Jul
22

හදිසි අ නතුරකට ලක්වූ දයාසිරි ජයසේකරගේ දැන් තත්ත්වය මෙන්න

 
1861 Views
   
 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රිය අ’නතුරකට ලක්ව තුවාල ලබා තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සිය දෛනික ව්‍යායාම සඳහා පා පැදියක නැගී ගමන් කරද්දී එම පා පැදිය අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් ඊයේ (21) මෙම අ’නතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී සිදුවූ මෙම අ’නතුරෙන් අමාත්‍යවරයාගේ නලලට, අත් සහ පාදවලට තුවාල සිදුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය නාලිකාවක් සිදුකළ විමසීමකදී දයාසිරි ජයසේකර පැවසුවේ, එය සාමාන්‍ය රිය අනතුරක් බවයි. තුවාල සඳහා ප්‍රතිකාර ලබාගෙන එදිනම තමා නිවසට පැමිණි බව ද ඇමතිවරයා සඳහන් කළා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්