Dec
28

“දිනකට එක වේලයි කන්නේ” – ජීවන වියදම දරාගත නොහැකිව ආදීවාසීනුත් මහපාරට

 
1246 Views
   
 

දිනෙන් දින ඉහළ යන බඩුමිල හේතුවෙන් තමන්ට ජීවත්වීමට අසීරු බව පවසා ඉතා කඩිනමින් විසඳුමක් දෙන්නැයි ඉල්ලා දිඹුලාගල දලුකාන ආදිවාසී නායීකාව වන කේ. ලිසිනෝනා මහත්මිය ඇතුළු තවත් ආදිවාසී පවුල් හතක් සහ ඔවුන්ගේ දරුවන් දලුකාන ශ්රී පෞරාණික පත්තිනි දේවාලය අසල අද විරෝධතාවක නිරත වූහ.

රජය ඉන්ධන මිල හා බඩු වල මිල ඉහළ දැමීම නිසා දලුකාන ගම්මානය මෙන්ම, යක්කුරේ, මිල්ලාන, කොළකනවාඩිය, බෝඅත්ත කුඩාවැව, ඇල්ලේවැව, ඇතුළු ගම්මාන වල ජීවත් වන ආදිවාසි පවුල් 800 ක් පමණ මහත් පීඩාවට පත්ව ඇති බවද දලුකාන ආදිවාසී නායකා කේ ලිසීනෝනා මහත්මිය සඳහන් කළාය.

දලුකාන ගම්මානයේ පවුල් 450 ක් පමණ ජීවත් වන බවත් ඉන්න පවුල් දෙසීයකට ආසන්න පිරිසක් ආදිවාසී පවුල් බවත්, ඒ අතරින් ද පවුල් 100ක් පමණ ජීවත්වීමට කිසිදු ආදායම් මාර්ගයක් නොමැති බවද ඇය සඳහන් කළාය.

බොහෝ දෙනකු කුලී කරමින් ජීවත් වන අතර, කිසිදු ආදායමක් නොමැතිව දිනකට වේලක් පමණ ආහාර ගන්නා පවුල් දහයක් පමණ සිටින බවද ඔවුන් සඳහා යම් ආධාරයක් උපකාරයක් හෝ සහන බඩු මල්ලක් ලබා දෙන ලෙස ද ආදිවාසී නායිකාව වැඩිදුරටත් සඳහන් කළාය.

එම් ආදි වූ ආදිවාසී පවුල් අතරින් කීපදෙනකු දිඹුලාගල කන්දේ මී කඩා පැණි විකුණා ජීවත් වූ අතර තවත් පිරිසක්, කටු අල හාරා,ගල් සියඹලා විකුණා ජීවත් වූ බවත්, එම් ජීවනෝපාය මාර්ගය ද තම වර්ගයාට අහිමි වී ඇති බව ද ඇය සඳහන් කළාය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්