Nov
13

CCTV කැමරාවට වසන් කළ කාර් එකෙන් වනවාසල ඝාතකයො අල්ලපු හැටි

 
2646 Views
   
 

අපරාධයක සුලමුල සොයා ඊට සම්බන්ධ වූවන් නීතියේ රැහැනට ගෙන ඒමේ කාර්යභාරය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

ඒ සඳහා ඒ පිළිබඳ විමර්ශනය සිදු කරන පොලිස් නිලධාරියා සතුව තීක්ෂණ බුද්ධියක් මෙන්ම මනා පළපුරුද්දක්ද තිබිය යුතුය. සිදුවූ අපරාධය පසුපස හඹාගොස් කිසියම් හෝ හෝඩුවාවක් සොයා ගැනීමෙන් අනතුරුව සිදුකළ අපරාධයේ සුලමුල අනාවරණය කර ගැනීමට ඕනෑම දක්ෂ පොලිස් නිලධාරියකුට හැකියාව ඇත.

ඉකුත් සතියේ මෙලෙස සිදුවූ ඝා’ ත න ය ක සුලමුල නිලධාරීන්ට සොයා ගත හැකි වූයේ ඝා’ ත න ය ට ලක්වූ පුද්ගලයාගේ මහපට ඇඟිල්ලක සටහනක් අපරාධ වාර්තා කොට්ඨාසය වෙත යැවීමෙන් අනතුරුව ඔහුගේ වතගොත සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයෙන් අනතුරුවය.

“සර් වනවාසල පොසොන්වත්ත ළඟ මිනිහෙක් ම ර ලා දාලා” ඉකුත් දිනෙක පෑලියගොඩ මූලස්ථාන පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමකි.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් විමර්ශන ආරම්භ කෙරිණි.

ඒ අධිකරණයද දැනුවත් කිරීමත් සමඟිනි. එහෙත් මරාදැමුණු පුද්ගලයා කාගේ කවුදැයි හඳුනාගත නොහැකි විය.

එහෙත් කිහිප දෙනෙක්ම මළ සිරුර තිබූ ස්ථානයට පැමිණ එම පුද්ගලයා කවුදැයි හඳුනා ගැනීමට උත්සුක වූහ.

මේ අතර මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයට අමතරව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයටද විමර්ශන භාර කෙරිණි.

ඒ කැලණිය කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් මතය. කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වූයේ ප්රධාන පොලිස් පරීක්ෂක කීර්තිසිංහය.

පොලිස් පරීක්ෂක රුමේෂ් රත්නායක ඇතුළු කණ්ඩායමක් මෙම විමර්ශනයේදී ඔහුට සහාය වූහ. පොලිසියට අවශ්යව තිබුණේ මරාදමන ලද පුද්ගලයා හඳුනා ගැනීමය. එය සාර්ථක විය.

එම ප්රදේශයේම පදිංචි පිරිසක් මරා දමන ලද පුද්ගලයා ඔවුන්ගේ ඥාතියකු බවට හඳුනා ගත්හ. එතැන සිටි අයකු කීවේ තමා මරා දැමුණු පුද්ගලයාගේ මාමා බවය.

මියගොස් සිටින්නේ තම පුතකු බවය. පොලිසියට තවත් තොරතුරක් ලැබිණි. ඒ මියගිය පුද්ගලයා සොරකමේ යෙදෙන්නකු බවත් සොරකමේ යෙදෙද්දී හසුවීම නිසා ඔහුට මෙසේ පහරදී මරා දමා ඇති බවත්ය.

මේ සියලු තොරතුරු ලබාගත් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා පොලිස් පරීක්ෂක රුමේෂ් රත්නායක ඇතුළු කණ්ඩායමක් හඳුනාගත් මියගිය පුද්ගලයා පදිංචි නිවෙස වෙත යවන ලද්දේ මියගිය පුද්ගලයා රැඳී සිටි නවාතැන සෝදිසි කරන ලෙසය.

ඒ අනුව මියගිය පුද්ගලයා වනවාසල ප්රදේශයේම නිවෙසක කාමරයක පදිංචිව සිටි බව අනාවරණය කරගත් පොලිස් පරීක්ෂක රුමේෂ් මියගිය අයගේ ඥාතියකු සමඟ වනවාසල ඔහු පදිංචිව සිටි කාමරයට ගියේය. මියගිය බවට හඳුනාගත් පුද්ගලයා නිරුපද්රිතව එම කාමරය තුළ සිටියේය.

