Dec
16

බලවතුන් අතට පත් කළ නොහැකි ඉන්දීය සාගර කලාපයේ ආර්ථිකය

 
1650 Views
   
 

ලෝක විද්වතුන් හා රාජතාන්ත්රිකයින්ගේ අවධානයට ලක් කරමින් ඉන්දීය සාගර සමුළුව අමතමින් ජනාධිපතිතුමන් විසින් කල දේශනය සම්බන්දයෙන් බොහෝ පාර්ශව වැඩි කතාබහකට ලක් කරන ලදී. කෝවිඩ් ලෝක වසංගතයක් සමඟ බිඳවැටුණු රාජ්යයන්ට හා පසුබෑමට ලක් වූ ආර්ථිකයට යළි නගා සිටීම සඳහා ගත යුතු උපාය මාර්ග පිළිබඳ යම් ඉඟියක් මෙම කතාවෙහි ඇතුළත් විය.

ජනාධිපතිවරයා මෙහිදී පෙන්වන ප්රධාන සාධක දෙකක් තිබේ පළමු තැන කොවිඩ් වසංගතයෙන් බරපතළ අර්බුදයකට ලක් වී ඇත්තේ වුණු සංවර්ධිත රටවල්ය යන්නය. දෙවැන්න නම් ධනවත් රටවල් හා ජගත් සංවිධාන දුප්පත් රටවල් නොසලකා හරින ස්ථාවරයේම සිටියහොත් ලෝකය තවදුරටත් අර්බුදය කරා ගමන් කරන බවය. මෙම කරුණු දෙකම බොහෝම නිරවුල් වේ.

Covid ප්රතිශක්තිකරණ එන්නත් ලොවපුරා බෙදී යන ආකාරය දෙස බලන විට ධනවත් රටවල් හා ජගත් ආයතනවල සැබෑ තත්වය වටහා ගත හැකිය. අප්රිකානු කලාපයේ ඇතැම් රටවල ජනගහනයෙන් 10% වත්, එන්නත් මාත්රා දෙකම ලබා නොමැති රටවල් ලතින් ඇමරිකානු කලාපයේද ඇත. මෙවර ඉන්දීය සාගර සමුළුවේ තේමාව වී ඇත්තේ පරිසර විද්යාව,ආර්ථිකය හා වසංගතය යන්නය.

සමස්ත ලෝකයම මුහුණ දෙන ප්රධාන අර්බුදය එම විෂය ක්ෂේත්ර තුන තුළ ගැබ්ව පවතී. එක්සත් ජාතීන්ගේ ලෝක පරිසර සමුළුවේදී අවධානයට ලක්වූ අන්දමට නව ආරම්භයක් සහිත පරිසර සම්මුතියක් සකස් කරගත යුතුව තිබේ. එතෙක් එකිනෙක රටවල පරිසරයට සංවේදී වෙමින් ක්රියා කල යුතු වේ. කොවිඩ් වසංගතය හා ආර්ථික පසුබෑම ලෝකය මුහුණ දෙන ප්රධාන ගැටලුව බවට තවමත් පත්ව ඇත.

කොවිඩ් වසංගතයේ ව ප්රභේදය වන omicron වෛරස් ප්රභේදය ව්යාප්තවී ප්රදේශ පිටින් නැවතත් වසා දැමීමට සිදු වුවහොත් ආර්ථිකය පවතින තත්ත්වයෙන් ද පහළට වැටෙනු ඇත. ශ්රී ලංකාව ඉහත විෂය ක්ෂේත්ර තුන සම්බන්ධයෙන් සැලසුම් සහගත කඩිනම් වැඩ කොටසක් ඉටු කරමින් සිටී. එය ලෝකයේ සෙසු රටවල් ද දැන ගැනීම වැදගත් වේ. වසංගතය මර්ධනය සඳහා ගත හැකි ප්රධාන උපායමාර්ගය වන්නේ එන්නත්කරණය යි. ශ්රී ලංකාවේ මුළු ජනගහනයෙන් 85% කට මේ වන විට එන්නත් මාත්රා දෙකම ලබා දී ඇත.

රක්ෂක අංශවල ද සහයෝගය ලබා ගනිමින් මෙරට සෞඛ්ය අංශ අඛණ්ඩව එන්නත්කරණය කරගෙන යනු ඇත. මහජනතාවට සෞඛ්යසම්පන්න ජීවිතයක් ලබා දීම හා නව හරිත විප්ලවයක් යන්න ජනාධිපතිවරයා ක්රියාන්විතයේ වසංගතයත් සමගම ක්රියාත්මක වේ. ඉන්දීය සාගර කලාපයට විශේෂ වූ තවත් මූලික ගැටලු කිහිපයක් තිබේ, මත්ද්රව්ය ජාවාරම, මිනිස් ජාවාරම, ත්රස්තවාදය හා අන්තවාදය ක්රියාත්මක වීම වේ.

මෙම ජාවාරම් හා ඒවාට සම්බන්ධ අපරාධ කෙමෙන් වර්ධනය වන බවක් ද දැකගත හැකි ය ආගමික අන්තවාදය ඉන්දියාව පකිස්ථානය බංග්ලාදේශය වැනි රටවල ණක් නොව ශ්රී ලංකාවේ ද ක්රියාත්මක ය පාස්කු ප්රහාරය ඊට කදිම නිදසුනක් ලෙස හැඳින්විය හැකිය. කොවිඩ් වසංගතය වැළැක්වීමට මෙන්ම ඉහත කී අපරාධ වැළැක්වීමට ද සාමූහික ක්රියාවලියක් අවශ්ය වේ. විශේෂයෙන් මෙහිදී බුද්ධි අංශ හොදින් ක්රියාත්මක විය යුතුය.

එකිනෙක රාජ්යයන් හුදෙකලා ව නොව සාමූහිකව බුද්ධි අංශ ක්රියාත්මක වීම තුළින් මෙම ජාවාරම් මර්දනය කරමින් වැඩි ඵලදායිතාවයක් ලබා ගැනීමටත්, බලවතුන්ගේ කෙළිබිමක් බවට ඉන්දීය සාගර කලාපය පත් නොකටඒ සදහා වගකිමෙන් සුරක්ෂිත හා යුක්තිසහගත කලාපයක් සඳහා අපි වහ වහා ක්රියාත්මක විය යුතුය ඒ සඳහා ගත යුතු උපායමාර්ග පිළිබඳ ජනාධිපතිතුමන් අවධාරණය කළහ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්