Jul
23

මුහුණ පොත ඔස්සේ කෙල්ලෙක් වගේ රඟ පෑ නාකි අම්මණ්ඩි ලක්ෂ 8කට වැඩිය හොරා කාලා, හිමි නමකගේ ගිණුමකිනුත් සල්ලි ඇවිත්

 
2708 Views
   
 

මුහුණු පොත ඔස්සෙ දැන හඳුනාගෙන වෙනත් අයකුගේ රූපයකින් හා නමකින් බො’රු වයසක්ද යොදාගනිමින් පුද්ගලයකුගෙන් ලක්ෂ 8කට වැඩි මුදලක් ලබාගෙන පසුව මඟහරිමින් සිටි කාන්තාවක් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කන්තලේ දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය නියෝග කළාය.

රිමාන්ඩ් කරන ලද්දේ දඹුල්ල ඇඹුල්අඹේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක තිදරු මවකි.

මෙම සැක කාරිය අන්තර්ජාලය ඔස්සේ වෙනත් සුරූපී තරුණියකගේ රූපයකින් හා මාතලේ ප්‍රදේශයේ ඉපැරැණි වැදගත් වලව් නාමයකින් පෙනී සිට ඇත්තේ තම වයසද අවුරුදු 30ක් බව හඟවමිනි. තවද ඇය මාතලේ පාසලක ගුරුවරියක ලෙස සේවයේ නියුතු බවටද හඳුන්වා දී ඇත.

මෙම පුවත ඔස්සේ ඇය සමඟ මාස 4ක පමණ කාලයක් තිස්සේ පෙම් දැලෙහි පැටලී ඇත්තේ කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ අවුරුදු 32ක අවිවාහක වෙළෙඳ ව්‍යාපාරිකයෙකි.

ආශ්‍රය කළ මාස 4ක කාලය තුළ දහඅට වතාවකදී අට ලක්ෂ දහසය දහස් පන්සීයක මුදලක් (8,16,500) තම හිතවතුන්ගේ ගිණුම් 6කින් ලබාගෙන තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර මුදල් ලබාගත් එක් ගිණුමක හිමිකාරිත්වය ගමේ පන්සලේ හිමි නමකගේ බවද හඳුනාගෙන ඇත.

මෙම කාන්තාව ව්‍යාපාරික තරුණයා හා විවාහවීමට පොරොන්දු දී ඔහු හා ඇසුර පවත්වා ගෙන ගොස් ඇති අතර මුදල් ලබාගැනීමෙන් පසු ක්‍රමයෙන් ඔහු මඟහැර සිටීම හේතුවෙන් ඔහු විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කන්තලේ පොලිසිය පරීක්ෂණ කටයුතු සිදු කර තිබිණි.

කෙසේ නමුත් සැකකාරිය යම් වං’චාකාරී ජාලයකට සම්බන්ධව සිටීද හා තවත් මෙවැනිම වං’චාවක් කරමින් ඇත්ද යන්න වැඩිදුර විමර්ශන කරගෙන යන බව පොලිසිය සඳහන් කර සිටී.

කන්තලේ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික විජේසේකර මහතාගේ නියෝග මත සහකාර පොලිස් අධිකාරි රෝහණ වනිගසේකර මහතාගේ අධීක්ෂණයෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්. පී.බී. විජේසිරි මහතාගේ උපදෙස් මත කොට්ඨාස අප රාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේෂ් ගංගොඩ, පොලිස් සැරයන්වරුන් වන ප්‍රේමවංශ (36556), සම්පත් (10332), කාන්තා පොලිස් කොස්තාපල් සෙනෙවිරත්න (2986), රසිකා (9133) යන නිලධාරීන් විසින් මෙම මෙහෙයුම සිදුකර තිබිණි.

මව්බිම

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්