Nov
17

කළු කඩේදි රුපියල් 20000ට වැඩියෙන් විකිණෙන හිස් ගෑස් සිලින්ඩර

 
1117 Views
   
 

ප්රධාන ගෑස් සමාගම් දෙකම මාස කිහිපයක සිට හිස් ගෑස් සිලින්ඩර පාරිභෝගිකයාට අලෙවි නොකිරීම හේතුවෙන් මේ වන විට වෙලද පොලේ කලු කඩ වෙළෙන්දන් විසින් කිලෝ 12.5 ක හිස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 15000 ත් 20000 ත් අතර මිල ගණන් යටතේ අලෙවි කරයි. විශේෂයෙන්ම මේ නිසා පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටී.

ගෑස් හිගය ඇති වීමට පෙර ගෑස් සමාගම් අලෙවි නියෝජිතයින් හරහා පාරිභෝගිකයාට කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයක් අලෙවි කරනු ලැබුවේ රුපියල් 4250 ක් වැනි මිලකටය.

එහෙත් ලෝක වෙලද පොලේ යකඩ මිල ගණන් අධික ලෙස ඉහල යාමත් සමග ගෑස් සමාගම් පාරිභෝගිකයාට අලුතින් හිස් ගෑස් සිලින්ඩර අලෙවි කිරිම අත්හිටුවා තිබේ.

මේ නිසා වැඩියෙන්ම පීඩාවට පත්ව ඇත්තේ ලාෆ්ස් පාරිභෝගිකයින් වන අතර එම ගෑස් නිසි පරිදි නොලැබීම නිසා ඔවුන්ට ලිට්රෝ ගෑස් සිලින්ඩරයට මාරු වීමට ද නොහැකි වී ඇත.

එම තත්වය තුල ලිට්රෝ හිස් සිලින්ඩර වැඩි පුර ඇති වෙලදුන් හා පුද්ගලයින් වැඩි මිල ගණන් වලට එම සිලින්ඩර අලෙවි කිරීමට පටන් ගෙන තිබේ. ඒ අනුව ඔවුන් අන්තර්ජාලයේ දැන්වීම් පල කර තිබෙන අතර ඒවායෙහි බොහෝමයක මිල ගණන් ලෙස දක්වා ඇත්තේ කිලෝ 12.5 ක හිස් ගෑස් සිලින්ඩරයක රුපියල් 15000 ත් 20000 අතර මිල ගණන්ය.

ඊට අමතරව කිලෝ 5 ක හිස් ගෑස් සිලින්ඩරයක රුපියල් 8000 ත් 12000 ත් අතර මිල ගණන් යටතේ අලෙවි කරන බවද එම දන්වීම් වල සදහන්වේ. මේ අතර ලාෆ්ස් ගෑස් සමාගම දැනට හෝටල් හා කර්මාන්තශාලා සදහා නිකුත් කරන කිලෝ 37.5 ක හිස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 19000 ක් දක්වා දෙගුණයකටත් වැඩි මුදලකින් ඉහල නංවා තිබේ.

එම හිස් සිලින්ඩරය මීට සතියකට පමණ පෙර අලෙවි කරනු ලැබුවේ රුපියල් 8900 කටය. ප්රධාන ගෑස් සමාගම් දෙකේම හිස් සිලින්ඩර කලුකඩ වෙලෙන්දෙන් විසින් මේ ආකාරයට හිතු හිතූ පරිදි අලෙවි කිරීමට පටන් ගෙන තිබීම නිසා ජනතාව දැඩි පීඩාවකට පත්ව තිබේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්