Feb
22

බුකියම කැළඹූ සුරූපිනිය, ඇගේ නමින් හෙලිකොප්ටර් යානයකුත් ගෙන්න ගත්තද ?

 
815 Views
   
Did-the-bookie-clad-beauty-even-bring-a-helicopter-in-her-name  

ත්‍රිකලා ධරණි කියන නමින් ඇයව හැඳිනුවේ නැති වුණාට ‘රෝස පාට කාර් එකේ අයිතිකාරිය’ කිව්වම කවුරුත් ඇයව දැන අඳුනනවා. ඉතින් තමන්ගෙ නමින්ම වාහනයක් ගෙන්නුව මේ කෙල්ල කවුද කියලා හොයන්න ගොඩක් දෙනෙක් උනන්දු වුණා.

ඇය නිරූපණ ක්ෂේත්‍රයේ කාලයක් තිස්සෙ වැඩ පෙන්වූ කෙනෙක් වගේම රූපවාහිනි වෙළඳ දැන්වීම් බොහෝමයකත් පෙනී ඉන්න කෙනෙක්.

හැබැයි නිරූපණයට හපන්කම් දක්වන ඇය, ගායනයට හපන් කෙනෙක් වග බොහෝ දෙනෙක් දන් නෑ. මේ කියන්න හදන්නෙ හිටි හැටියේ ඇය ‘හෙලිකොප්ටර් යානයක්’ ගෙනාපු ඒ කතාව.

ඇත්තටම ඒක ඇගේ අලුත්ම ගීතයේ මියුසික් වීඩියෝවේ දර්ශනයක්. මේ වෙද්දි ත්‍රිකලාගේ මේ ‘පාට ගෑ’ කියන ගීතය අන්තර්ජාලයේ බොහෝම ජනප්‍රිය වෙලා තියෙනවා.

ඇය මේ ගීතයෙන් කියන්නෙ ඇය ජීවිතේ දිනපු හැටි ගැන වීමත් විශේෂත්වයක්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්