නිලධාරීන්ට මෙන්ම ඔහුගේ ඥාතීන්ට ඇති වූයේ මහත් පුදුමයකි. නිලධාරීහු ඔහුගෙන් ප්රශ්න කළහ. ඔහු නොසඟවා ඊට පිළිතුරු දුන්හ. එසේනම් පොසොන්වත්තේ මරා දමා ඇත්තේ වෙන පුද්ගලයකු බව පොලිසිය තීරණය කළේය. ඔහු කවුදැයි හඳුනා ගැනීමට පොලිසියේ ඊළඟ ප්රශ්නය විය.

ඒ සඳහා නිලධාරීහු දැඩි උත්සාහයක් ගත්හ. ඒත් ඒ කිසිවක් සාර්ථක වූයේ නැත. ඉන් පසු පොලිසියේ ඇස යොමුවූයේ වෙනත් දිසාවකටය.

“ඊට පස්සේ අපි ඔය පුද්ගලයා ම ර ලා දාලා තිබුණු තැනයි ඒ අවට ප්රදේශයේ තියෙන සී.සී.ටී.වී කැමරා සෝදිසි කළා. ඒ සෝදිසියේදී අපට පෙණුනා එක කැමරාවක තියෙනවා ඔය පුද්ගලයා ම ර ලා දාපු තැන වාහනයක් නතර කරලා තියෙනවා. ඒ වාහනේ ඉදිරිපස ලයිට් දෙකම ඔන් කරලා තිබුණේ. අපි පුළුවන් තරම් ඒ වාහනේ නොම්මරය හඳුනා ගන්න උත්සාහ කළා.”

“පස්සේ අපිට වැටහුණ, ඒ වාහනේ හොණ්ඩා ෆිට් වර්ගයේ මෝටර් රථයක් කියලා…” පොලිස් පරීක්ෂක රත්නායක මහතා විමර්ශන ඇරැඹූ ආකාරය කීවේය.

සැකයට හේතුවූ එම හොණ්ඩා ෆිට් රථය හඳුනා ගැනීමට විමර්ශනයට කිසියම් සහනයක් ලැබෙනු ඇතැයි නිලධාරීහු සිතූහ. ඒ අතර කොට්ඨාස විමර්ශන නිලධාරීහු තවත් විමර්ශනයක් සිදුකළහ. ඒ මරා දැමුණු පුද්ගලයා අපරාධයකට සම්බන්ධ වූවකුදැයි සොයා ගැනීම සඳහා ඔහුගේ මහපට ඇඟිල්ලේ සලකුණක් අපරාධකරුවන්ගේ වාර්තා ගබඩා කර ඇති අපරාධ වාර්තා කොට්ඨාසයට යැවීමට කටයුතු කිරීමය.

පස්සේ ඒ වාර්තා කොට්ඨාසයේ දත්තවල තිබුණා. මේ මියගිය පුද්ගලයාගේ විස්තර. මොහොමඩ් ඉර්ෂාන් කියන පුද්ගලයෙක්.

ඒ වගේම මෙයා අයි.ආර්.සී කාරයෙක් කියලත් අපරාධ වාර්තා කොට්ඨාසය අපිට කිව්වා.

“මේ පුද්ගලයා 2014 අවුරුද්දේ කෙසෙල්වත්ත පොලිස් වසමේ ගෙවල් බිඳුමක් සිදුකරලා තියෙනවා. ඒ වගේම 2016දී මෙයා මරදාන ප්රදේශයේ ගෙවල් බිඳුමක්ද සිදුකරලා තියෙනවා. ඒ නිසා තමයි මෙයා ලියාපදිංචි අපරාධකාරයෙක් වෙලා තියෙන්නේ.”

“ඉන් පස්සේ අපට තේරුණා මේ ඉර්ෂාන් කියන පුද්ගලයා ලියාපදිංචි අපරාධකාරයෙක් නිසා මෙයා සම්බන්ධ විස්තර ඔය පොලිස් ස්ථානවලත් ඇති කියලා.”

“පස්සේ අපි මේ පුද්ගලයා පදිංචි ලිපිනය සොයා ගත්තා. ඒ ඇඩ්රස් එක තිබුණේ මරදාන පොලිස් වසමේ. මරදාන ඉම්මාල් අරූෂ් මාවතේ මෙයා පදිංචිවෙලා ඉන්න බව තමයි තහවුරු වුණේ. ඒ අනුව අපි කණ්ඩායමක් මරදානේ ඔය කියන ඇඩ්රස් එකට ගියා. මිනිහා ඒ ගෙදර හිටියේ නැහැ.”

“සර් එයා දැන් මෙහෙ නැහැ. එයා ඉන්නේ අලුත්කඩේ පොලිසිය පිටිපස්සේ තියෙන ආච්චිලාගේ ගෙදර.” මරදාන ප්රදේශයේ ඉර්ෂාන්ගේ ගෙදර ළඟ කට්ටියක් අපට එහෙම කිව්වා.

