Feb
15

ගයාන් ගුණවර්ධන සහ පූජනී බාග්‍යා ඊයේ දිනට යෙදී තිබුණු ආදර වන්තයින්ගේ දිනය සැමරූ හැටි

 
938 Views
   
 

ගයාන් ගුණවර්ධන කියන්නේ මේවෙනකොට අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් චරිතයක්. ඇත්තෙන්ම ඔහුව අපට මෙරට දක්ෂ ගායකයෙකු වගේම දක්ෂ රංගන ශිල්පියෙකු හැටියට හදුන්වන්න පුලුවනි. කොහොම නමුත් මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන පාර දිගේ ටෙලි නාට්‍යයට සිය රංගන දායකත්වය දක්වන ඔහුට හිමිව තිබෙනුයේ ඉහළ ජනතා ආකර්ෂණයක්. ඒ විතරක් නොවෙයි ඔහුව අපට මේ දිනවල හිරු නාලිකාවේ අහස මාලිගා ටෙලි නිර්මාණය ඔස්සේද දැකගන්නට ලැබෙනවා

කොහොමහරි ඉතින් ගයාන් කියල කියන්නේ සිය පියාගෙන් ලද ආභාෂයත් සමග කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන චරිතයක් කිව්වොත් නිවැරදියි. ඇත්තෙන්ම ඔහුගේ පියත් ගයාන් වගේම ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ගායන ශිල්පියෙක්. ඔහු නමින් නුවන් ගුණවර්ධන. ඒ මහතාද අලුත් ගීත නිර්මාණ රැසක් සිය රසිකයන් හට මේවෙනකොට ඉදිරි පත් කර තිබෙනවා. කොහොම නමුත් ගයාන් මේවෙද්දී සමාජ මාධ්‍ය තුලත් ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත් වී අවසානයි

කොහොම නමුත් ගයාන් කියන නම ඇසෙනවිට අපට මතකයට නැගෙන තවත් නමක් තමයි පුජනි බාග්‍යා කියලා කියන්නේ. ඊට හේතුව වෙන්නේ පසුගිය දිනක ඔවුන් දෙදෙනා කළ සුවිශේෂ ෆොටෝශූට් එකක්. ඒ විතරක් නොවෙයි මේ දෙදෙනා ආදර වන්තයින් බවයි බොහෝදෙනෙකු කියන්නේ. නමුත් ඒ ගැන අදහස් දක්වමින් ඔවුන් දෙදෙනා නම් කියල තිබුනේ දෙන්නා අතර එවැනි ආකාරයේ ආදර සබදතාවයක් නැහැ කියලයි

නමුත් ඊයේ දිනට යෙදී තිබුණු ආදර වන්තයන්ගේ දිනය සැමරීමටයි මේ දෙදෙනා කටයුතු කර තිබුනේ. කොහොම නමුත් ඔවුන්ගේ මේ සැමරීම දැකපු බොහෝදෙනෙකු කියා සිටියේ හොඳම යාලුවෝ නම් අදවන්තයින්ගේ දවස සමරන්නේ නැනේ කියලයි. ඉතින් ඊට සටහනක් එකතු කරමින් පිළිතුරු ලබාදීමටයි ගයාන් කටයුතු කර සිටියේ

ඉතින් ඔහුගේ සටහනේ තිබුනේ ” ආදරේට කොයින්ද නිර්වචන ආදරය කියන්නේ එක දවසකට විතරක් සිමාවෙච්ච වෙන්කරලා සමරන්න පුළුවන් දවසක් නෙවෙයි. ආදරය කියන්නේ හැම හුස්මකම , හැම හිනාව්කම, හැම වචනෙකම සහ හැම තප්පරෙකම තියෙන්න ඕන දෙයක්. හැපී වැලන්ටයින්ස් ඩේ” කියලයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්