Feb
11

” මට හිතාගන්න බැරිවුනා මම මොකද්ද කරන්න ඕන කියලා” සිය කෝටිපති පෙම්වතාගෙන් ලැබුණු විවාහ යෝජනාව ගැන අසේකා කියන කතාව

 
1784 Views
   
 

පසුගිය දින කිහිපයේ මෙරට ජනයාගේ සුවිශේෂ අවධානයක් හිමිකර ගත් චරිතයක් බවට අසේකා විජේවර්ධන කියන නර්තන ශිල්පිනිය පත්වුණා. ඊට හේතුව වනුයේ ඇගේ පෙම්වතා විසින් ඇයට කරන ලද විවාහ යෝජනාවයි. කොහොම නමුත් ඔහු කටයුතු කර තිබුනේ ඇයව හෙලිකොප්ටරයකින් එක්කරගෙන ගොස් පුදුමයට පත් කරමින් සිය විවාහ යෝජනාව සිදු කිරීමටයි

කොහොමහරි ඉතින් අසේකා කියල කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ නර්තන ශිල්පීන් දෙපලක් වන චන්න සහ උපුලී කියන යුවළගේ දියණියයි. ඇයත් සිය දෙමාපියන් වගේම නර්තනයට ගොඩාක් දක්ෂයි. ඒ විතරක් නොවෙයි අශේකා කියල කියන්නේ සුන්දර තරුණියක්. කොහොම නමුත් ඇය පසුගිය දිනක සිය ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු ගැන වගේම මෑතකදී සිය පෙම්වතාගෙන් ලැබුණු සප්‍රයිස් එක ගැනත් අදහස් දක්වලා තිබුණා

ඉතින් එලෙස අදහස් දක්වපු ඇය ඇගේ හීනය පිළිබඳ කිව්වේ මෙන්න මේ වගේ කතාවක් ”මම ඇත්තටම නර්තන ශිල්පිනියක් වෙන්න නෙවෙයි හිටියේ. ඒ කාලේ මම ගොඩක් ලැජ්ජයි. මට ඕන වුනේ නර්තන ගුරුවරියක් වෙන්න. එත් කාලය හැම දේම වෙනස් කළා.”

ඒ වගේම ඇය ආදරේ පිලිබඳ සහ ඇයගේ සහකරු ගැන කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මම අම්මා තාත්තා එක්ක ආදරේ ගැන විවෘතව කතා කරනවා. අම්මයි තාත්තයි නිතරම කියන්නේ විවාහය ඉක්මන් කරන්න කියලා. මගේ අනාගත සහකරු විශේෂයෙන්ම කලාවට ආදරේ කරන්න ඕන ඒ වගේම මම කරන දේවල් වලට උදවු කරන්නත් ඕන මගේ අම්මටයි තාත්තටයි ගරු කරන්නත් ඕන” කියලයි. ඇත්තෙන්ම මේවෙනකොට ඇගේ මේ සිහිනය සැබෑවෙලා තිබෙනවා

කෙසේවෙතත් තනිව හිටපු අසේකා මේවෙනකොට පෙම්වතියක්. ඇගේ පෙම්වතා තමයි ජනික් ජයසූරිය. ඉතින් ඔහු පසුගියදා ඇයට වෙනස්ම ආකාරයේ විවාහ යෝජනාවක් කර සිටියා. ඔහුගේ විවාහ යෝජනාව එසේ මෙසේ විවාහ යෝජනාවක් නෙවෙයි මොකද ඇගේ කෝටිපති පෙම්වතා ඇයව එක්කගෙන එන්නේ හෙලිකොප්ටරයකින් එහෙම ආවා අසේකා සප්රයි වෙන විදියට සිංදුවකුත් කියලා ලඟට ඇවිල්ලා තමයි ඔහු ඇයට මුද්දක් දීලා විවාහ යෝජනාව සිදුකරන්නේ

ඉතින් මේ සුන්දර අවස්ථාව අපට සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබුණා. ඒ විතරක් නොවෙයි ඇයට සහ පෙම්වතාට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල පිරිසක් සුභපැතුම් එකතුකර තිබුණා. ඉතින් පෙම්වතාගෙන් තමන්ට ලැබුණු මේ සප්‍රයිස් එක ගැන ඇයනම් කියන්නේ මෙන්න මේ වගේ කතාවක්

”ඇත්තම කියනවනම් මගේ ජීවිතේ මම වැඩියෙන්ම සතුටු වුන දවස තමයි ඒ, මට හිතාගන්න බැරිවුනා මම මොකද්ද කරන්න ඕන කියලා මම එච්චර සප්‍රයිස් වෙලා හිටියේ, මම හැමදාම හෙවුවේ මට ගොඩක් ආදරේ කරන කෙනෙක් අද මගේ හීනයක් හැබෑවෙලා” කියලයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්