” ඉන්පසු අලුත්කඩේ නිවෙස පිළිබඳ තොරතුරු ලබාගත් පොලිස් පරීක්ෂක රුමේෂ් සිය කණ්ඩායම සමඟ අලුත්කඩේට ගියහ. අපි අලුත්කඩේ පොලිසිය පිටි පස්සට ගිහින් මේ පුද්ගලයා ගැන තොරතුරු හොයද්දී අපි දැක්කා එතැන පාර අයිනේ හොණ්ඩා ෆිට් වර්ගයේ මෝටර් රථයක් නතර කරලා තියෙනවා.

එතැනදී අපට මතක් වුණා ඒ වාහනේ නේද වනවාසල පොසොන්වත්ත ගාව සී.සී.ටී.වී. කැමරාවේ තියෙන්නේ කියලා. ඒ නිසා අපි අපේ ළඟ තිබුණු ඒ වාහනේ අංකයයි, නතර කරලා තියෙන හොණ්ඩා ෆිට් කාර් එකෙයි නොම්මරය සසඳලා බලද්දී ඒ දෙකේම තියෙන්නේ එකම නොම්මරේ. ඒ නිසා අපි තේරුම් ගත්තා මේ කාර් එක තමයි අපි හොයන්නේ කියලා.

තවදුරටත් ඒ අවට නිරීක්ෂණය කරද්දී අපි දැක්කා පුද්ගලයෙක් ඉන්නවා යතුරක් අතේ ඇඟිල්ලේ දාගෙන කරකව කරකව ඉන්නවා. අපි තේරුම් ගත්තා මිනිහා තමයි කාර් එකේ රියැදුරා වෙන්න ඇති කියලා. අපි මිනිහව අල්ල ගත්තා. ප්රශ්න කළා.

මිනිහා කිව්වා එයා තමයි ඒ වාහනේ පදවන්නේ කියලා. ඒ කාර් එක රෙන්ට් එකට ගත්ත එකක්. අපි මිනිහව අරගෙන ගිහින් ප්රශ්න කරන්න පටන් ගත්තා. ඒ අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ගිය නිලධාරීන්ට ඔහුගෙන් දීර්ඝ ලෙස ප්රශ්න කිරීමෙන් අනතුරුව ඉර්ෂාන්ගේ ඝා ත න ය පිළිබඳ තොරතුරු එකින් එක අනාවරණය කර ගත හැකි විය.

“මම මේ මුකුත් දන්නේ නැහැ සර්. මම තමයි ඔය කාර් එක එළෙව්වේ.” සැකකාර පුද්ගලයා සියල්ල හෙළි කිරීමත් සමඟ ඉර්ෂාන් ඝා’ ත න ය ට සම්බන්ධ සෙසු පුද්ගලයන්ද අනාවරණය කර ගත හැකි විය.

“අපි මිනිහගෙන් ප්රශ්න කරන කොට කිව්වා කේරළ ගංජා බිස්නස් එකක් කරලා ලක්ෂ 25කට ඉර්ෂාන් පොල්ල තියලා තිබුණේ. ඒ නිසා මිනිහට ඔහොම දෙයක් වුණේ කියලා.”

පොලිස් පරීක්ෂක රුමේෂ් කීවේය. මේ වන විට හෙළිවී ඇති කරුණු කාරණා අනුව ඉර්ෂාන් ඇතුළු පිරිසක් කේරළ ජාවාරමක් සිදුකර ඇත. එම ගංජා තොග විකිණීමෙන් රුපියල් ලක්ෂ 25ක් මියගිය ඉර්ෂාන් මෙම කණ්ඩායමට ලබාදිය යුතුව තිබිණි. එම මුදල සමඟ ඉර්ෂාන් අතුරුදන්ව ඇත.

එහෙත් මෙම කණ්ඩායම ඉර්ෂාන් සොයා මෙහෙයුමක් දියත් කර තිබිණි. “උඹට මට සල්ලි දෙන්න බැරි නම් උඹගේ අලුත්කඩේ ගේ කෑල්ල මගේ නමට ලියලා දීපන්” කණ්ඩායමේ ප්රධාන සැකකරු ඉර්ෂාන්ට කිහිපවතාවක්ම පවසා තිබිණි. ඉර්ෂාන් අතුරුදන් වන්නේ ඉන් අනතුරුවය.

මෙම කණ්ඩායමට ඉර්ෂාන්ගේ මාමා කෙනකු සම්බන්ධව සිටියේය. ඔහුද ඉර්ෂාන් සොයා ගැනීමට වෙහෙස විය. ඉකුත් දිනක ඔහු කිසියම් අවශ්යතාවක් සඳහා ත්රීවීලරයකින් අලුත්කඩේට පැමිණියේය. එදින ඔහුගේ ත්රීවීලරය අලුත්කඩේදී කැඩී තිබිණි. ඉර්ෂාන් සිටියේ හොඳ හැටි බීමතින්ය.

