Nov
27

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන ජනපතිගේ නිරීක්ෂණයට

 
1665 Views
   
 

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට භාරගත්තේ දැයේ දූ පුතුන්ගේ හෙට දවස සුරක්ෂිත කරමින් යහපත් අනාගතයක් උරුමකර දීමේ උදාර අරමුණෙනි.

සෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති මාලාවේ සඳහන් දිගුකාලීන් හා කෙටිකාලීන සැලසුම් ඔස්සේ එම වැඩපිළිවෙල ඉතා සාර්ථක ලෙස ක්රියාවට නංවමින් ඇත.

මෙරට ජනතාවටත් නොදැනීම අහිංසක ජීවිත බිළිගත් රසායනික පොහොර මෙරටට ගෙන්වීම තහනම් කිරීමේ එඩිතර තීරණය එතුමා ගත්තේය.කොතෙකුත් බාධා විවේචන පැමිණියත් ජනතාව වෙනුවෙන් එතුමා ගත් ඒ සෘජු තීරණය කැපී පෙනේ.

රසායනික පොහොර මෙරටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතර කළ එතුමා දේශීයව කාබනික පොහොර නිපදවීමට කටයුතු කළ අතර ජනතාව ඒ සඳහා දිරිමත් කරමින් අවශ්ය පහසුකම් සලසන ලදී.ඒ අනුව රට පුරා බොහෝ ජනතාව කාබනික පොහොර නිෂ්පාදනයට යොමුවිය. ඒ අනුව ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්යස්ථාන පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් උතුරු මැද පළාත තුළ මධ්යස්ථාන 35කදී කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරනු ලැබේ.

ඒ සඳහා ජපන් ජබර, ගිනිසීරියා, කුකුළු අපද්රව්ය, වියළි ගොම සහ එප්පාවල රොක් පොස්පේට්, අමුද්රව්ය ලෙස යොදාගැනේ. මහ කන්නය සඳහා කාබනික පොහොර මෙට්රික් ටොන් 50,000ක් නිෂ්පාදනය කිරීමට ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව අපේක්ෂා කරයි.

අනුරාධපුර ඔයාමඩුව, සේනානායක මාවත, පදවිය, මහඉලුප්පල්ලම, එප්පාවල සහ තලාව පිහිටි මධ්යස්ථාන 6කදී පොහොර ඇසුරුම් කර, කොමර්ෂල් පොහොර සමාගමට ලබා දෙයි. අනතුරුව කොමර්ෂල් පොහොර සමාගම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් ගොවි ජනතාව වෙත කාබනික පොහොර බෙදාහැරීම සිදු කරයි.

මෙම කාබනික පොහොර මෙට්රික් ටොන් එකක් කුඹුරු හෙක්ටයාරයකට භාවිත කළ හැක. පොහොරවල නිෂ්පාදන කටයුතු සහ ගුණාත්මකභාවය පිළිබඳ ඇසුරුම් මධ්යස්ථානවලදී හෝ නිෂ්පාදන මධ්යස්ථාන වලදී ගොවීන්ට දැක බලා ගැනීමට ද අවස්ථාව සලසා තිබේ.

ඔයාමඩුව සහ සේනානායක මාවත පිහිටි කාබනික පොහොර ඇසුරුම් මධ්යස්ථාන නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා නිෂ්පාදිත පොහොර වල තත්ත්වය විමර්ශනයට ලක් කළේය. අමාත්ය එස්.එම්. චන්ද්රසේන මහතා ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම නිරීක්ෂණ අවස්ථාවන්ට එක්ව සිටියහ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්