Oct
23

නොවැම්බර් පළමුවැනිදා සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර

 
901 Views
   
 

නොවැම්බර් මස 01වැනිදා සිට උපකාරක පන්ති පැවැත්වීමට මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අවසර ලබා දුන් බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය මාධ්ය වෙත ප්රකාශ කළා.

කෙසේ නමුත් එම සංගමයේ ලේකම් කමල් ප්රියංකර මහතා ප්රකාශ කළේ උපකාරක පන්ති පැවැත්වීම සඳහා අවසර හිමි වී ඇත්තේ ළමුන් 100ට අඩු උපකාරක පන්ති වලට පමණක් බවයි.

කෙසේ නමුත් මේ වන තෙක් නොවැම්බර් පළමුවනදා සිට ළමුන් 100ට වඩා වැඩියෙන් සහභාගීවන උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා මෙතෙක් අවසර ලබා දී නැහැ.

ළමුන් සංඛ්යාව 100ට වැඩි උපකාරක පන්ති ආරම්භ කිරීම ක්රමානුකූලව සිදු කරන බවයි ලේකම්වරයා ප්රකාශ කළේ.

උපකාරක පංති ආරම්භ කිරීමේ දී සිසුන් ඇතුලත් කරගැනීම, අසුන් පැනවීම හා ඉගැන්වීමේ ක්රියාවන් සඳහා සෞඛ්ය මාර්ගෝපදේශ වලට අනුකූලව උපදෙස් ලබා දී ඇති බවද කමල් ප්රියංකර මහතා ප්රකාශ කළා.

සාමාන්ය පෙළ උසස් පෙළ ශිෂ්යත්ව විභාග වලට පෙනී සිටින සිසුන්ට අධ්යාපනය ලැබීමට පාඩු වූ පැය ගණන වෙනුවට අමතර පැය ගණනක් ඉගැන්වීමට නියමිත බව ද සමස්ථ ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ප්රකාශ කළා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්