Feb
12

තවත් විශිෂ්ටයෙක් ක්‍රීඩා පිටියට සමුදෙයි

 
446 Views
   
Another great man bids farewell to the playing field  

ලොව බිහිවු තවත් විශිෂ්ට මලල ක්‍රීඩකයෙක් සිය ක්‍රීඩා දිවියෙන් සමුගැනීම ඊයේ නිවේදනය කළේය.

අමෙරිකානු කෙටිදුර ධාවන ශූර ජස්ටින් ගැට්ලින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවට සටහනක් එක් කරමින් සඳහන් කර තිබුණේ තමන් මලල ක්‍රීඩාවෙන් සමුගන්නා බවය.

2004 වසරේ ඇතැන්ස් ඔලිම්පික් උළෙලේ මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගත් ජස්ටින් ගැට්ලින් එවකට ලෝකයේම අවධානය දිනාගත්තේය.

එතැන් පටන් තම පදක්කම් ගොන්නට ඔලිම්පික් පදක්කම් 6ක් එක් කරගත් ගැට්ලින් ලෝක ශූරතා පදක්කම් 12ක්ද තමන් සතුකර ගත්තේය.

ඊට අමතරව ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ද රන් පදක්කම් දෙකක් දිනාගැනීමට ගැට්ලින් සමත්ව තිබීම විශේෂත්වයකි.

අවස්ථා කිහිපයකදී තහනම් උත්තේජක චෝදනා හේතුවෙන් තරග තහනම්වලට ලක්වූ ගැට්ලින් වර්තමාන මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ වැඩිම කතාබහට ලක්වූ මලල ක්‍රීඩකයින් අතරින් කෙනෙකි.

ලොව වේගවත්ම මිනිසා ලෙස විරුදාවලිය ලත් උසේන් බෝල්ට් ගැට්ලින්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වූ අතර බෝල්ට්ගේ අවසන් තරගයේදී ඔහුව පරාජය කිරීමට ගැට්ලින් සමත්වුණි.

ගැට්ලින් මලල ක්‍රීඩා පිටියෙන් සමුගන්නාවිට මීටර 100 ඉසව්වේ ලොව 5වැනි වේගවත්ම කාලය වාර්තා කළ මිනිසා වූ අතර මීටර 100 ඉසව්වේ ඔහුගේ හොඳම කාලය තත්පර 9.74කි.

සිය ඡන්ම දිනය යෙදී තිබු පෙබරවාරි 10 වැනිදා ගැට්ලින් මලල ක්‍රීඩා පිටියෙන් සමුගැනීම නිවේදනය කළේ වසර 27ක් තමන් පෝෂණය කළ ක්‍රීඩාවට ස්තූතිවන්ත වෙමිනි.

අමෙරිකාවෙන් බිහිවූ පෙරළිකාරම මලල ක්‍රීඩකයා ලෙස සැලකෙන ජස්ටින් ගැට්ලින් මින් ඉදිරියට ධාවන පථයේදි අපට දැකගැනීම නොහැකි වුවත් ඔහු ඉතිරිකර ගිය සුවිශේෂි මතක සටහන් සුවහසක් ක්‍රීඩාලෝලීන්ගේ හදවතේ නිසකැවම තැන්පත්වනු ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්