Mar
5

“එයා මට වඩා ටිකක් වයසින් වැඩි නිසා ඒ ආදරය නිසා මම හරි සුරක්ෂිතයි” ජනප්‍රිය නිළි තරින්දි ප්‍රනාන්දු

 
1047 Views
   
 

ලංකාවේ අපි හැමෝම වගේ හොදින්ම හදුනන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියල කියන්නේ. ඇත්තෙන්ම මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඇය රංගන ශිල්පිනියක ලෙස පමණක් නොවෙයි නර්තන ශිල්පිනියක ලෙසද කටයුතු කරනවා. කොහොම නමුත් බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් සිදුකළ ඇය මේවෙද්දී මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්වෙමින් ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන තිබෙනවා

කොහොමහරි ඉතින් බැංකු ක්ෂේත්‍රයේ රැකියාවෙන් අනතුරුව මේ විදිහට කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ වු ගමනක් යන ඇය හැඩකාර කමින් පවා ප්‍රේක්ෂක ආදරය දිනාගත් සුව්ශේෂී චරිතයක්. ඒ කොහොම උනත් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව තිබුණා. එහිදී ඇය සිය වර්තමාන ජීවිතය ගැන වගේම කලා ජීවිතය ගැන අදහස් දක්වලා තිබුනේ මෙලෙසයි

” තරින්දු ප්‍රනාන්දුව සමහරු මම කරපු චරිතවලින් මනින්න හදනවා. මම හිතන විදිහට මම කරපු කිසිම චරිතයකට තරින්දි සමාන කරන්න බැහැ. තරින්දි ගොඩක් අහිංසක කෙනෙක්. අනික් මිනිස්සු ගැන ඕනෑවටත් වඩා හිතන කෙනෙක්. ඒ නිසාම දුක්වුණු අවස්ථාත් තිබෙනවා. හැබැයි තරින්දි හරිම සරල, මේ පොළොවේ පය ගහල ජීවත්වෙන සාමාන්‍ය කෙනෙක්.” කියලයි

ඒ වගේම චූටි කාලේ ඉඳන් මම අභියෝගවලට කැමැති කෙනෙක් කියල කියන තරින්දි කියන්නේ මම ” බැහැ” කියල කිසිම දෙයක් හිතන්නේ නැහැ කියලයි. පාසැල් කාලයේදී තරින්දිව හැමෝම දන්නෙත් මම එහෙම අභියෝග භාරගත්තු නිසාවෙනුයි කියන ඇය කියන්නේ මම ක්‍රීඩාවට යොමුවෙන්නෙත් මට දුවන්න පුළුවන් කියලා හිතලා නෙමෙයි කියලයි. එපමණක් නොවෙයි ඒක කොහොම හරි මම කරනවා කියලා හිතලා තමයි මම කටයුතු කළේ කියන තරින්දි කියන්නේ මම ඒකත් හොඳට කළා කියලයි. තවද මේ ආකාරයට අදහස් දක්වපු ඇය කියන්නේ බැංකු ක්ෂේත්‍රය තෝරාගැනීමම මට අභියෝගයක් කියලයි. ඒ වගේම ඇය කියන්නේ උසස් පෙළ කරල ඉවරවුණ ගමන් මම බැංකු ක්ෂේත්‍රයට යොමුවුණා කියලයි

කොහොම නමුත් බැංකුවේ සේවය කරන ගමන්ම මම ඒ සම්බන්ධ අධ්‍යාපනය ලැබුවා කියන ඇය කියන්නේ ඒ හැම දෙයක්ම අභියෝග කියලයි. බැංකු ක්ෂේත්‍රය වැනි හොඳ ක්ෂේත්‍රයක් අතහැරලා මේ කලා ක්ෂේත්‍රය තෝරාගැනීමම තවත් අභියෝගයක් කියන ඇය කියන්නේ බැංකුවේ සේවය කරද්දී වැටුපක් මාසය අවසානයේදී ලැබුනත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණොත් වැඩ කරන්න තිබුණොත් පමණයි මුදල් ලැබෙන්නේ කියලයි. ඉතින් ඒ කරුණ අවබෝධ කරගෙනමයි මේ අභියෝගයට මම මුහුණ දුන්නේ කියලයි ඇය කියන්නේ. ඉතින් මේ විදිහට අදහස් දක්වපු ඇය සිය ජීවිතයේ තමන් මුහුණ දුන්නු සංවේදී අත්දැකීමක් පිළිබඳවත් සිහිපත් කරමින් කියල තිබුනේ

