Jun
26

ලංකාවේ වවුලන්ටත් කොවිඩ් ?

 
1174 Views
   
 

කොළඹ විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොබට් කොක් ආයතනය සිදුකරන ලද පර්යේෂණයකදී ලංකාවේ වවුලන්ගේ මලපහවල ඇල්ෆා සහ බීටා කොරෝනා වෛරස් ප්‍රභේද ඇති බව හඳුනාගෙන තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකා තේජානි පෙරේරා සඳහන් කළේ වවුලන් 395කින් ලබාගත් සාම්පලවල සිදුකළ PCR පරීක්ෂණ අනුව වෛරසය ඇති සාම්පල 33ක් හඳුනාගත් බවය.

“ඇල්ෆා සහ බීටා කොරෝනා වෛරස ශ්‍රී ලංකාවේ වවුල් විශේෂ දෙකකින් අප හඳුනාගනු ලැබුවා. අප මේ අධ්‍යයන කටයුතු ආරම්භ කළේ 2017 වසරේදී. වවුලන් 395කින් ගත් PCR සාම්පල අනුව 33කින් ඇල්ෆා සහ බීටා කොරෝනා වෛරස අපි හඳුනා ගත්තා. වවුලන්ගෙන් මිනිසුන්ට මෙම වෛරසය සම්ප්‍රේෂණය වන බවට ශ්‍රී ලංකාවේ මෙතෙක් තහවුරු කරගෙන නෑ.”

source  – newday.lk

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්