Jul
23

එයාට ඉතාමත්ම හොද තේරුම් ගැනීමේ ශක්තියක් තියෙනවා. මම කරන්න ඕනි මොකක්ද නැත්තේ මොකක්ද කියලා හරියටම කියනවා මට දැන්ම විවාහ වෙන්න ඕනෙ නෑ (Photos)

 
9469 Views
   
 

ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ කලා ලෝකයේ දැකගන්න ලැබෙන සුන්දර කලා ශිල්පිනියක්. රංගනයට පමණක් නෙවෙයි නර්තනයට හා ගායනයටත් ඇය ඉතාමත් දක්ෂය. මේ දිනවල ටෙලිනාට්‍ය ගණනාවකින්ම ප්‍රේක්ෂකයන් වෙන එන ශනුද්‍රි ප්‍රියසාද් මේ දිනවලනම් ඉන්නේ ඉතාමත් සතුටින්. ඒ දිනක්ෂි ප්‍රියසාද් වන ඇයගේ වැඩිමහල් සහෝදරිය මව් පදවිය ලැබීමට සිටින නිසා. ඉතින් පසුගිය දිනයක පුවත්පතක් සමග එකතු වෙමින් ඒ පිළිබඳව ඇය සෙනෙහසින් යුක්තව මේ විදියටයි කතා කරලා තිබුණේ.

ශනූ නිතරම කාර්‍යබහුලයි කියලා ගොඩාක් දෙනක් කියනවා. ඒ ඇයි?
එහෙමම නෑ ඉතින්. මම හරිම නිදහසේ ඉන්නවා. කොහොමත් මම රූගත කිරීම්වල නිරතවෙනකොටනම් Phone එක පාවිච්චි කරන්නේ නෑ. ඒක මට කරදරයක්.

එතකොට ඔබ නිතරම කාත් එක්කද කතා කරන්නේ?
මට විශේෂ කවුරුවත් නෑ දැනට. මට ගොඩාක් යාලුවො ඉන්නවා. එයාලා එක්ක තමයි ඉතින් මම නිතරම වගේ කතා කරන්නේ.

ඔබට මේ වගේ නාට්‍ය ගණනාවකට රූගත කිරීම් කරනකොට අපහසු නැත්ද?
මේ නාට්‍ය ඔක්කොම රූගත කරන්නේ කොළඹ නෙවෙයි. කොළඹ වගේම කොළඹින් පිට නුවරඑළිය වගේ පළාත්වලට යන්න වෙනවා. හැමදාම තදාසන්න ප්‍රදේශවල ඉන්නවාට වඩා ඒ වෙනසට මම හරිම ආසයි. ඒක මට අලුත් අත්දැකීමක්. එහෙම දුර පළාත්වල ඇවිදින්න වෙන එක මට මහන්සියි තමයි. ඒත් අපි වැඩක් බාරගත්තම ඒ දේට 100% සහයෝගය දෙන්න ඕනි. ඒ නිසා මම මහන්සිය නොබලා කැපවෙලා වැඩ කරනවා.

මේ වෙනකොට ප්‍රියසාද් පවුලේ අය ලොකු සතුටකින් නේද ඉන්නේ?
ඔව් අපේ ගෙදර අයට මේ දවස්වල ගොඩාක් සතුටුයි. අපේ පවුලට එන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා අපි තාම දන්නේ නෑ ඉතින්. ඒත් එයා එනකන් අපේ පවුලේ හැමෝම දින ගනිමින් තමයි ඉන්නේ.

එතකොට ශනුද්‍රි පුංචි කෙනෙක් නේද?
ඔව්. තව මාස කිහිපයකින් මම චූටි පුංචි. ශේෂාද්‍රි අක්කා ලොකු පුංචී. ඇත්තටම මට පුංචි කෙනෙක් වෙනකන් ඉවසිල්ලක් නෑ අපේ පුංචි පැටියා එනකන් මම මග බලාගෙන ඉන්නවා.