” මගේ ජීවිතේ ලොකුම කඩාවැටීම වුණේ මගේ අම්මාගේ වියෝවයි. අම්මා 2016 වසරේදී මියගියා. අද මම යම් තැනක ඉන්නවා නම් ඒ තැනේ අත්තිවාරම දැම්මේ මගේ අම්මයි. පාසැල් යන කාලේදී ඕනෑම ගුරුවරියක්, පාසල් ළමුන්ගේ දෙමව්පියන් පවා තරින්දිව දන්නේ අර අම්මා එක්ක එන ගෑනු ළමයා නේද කියලයි. ඒ තරමටම මගේ අම්මා මගේ ජීවිතේට සමීපයි. මගේ අම්මා කිලෝමීටර් පහක් හයක් උදේ හවස මාව බයිසිකලේ ලැගේජ් එකේ තියාගෙන බයිසිකලේ පැද්දා. ලොකු වුණාට පස්සේ මම අම්මව දාගෙන බයිසිකලේ පැද්දා. එහෙම පදිද්දී තමයි ඒක කොයිතරම් අමාරු දෙයක්ද කියලා මට දැනුණේ

මගේ නර්තන ජීවිතයට, ක්‍රීඩා ජීවිතයට, මගේ අධ්‍යාපනයට ලොකුම හෙවනැල්ල වුණේ මගේ අම්මයි. අම්ම නැතිවුණාට පස්සේ මගේ ජීවිතයම කඩා වැටුණා. අඬන්න ගත්තොත් අඬලා ඉවර කරන්න බැරි බව මට දැනුණා. මුළු ජීවිත කාලයම මට අඬන්න වෙයි කියල මම දැනගෙන හිටියා. ඒ තරමටම මම ජීවිතේ කඩා වැටුණා. අම්මා නැති අඩුව මම මැරෙන තුරුම මට දැනේවි. දෙවියන් වහන්සේ අපේ අම්මා වෙනුවෙන් දීලා තිබුණු කාලය එච්චර වෙන්න ඇති.” කියලයි

කෙසේවෙතත් මම වසර හතරක් බැංකු ක්ෂේත්‍රයේ සේවය කළා කියන ඇය කියන්නේ බැංකු ක්ෂේත්‍රය අතහැරලා තමයි මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කියලයි. ඒ වගේම කලා ක්ෂේත්‍රයේදී ගැහැනු ළමයින්ට තනියම කොන්ද කෙළින් තියාගෙන ඉස්සරහට යන්න ටිකක් අමාරුයි කියන ඇය කියන්නේ විවිධ බලපෑම් එල්ල වෙනවා කියලයි. සමහර අවස්ථාවලදී මටත් ඒ වගේ කටුක අත්දැකීම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා කියන ඇය කියන්නේ හැබැයි ඒ හැමදෙයක්ම මම ප්‍රතික්ෂේප කළා කියලයි. ඒ ලබපු බලපෑම් එක්ක බැංකු ක්ෂේත්‍රය අතහැරලා අපරාදේ මේ ක්ෂේත්‍රයට ආවේ කියල පසුතැවීමක් ඇතිවුණ වෙලාවලුත් තිබුණා කියලයි ඇය කියන්නේ

කොහොමහරි ඉතින් මේ විදිහට අදහස් දක්වපු ඇය අවසාන වශයෙන් කියා සිටියේ ඒ වගේ කටුක දේවල් ප්‍රතික්ෂේප කරලා අමාරුවෙන් මේ ඇවිත් ඉන්න තැන ගැන අද මම ගොඩක් සතුටු වෙනවා කියලයි. ඒ වගේම මම දැන් බය නෑ අද මට ලොකු ආදරයක් ලැබිලා තියනවා කියලයි කියන්නේ. අද විඳින ප්‍රේමය ගැන වචනවලින් කියන්න බැරි තරම් කියන ඇය කියන්නේ ඒ ආදරය මට ගොඩක් දැනෙනවා, මාව ගොඩක් පරිස්සම් කරනවා කියලයි. ඒ වගේම ඇය කියන්නේ එයා මට වඩා ටිකක් වයසින් වැඩි නිසා ඒ ආදරය නිසා මම හරි සුරක්ෂිතයි කියලයි ඇය කියන්නේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්