May
30

යාපනයේ කථිකාචාර්යවරියක් කොවිඩ් වැළඳී මි’ය ගිහින්

 
1329 Views
   
 

යාපනය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්යවරියකට කොවිඩ් 19 වෛරසය වැළඳීම හේතුවෙන් ඊයේ (29) රාත්‍රියේ මි’ය ගොස් ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

 

යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි ශ්‍රීරංජනී ආනන්ද කුමාර්ස්වාමි මහත්මිය කිසියම් වෙනත් අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කල අතර එහිදී පසුගිය 12 වනදා සිදුකරන ලද ඇන්ටිජන් පරික්ෂාවකදී කථිකාචාර්යවරියට කොවිඩ් 19 වෛරසය ආසාදය වී ඇති බවට තහවුරු ව ඇති බව සඳහන්.

 

අනතුරුව ඇය යාපනය ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගී වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී අසනීප තත්වය ක්‍රමයෙන් වැඩී වී ඊයේ (29) රාත්‍රියේ මි’ය ගිය බවට යාපනය රෝහල් වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

 

මේ අතර මි’ය ගිය යාපනය විශ්වවිද්‍යාලයේ කථිකචාර්යවරියගේ අවසන් කටයුතුද කොරෝනා නීතිවලට අනුව අද දිනයේදී සිදුකිරීමට පියවර ගෙන ඇති බවට යාපනය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්