Feb
17

කෝටිපති ව්‍යාපාරිකයෙකු සමගින් විවාහවු ජනප්‍රිය නිලි බුවනි චාපා සිය කඩවසම් සැමියා සමගින් ගෙවන සුන්දර ජීවිතේ

 
1064 Views
   
 

පසුගිය කාලයේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ නිරන්තරයෙන් කතාබහට ළක්වු ජනප්‍රිය වගේම දක්ෂ කලා කාරිනියක් තමයි බුවනි චාපා දියලගොඩ කියල කියන්නේ. ඇත්තෙන්ම සුන්දර තරුණියක ලෙසින් මෙරට කලා නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබාදුන්නු ඇයට මෙරට ජනයාගෙන් හිමිවූයේ ඉහළ ජනතා ආකර්ෂණයකි

කොහොම නමුත් එදා මෙරට කලාව තුළ අපට නිරන්තරයෙන් දැකගන්නට ලැබුණු බුවිනිව අපට වර්තමානයේදීනම් කලා නිර්මාණ තුළින් දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඒ ඇගේ විවාහයෙන් අනතුරුව කිව්වොත් නිවැරදියි

කොහොමහරි ඉතින් බුවිනිගේ විවාහය ගැන කතා කරනවානම් ඇය විවාහවෙන්නේ මෙරට ලංකාවේ සුපිරිම කෝටිපති ව්‍යාපාරිකයෙක් සමගිනුයි. ඔහු තමයි ගාර්ඩියන් ඔටොස් හි අධිපති තුමා වන කසුන් දේවින්ද. කොහොම නමුත් බුවිනිට කසුන්ව හමුවෙන්නේ ඇගේ පරණ කාර් එක විකුණලා මොඩිෆයි කරපු වාහනයක් ගන්න කසුන්ගේ ආයතනයට ගිහින් එහිදී ඇතිවූ දැන හැදුනුම් කමක් මතයි

ඒ වගේම තමයි බුවිනිගේ නැගණියත් අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් සුරූපී රංගන ශිල්පිනියක්. ඇය තමයි වත්සලා දියලගොඩ. කොහොම නමුත් විවාහයත් සමඟම රංගන කටයුතුවලින් ඈත් වීම පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ විවාහයෙන් අනතුරුව රංගන කටයුතුවලින් තමන් සම්පූර්ණයෙන්ම ඈත් නොවූ බවයි. ඒ වගේම ඇය කියන්නේ සැමියාගේ ව්‍යාපාර කටයුතුත් එක්ක කාර්යබහුල වූ නිසා ඉබේම රංගන කටයුතු වලින් මදක් ඈත් වීමට සිද්ධ වූ බවයි

මේ අතර බුවිනි තමන්ගේ සහ සැමියාගේ ජායාරූප නිරන්තරයෙන් සමාජ ජාලා මාධ්‍යට එක්කිරීමටයි කටයුතු කරන්නේ. එලෙස ඇය එක්කරන ජායාරූප සදහා ලැබෙන ප්‍රතිචාර මගින් අපට ඇගේ ජනප්‍රියත්වය එදා වගේම එකලෙස පවතින බව මනාව වැටෙනවා

මේ අතර ඇය කියන්නේ “රංගන කටයුතුවලට යොමුවන කෙනෙක්ට සීයට සීයක්ම ඒකෙන් මිදෙන්න අමාරුයි. මොකද රංගන ජීවිතය ගොඩක් රසවත් දෙයක්. ජීවිතයෙන් මිදිලා හුදෙකලා වෙන්න ලේසි නැහැ. ඒ හුදකලා බවින් මිදෙන්න නම් තමන්ගේ ගෙදර අයගේ සහයෝගය ඕනේ. එහෙම වෙනකොට තමයි පවුල් ආරවුල් ඇති වෙන්නේ මගේ සැමියා නම් මට කිසිම දෙයකට තහංචි දාලා නැහැ. ඕනම දෙයක් කරන්න නිදහස මට දීල තියනවා. ඕනම දේකට එයා මට සහයෝගය දෙනවා.මම කැමැතියි එයාට උදව් කරගෙන ජිවත් වෙන්න” කියලයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්