩ සැලසෙන්නේ නැ හැ.

මීට අමතරව කෘෂිකාර්මික ධීවර සහ කාර්මික අංශයේ ක්‍රියාකාරීත්වයට සිදුකළ යුත්තේ දැඩි සෞඛ්‍ය නී ති රී තී න් ට අනුකූලවයි.

සුපිරි වෙළඳසැල් සඳහා ධාරිතාවයෙන් සියයට 25කට පමණක් අ ව ස ර ලැබෙන අතර සාප්පු සංකීර්ණ අද සිට වසා දැමෙනු ඇති.

මෙම මාර්ගෝපදේශවලට අනුව අද (18) සිට ලබන 31 වනදා දක්වා සියලු ම සම්භාහන මධ්‍යස්ථාන කායවර්ධන මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාර ළමා උද්‍යාන පිහිනුම් තටාක ව සා දැමිය යුතුයි.

එමෙන් ම සංගීත සංදර්ශන, මුහුදු වෙරළ, ආශ්‍රිත ව පවත්වනු ලබන සාද, විනෝද සැණකෙළි ද පැවැත්වීමට අවස්ථාව හිමිවන්නේ නැ හැ.

පෙරපාසල්, පාසල්, උසස් අධ්‍යාපන ආයතන සහ අමතර පන්ති නැ ව ත දැනුම්දෙන තුරු වසා දැමීමටයි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නිර්දේශ කර ඇත්තේ.

මීට අමතරව ආගමික ස්ථානවල ජනතාව ඒකරාශී වීමේ අවස්ථාවන්ට අවසර හිමි නො වන අතර ගෘහස්ථ සහ එළිමහන් කිසිදු සාදයකට අවසර හිමිවන්නේ නැ හැ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්