Aug
19

පළාත් සීමා පනින්න පුළුවන් මෙන්න මේ අයට විතරයි

 
1195 Views
   
 

ඊයේ සිට දැඩි කෙරුණු නව සංචරණ නී ති රී ති යටතේ පළාත් සීමා මායිම් හරහා ගමන් කළ හැකි අවසරලත් ඒකක හතක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 31 වැනිදා දක්වා බලපැවැත්වෙන කෝවිඩ් 19 පිළිබඳ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පළාත් සීමා මායිම් තරණය කිරීමට අවසර දෙනු ලබන අත්‍යාවශ්‍ය සේවා අංශ වන්නේ සෞඛ්‍ය සේවා, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය අංශයේ නිලධාරීන්, අත්‍යාවශ්‍ය නිල චාරිකා සඳහා, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහරින්නන්, උපයෝගිතා සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන්නන්, සමීපත ම පවුලේ සාමාජිකයෙකුගේ ම ර ණ ය ක් සඳහා ගමන් කරන්නන් (සාක්ෂි අවශ්‍යයි), වරායන් වෙත භාණ්ඩ ප්‍රවාහනය සහ ගුවන් තොට වෙත ගමන් කරන්නන් (සාක්ෂි අවශ්‍යයි) යන අයට යි.

මීට අමතර ව හුදකලා කරන ලද ප්‍රදේශවල වෙසෙන අත්‍යාවශ්‍ය සේවා සේවකයින් සුවිශේෂී අවස්ථාවන්හි දී හැර භෞතික ව සේවයට වාර්තා කිරීම දැඩි ලෙස අ ධෛ ර්යමත් කරන ලෙසත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්