Nov
26

කොවිඩ් තවමත් අප අතරයි ඔබ සැලකිළිමත්ද ?

 
1431 Views
   
 

කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්ය කර ඇත. නමුත් රජය විසින් තදබල ලෙස සංචරණ සීමා නොපැනෙව්වද තමා විසින් එම සංචරණ සීමා යොදා ගත යුතුව ඇත. මේ වනවිට පාසල් වලට දරුවන් අධ්යාපන කටයුතු සඳහා ගමන් කරයි.

දරුවන්ට සෞඛ්ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු ආකාරය ගුරුවරුන් , වැඩිහිටියන් , සෞඛ්ය ක්ෂේත්රයේ අදාල අංශ විසින් පෙන්වා දී ඇත. එහෙත් අද සමහර දේශපාලන අරමුණු ඔස්සේ කටයුතු කරන අය කිසිදු සෞඛ්ය මාර්ගෝපදේශයක් පිළිබඳ තැකීමක් නැත.

විශේෂයෙන්ම විපක්ෂයේ හැසිරීම අද ජනතාවට ප්රෙහේලිකාවක් බවට පත්වී හමාරය. සියලු දේටම එරෙහි වන විපක්ෂක් ඇති ලෝකයේ එකම රට ශ්රී ලංකාවද යන්න සිතෙන තරමටම ඔවුන් රජයට, රජයේ වැඩ පිළිවෙලට එරෙහි වෙමින් සිටී.

එහෙත් යන්තමින් හෝ ජනතාව පිළිබඳ සිතන්නේ නම් , ඔවුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීමට කිසිඳු දේශපාලන පක්ෂයක් කටයුතු කරන්නේ නැත. දැන් කොවිඩ් තත්ත්වය යළිත් යම් තරමකට උත්සන්න වන බව රෝගීන්ගේ සංඛ්යා ලේඛණ දෙස බැලූ විට පැහැදිලිය.

එසේ තිබිය දී අහිංසක තම පාක්ෂිකයන් උත්ඝෝෂණ වලට කැඳවමින්, විරෝධතා වලට කැඳවමින් විපක්ෂය හා විපක්ෂ නායකවරයා ඒ සිදු කරන්නේ ජනතාව අනතුරේ හෙලීමක් බව අවබෝධ කර ගත යුතුය . බලයම අරමුණ කර ගත් , බලයම ඉලක්ක කර ගත් බලය වෙනුවෙන් ඕනෑම ව්යාපෘතියක් ක්රියාත්මක කරන දේශපාලන පක්ෂ වලට අත්වන ඉරණම අන් කිසිවක් නොව දිනෙන් දින තව තවත් ජනතාවගෙන් ඈත් වී හුදෙකලා වීම පමණමයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්