ඔබේ අධ්‍යාපන කටයුතු කොහොමද?
මගේ අධ්‍යාපන කටයුතුනම් දැන් ඉවරයි මම කරේ අලෙවි කළමනාකරණ අංශයේ උපාධියක්. දැන් උපාධිය ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ මාස්ටර්ස් එක පටන් ගන්න එක තමයි.

ඔබට කලාවේ වැඩ ගොඩකට දායක වෙන්න ලැබෙන නිසා හොද ආර්ථික පසුබිමකුත් ඇති නේද?
මගේ වෘත්තිය රංගනයයි. ඉතින් මම රංගනයෙන් මුදල් උපයනවා. නමුත් මම මේ ක්ෂේත්‍රයේ හැම වැඩක්ම කරන්නේ මුදල් බලාගෙන නෙවෙයි. මට ඕනි තවත් අම්මට තාත්තට බරක් නොවී මගේම සල්ලි වලින් ඉදිරි අධ්‍යාපන කටයුතු කරගන්න.

අක්කලා දෙන්නගෙන් පස්සේ ඊළගට විවාහ වෙන්න ඉන්නේ ශනූ නේද?
මම දැන්ම විවාහයක් ගැන හිතලා නෑ. මම මගේ වෘත්තිය ජීවිතට හරියටම පටන් ගත්තේ දැන් තමයි. විවාහයට කලින් මම වෘත්තිමය අතින් හොදින් ස්ථාවර වෙලා ඉන්න ඕනි. මත තාම අවුරුදු 24 යි. ඉතින් දැන්මනම් විවාහ වෙන්න ඕනි නෑ මට. මට පෙම්වතෙක් හම්බෙන කාලෙක හමුවෙයි. දැනට මට පෙම්වතෙක්ගේ ආදරය අවශ්‍ය නෑ. මට ගෙදරින් යාලුවොන්ගෙන් ලැබෙන ආදරය ගොදටම ඇති.

දක්ෂතම නිළිය සම්මානයටද, ජනප්‍රියම නිළිය සම්මානයටද වැඩියෙන්ම ආස?
දක්ෂතම නිළිය, නැගී එන නිළිය වගේ සම්මාන වලට ආසයි.

මස්සිනා දෙන්නලාගෙන් කවුද වැඩියෙන්ම හොද?
එහෙම දෙයක් නෑ. ඒ දෙන්නම මට හොදයි. මම අක්කලා දෙන්නටම වඩා අයියලා දෙන්නට ගොඩාක් සමීපයි. මම අක්කලා දෙන්නටවත් කියන්නේ නැති දේවල් අයියලා දෙන්නට කියනවා. ඒ තරම් අපි හොද යාලුවෝ වගෙයි. මගේ ඕනිම ප්‍රශ්නයක් කියන්න පුළුවන් එයාලට. එයාලා මට හරිම ආදරෙයි.

ඔබේ ලොකු මස්සිනා සාරංගගෙන් දකින හොදම ගුණාංගය මොකක්ද?
එයාට ඉතාමත්ම හොද තේරුම් ගැනීමේ ශක්තියක් තියෙනවා. මම කරන දේ දිහා බලාගෙන ඉදලා මම කරන්න ඕනි මොකක්ද නැත්තේ මොකක්ද කියලා හරියටම කියනවා. එයාට කෙනෙක් දිහා බලාගෙන ඉදලා ඒ කෙනාව තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.

ඔබේ ලොකු අක්කා ගැන මොනවාද කියන්න තියෙන්නේ?
මම මගේ ලොකු අක්කා ගැන හරියට ආඩම්බර වෙනවා. එයා පොඩි කාලේ ඉදලා ජීවිතයට මුහුණු දුන්නු විදිය හරිම ආදර්ශවත්. මම පුංචි කෙනෙක් වෙන්න ආසාවෙන් හිටියා. ඔයාගේ පුංචි අමුත්තා අරගෙන ඉක්මන්ට එන්න අක්කේ.

ශනුද්‍රි ප්‍රියසාද ඒ විදියට සෙනෙහෙබරව තමයි තමන්ගේ අක්කා ගැන කතා කරලා තිබුණේ. ඇයගේ සුන්දර ඡායරූප පෙළක් නැරඹීමට ඔබට ආරාධනා කරනවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්