Nov
11

අගමැති මැදිහත් වීමෙන් 24 වසරක ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳෙයි

 
788 Views
   
 

ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඉල්ලීමකට එකඟතාව පළ කරමින් ඔවුන්ට වාරික තුනකින් ලබාදීමට සැලසුම් කර තිබූ වැටුප, මෙවර අයවැයෙන් එකවර ගෙවීමට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හා මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් ගුරු වෘත්තිය සමිති සමග ඊයේ දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවේදී එකඟත්වය පළ කර තිබේ.

ඒ අනුව මෙවර අයවැයෙන් රුපියල් මිලියන 30 000ක් මේ සඳහා වෙන් කිරීමට තීරණය කළ බව මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ එම සාකච්ඡාවේ දී අනාවරණය කර තිබේ.

දරුවන්ගේ සහ රටේ අනාගතය වෙනුවෙන් ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව මෙසේ ඉවත් කිරීමට තීරණය කළ බවද මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මෙම සාකච්ඡාවේදී අවධාරණය කර තිබේ.

ඒ අනුව ඉතිහාසයේ ප්රථම වරට අධ්යාපනය සඳහා වැය කරන මුදල සමස්ත අයවැයෙන් 7.51%ක් වන බවද මුදල් අමාත්යවරයා මෙහිදී සඳහන් කර ඇත. වසර 24 ක් තිස්සේ නොවිසඳී තිබූ මෙම වැටුප් විෂමතාව ඉවත් කිරීමට ක්රියා කිරීම ගැන ගුරු විදුහල්පති එකමුතුව අගමැති මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා වෙත සිය ප්රසාදය පළ කර ඇත.

මෙම ප්රශ්නය විසඳමින් අයවැයටත් කැබිනට් මණ්ඩලයටත් කලින් කැබිනට් රහසක් හෙළි කළ බවද මුදල් ඇමැතිවරයා මෙහිදී සඳහන් කර ඇත. සමස්ත රාජ්ය සේවය තුළ වැටුප් සම්බන්ධ අසමමිතිකතාවන් ඇති නොවන පරිදි ඉදිරි අයවැය තුළින් සළකා බැලීම සුදුසු බව අපේ නිර්දේශය වී තිබුණු බවද මුදල් ඇමැතිවරයා එම සාකච්ඡාවේදී පවසා ඇත.

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳන්නයි විපක්ෂයේ මන්ත්රීන් කිහිප දෙනෙකු ඉල්ලා සිටි බවද ඇමැති බැසිල් රාජපක්ෂ මෙහිදී වැඩිදුරටත් සදහන් කර තිබේ.

01.

02.

03.

04.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්