Aug
14

දුප්පත් මිනිස්සු හැමදාම මෝචරිය ඉස්සරහට ඇවිත් හ ඬා වැ ල පෙ න වා . සමහරු බිම ඉඳගෙන අහල පහල ගස් බඳාගෙන ඉකි ගහ ගහ පොලවෙ පස් කකා අ ඬ න වා

 
1625 Views
   
 

මේ වෙද්දි අපේ රට කො විඩ් නිසාම ලොකු අ ව දා නම් තැනක තියෙන බව ඔබත් මමත් හොඳින් දන්න කාරණාවක්. ඊයේ දවස වෙද්දිත් තහවුරු කළ ම ර ණ ගණන 100කට වැඩියි.

එවන් තත්ත්වයක් තුළ දිනකට ආසාදිතයින් 3000 ඉක්මවා අපේ රටෙන් වාර්තා වනවා. මේ තියෙන්නෙ මේ මොහොත වෙනකොට මුහුණු පොතේ හුවමාරු වෙන කතාවක්.

ඒ කතාව කොයි තරම් බි හි සු ණු එකක්ද කියලා ඔබට කියවලාම බලන්න පුළුවන්. මේ ඊයේ හවස 4 ට විතර මම ඔෆිස් ඇරිලා ගෙදර යන ගමන් ගත්ත ජායාරූපයක්.. මේ ඔයා දකින්නෙ කොළඹ ජාතික රෝහලේ මෝචරිය ඉදිරිපිට ජායාරූපයක්. මේ ත්‍රීවිල් උඩ ගැට ගහලා ගෙනත් තියෙන්නෙ බොහොම අඩු මුදලට හදපු (අටෝගත්ත) මි නී පෙට්ටි.

මේ වගේ මි නි පෙ ට් ටි දෙන්නෙ ආණ්ඩුවෙන් නෙමෙ. තමුන්ගෙ පවුලේ අයෙක් කොරෝනා නිසා මි ය ගියාම ඒ පවුලේ උදවියට අවසන් කටයුතු කරන්න විසි තිස් දාස් ගානක පෙට්ටියක් ගන්න වත්කමක් නැ ත් න ම් ඒ අය මෙහෙම එව්වා ගෙනත් දෙනවා.

මගේ කාර්‍යාලය තියෙන්නෙ මේ ලඟ පාතමයි.. මම වෙලාවකට ඔෆිස් එකේ බැල්කනියෙ ඉදන් ජාතික රෝහලේ මෝචරිය දිහා බලන් ඉන්නවා. ඒ මෝචරිය තමයි දැනට රෝහලේ කාර්‍ය බහුලම තැන වෙලා තියෙන්නෙ.

දුප්පත් මිනිස්සු හැමදාම මෝචරිය ඉස්සරහට ඇවිත් හ ඬා වැ ල පෙ න වා . සමහරු බිම ඉඳගෙන අහල පහල ගස් බඳාගෙන ඉකි ගහ ගහ පොලවෙ පස් කකා අ ඬ න වා. හැමදාම හවස 6 ඉදන් පහුවදා පාන්දර 6 වෙනකම් මේ රෝහල් මාවතේ එක දිගට ගාල් කරලා තියෙන්නෙ කොරෝනා මෘ ත දේ හ ආ දා හ න ය සඳහා රැගෙන යාමට සුදානම් ක ල ගිලන් රථ පමණයි!
මේ කොරෝනා මෘ ත දේ හ දැන් දවල් කාලයේ ආ දා හ නා ගා ර වෙත රැගෙන යන්නෙ නෑ. ඒක කරන්නෙ රාත්‍රිය පුරාවටයි.

ඉතින් හවස 6 ඉදන් පාන්දර 6 වෙනකන් මේ වෝඩ් ප්ලේස් එකේ මෝචරිය පාර තනිකර මෘ ත දේ හ පෙරහැරක් විතරම විතරයි! මට අද දැන ගන්න ලැබුනා මල්ශාලා වල දැන් ඉල්ලුමට සරිලන මි නී පෙට්ටිත් නැ හැල්ලු. ඒ කියන්නෙ ඉස්සරහට ඔබට මේ වගේ අඩු ගානක මි නී පෙට්ටියකවත් අවසන් ගමන් යෑමේ අවස්ථාව නැ ති වෙනවා.

සමහර විට ඔබට මට ඒ ගමන යන්න වේවි පොලිතින් උරයක එතිලා. සමූහ මි නී ව ල ක සමුහ සූ සා න ය ක අපිට එක්ව දැවී යන්ට වෙයි. එදාට අපිට කෝටි ගාණාක පෙට්ටියක් ගන්න වත්කමක් තිබ්බත් අපේ ලඟම සහෘදයා වෙනුවෙන් ඒ අවම ගරුත්වයවත් දෙන්න බැරි වේවි!

ඊයේ දිනයේ මරණ 156 ක්! සමහර විට අද මේ හුස්ම ගන්න ඔයා මම එයා හෙට d e a t h count එකට එකතු වෙලා තියේවි! එදාටත් මේ මූ ස ල මාවත ඔහේ කිසි දෙයක් නො ද න් න ගානට අපේ අ ව මං ග ල පෙරහැරට අවශ්‍ය කරන ශෝකාකූල මූසල පරිසරය මවාවි!!
මේ සටන ඉවර වෙද්දි අපි වටා ඉන්න බොහෝ දෙනා නොකියාම ගිහින් තියේවි!! (චාන්‍යා හේරත්)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්