Sep
28

කොටස් වෙළඳපොළහි වාර්තා ගත ඉහළ යාමක්

 
487 Views
   
 

කොළඹ කොටස් වෙළඳපොළ සමස්ත මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් අංක 8,920.71 ක් ලෙස වාර්තා විය. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 10 ඉක්මවූ බව කොළඹ කොටස් හුවමාරුවේ අලෙවි ප්‍රධානී නිරෝෂන් විජේසුන්දර මහතා පවසයි. සියලු කොටස් මිල දර්ශකයෙහි හා සමස්ත වෙළඳපොළ ප්‍රාග්ධනකරණයෙහි මෙතෙක් තිබූ වාර්තා අලුත් කර කාර්‍යසාධනයක් වාර්තා කරමින් කොළඹ කොටස් හුවමාරුවට 2021/09/26 වන දින සුවිශේෂී දිනයක් විය.
මීට පෙර සියලු කොටස් මිල දර්ශකයෙහි වාර්තා වූ ඉහළම අගය 2021/01/27 වන දින දර්ශක අගය අංක 8812.01 ක් පසුකරමින් දර්ශක අංක 8920.71ක් ලෙස සටහන් වූයේ 2021/09/26 වන දිනට සාපේක්ෂව ඒකක අංක 164.08 කින් ඉහළ යමින්ය. එසේම සමස්ථ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.9ක් ලෙස සටහන් වෙමින් ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කළේය. 2020 වසර හා සසඳන විටදී මෙම වසර තුළ දී සුලු හා මධ්‍ය පරිමාණ ආයෝජකයින් 52% කින් වර්ධනය වී ඇති බව දක්නට ලැබේ.
එසේම සියලු කොටස් මිල දර්ශකය මේ වසර තුළදී 31.69% ක වර්ධනයක් පෙන්නුම් කරයි.
මෙම වසරේ සමස්ථ වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 618.05කි. ඒ අනුව සියල්ල ඉතා සාර්ථක ලෙස ඉතාමත් සාධනීය අගයක් ගන්නා බව සතුටින් දන්වා සිටිමු ….(රෂිකා සඳමාලි හෙන්නායක)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්