May
5

අපට අමතක වූ මැයි 05 මානුෂීය මෙහෙයුම

 
877 Views
   
 

අද මැයි මස 5 වන දා… මේ දිනය අප රටේ ජනතාවට අමතක වී ඇතත් මීට වසර 14 කට පෙර එම දිනය ඓතිහාසිකව සැමරිය යුතු දිනයක් වේ.

2007 වර්ෂයේ උතුරු නැගෙනහිර මානුෂික මෙහෙයුම ආරම්භ විය. අනතුරුව නැගෙනහිර ප්‍රදේශය සම්පූර්ණ ලෙස අපේ ත්‍රිවිධ හමුදාව මගින් අත්පත් කර ගනු ලැබීය.අනතුරුව උතුරු පළාත අත්පත් කර ගැනීම සඳහා හමුදා බල සේනාංක උතුරේ පැති 05 කින් පමණ පැමිණ එකට එකතු වී උතුරු ප්‍රදේශය අත්පත් කර ගැනීමට මෙහෙයුම් ආරම්භ කලා.

අපේ අභීත රණවිරුවන් ආත්ම ශක්තියත් , චිත්ත ධෛර්යයත් , රටේ ජනතාවගේ ආශිර්වාදයත් රැගෙන එය ශක්තියක් කර ගනිමින් ත්‍රස්තවාදී බලමුලු බිද දමමින් උතුරු ප්‍රදේශයෙන් 80% ක පමණ ප්‍රදේශයක් අත්පත් කර ගනිමින් උතුරේ ජනතාව තම ආරක්ෂාව සඳහා මිනිස් පලිහක් ලෙස යොදාගනිමින් සිටි ත්‍රස්තවාදී නායකයා කොටු කර ගැනීමට එම මිනිස් පලිහේ ජනතාව මුදා ගැනීමට උදාර රණවිරුවන් සමත් වූයේ අද වැනි දිනකය.

මැයි මාසෙ 05 වනදා අපේ රණවිරුවන් ත්‍රස්තවාදී නායකයාගේ ම්ලේච්ඡ හිරිහැර වලට ලක්වෙමින් සිටි එම අහිංසක ජනතාව දස දහස් ගණනින් බේරා ගත්තේ ඉතා දුෂ්කරතා මධ්‍යයේය. එම ත්‍රස්තවාදී නායකයාගේ ග්‍රහණයෙන් බේරා ගත් ජනතාව එදා හඬා වැලපෙමින් කියා සිටියේ අනේ ‍රජ්ජුරුවන්ට කියන්න අපව බේරාගන්න කියලා. එදා ජනපති මහින්ද රාජපක්ෂ මහතාත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් , උදාර රණවිරුවන් හා එක්ව එම අහිංසක ඉල්ලීම ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ කලේ ඒ වනවිටත් ත්‍රස්තවාදී නායකයාගේ අනේක විද හිරිහැර වලට ලක්වෙමින් සිටි උතුරේ ජනතාව 60,000 ක් පමණ නැවතත් ඒ දුෂ්ඨ හිරිහැර වලට නැවතත් ඉඩ නොතබමිණි.

එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා උතුරේ ජනතාවටත් දකුණේ ජනතාවටත් දුන් පොරොන්දුව අද බොහෝ ආත්මාර්තකාමන් හට අමතක වුවද, අදටත් අප සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයෙනි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්