ඔහු ත්රීවිලරයෙන් බැස එය තල්ලු කරමින් ඉදිරියට ගමන් කරන අයුරු ඉර්ෂාන්ගේ මාමා දැක ඇත. ඔහුටද ඉර්ෂාන් කොටුකර ගැනීමට අවශ්යව තිබු හෙයින් ඔහු මේ බව ප්රධාන සැකකරුට දුරකථනයෙන් දැනුම් දුන්නේය. ඔහු රිල්වාන්ය. රිල්වාන් සගයන් දෙදෙනකු සමඟ ක්ෂණයකින් අලුත්කඩේට පැමිණ ත්රීවීලරය තල්ලු කරමින් බීමතින් සිටි ඉර්ෂාන්ව පැහැර ගත්හ.

පැමිණි වාහනේ දමාගෙන ආමර්වීදියේ ලොජ් එකකට ඉර්ෂාන්ව රැගෙන ගියහ.

මෙයාලා ඒ ලොජ් එකේ තුන්වැනි මහලේ කාමරයකට ගෙනිහින් ආයෙත් අරක්කු බොන්න පටන්න අරන් ඉර්ෂාන්ටත් බොන්න කියලා තියෙනවා. ඒ අතර ඉර්ෂාන්ගෙන් සල්ලි ඉල්ලලා නැත්නම් ගේ ලියලා දීපන් කිය කියා මේ කට්ටිය එකතුවෙලා ඉර්ෂාන්ට දිගට හරහට පහරදීලා තියෙනවා. බෝතලයක් කඩලා ඒකෙනුත් ගහලා තියෙනවා.

ඔළුවටයි. බෙල්ලටයි බෝතලයෙන් ගහලා බෙල්ල කැපිලා ලේ ගිහින් ඉර්ෂාන් එතැනම වැටිලා තියෙනවා. ඉන් පස්සේ මෙයාව නැඟිට්ටගන්න කට්ටිය උත්සාහ කළත් මිනිහා නැඟිටලා නැහැ. පස්සේ මෙයාලට තේරුණා ඉර්ෂාන් මැරිලා කියලා. එතකොට තමයි මෙයාලා බයවෙන්නේ.

දැන් මොකද කරන්නේ කියලා කට්ටිය කතා වෙනවා. ඒ අතරේ තමයි ප්රධාන සැකකරු රිල්වාන් ඔය හොණ්ඩා ෆිට් කාර් එක රෙන්ට් එකට ඉල්ල ගන්නේ. ඩ්රයිවර් නැතිව තමයි මේ වාහනේ මෙයාලා ගන්නේ. ඩ්රයිවර් කෙනෙක් එක්කම වාහනේ ගත්තොත් සේරම හෙළි වෙනවනේ.

පස්සේ මැරුණු ඉර්ෂාන්ව කරේ තියාගෙන මෙයාලා තට්ටු තුනම බැහැලා පාරට ඇවිත් ඉර්ෂාන්ව කාර් එකේ පිටිපස්සේ සීට් එකට දාගන්නවා. රිල්වාන් තමයි කාර් එක එළවන්නේ. ඒ වෙනකොට පාන්දර තුනට විතර ඇති.

ඒ අවට කවුරුත් පේන්න නැහැ. ඉන්පස්සේ තමයි රිල්වානුයි තවත් දෙන්නකුයි කාර් එකේ ඉර්ෂාන්ගේ මළ සිරුර දාගෙන ගිහින් වනවාසල පොසොන්වත්තට දාන්නේ.

අපි මුලින්ම ගත්තේ යතුර කරකව කරකව හිටිය කෙනා. එයාගෙන් ප්රශ්න කරලා මැරුණු ඉර්ෂාන්ගේ මාමා ගත්තා. ඉන් පස්සේ මේ ඝාතනයේ ප්රධාන සැකකරු රිල්වානුත් කොටුකර ගත්තා.” පොලිස් පරීක්ෂක රුමේෂ් රත්නායක මහතා සැකකරුවන් අත්අඩංගුවට ගත් ආකාරය එසේ සඳහන් කළේය.

“තවත් පස්දෙනෙක් අපිට අත් අඩංගුවට ගන්න තියෙනවා. ඉදිරියේදී ඒ අය අල්ලා ගන්නවා. දැනට ඒ අය ගෙවල්වල නැහැ.අපරාධයක් කිසිම දවසක හංගන්න බැහැ. මෙයාලත් හිතුවා මේ මනුස්සයා මරලා කොහේ හරි ගෙනත් දාලා ගියාට පස්සේ ඒ අය අහුවෙන්නේ නැහැ කියලා. ඒත් එහෙම හිතනවා නම් ඒක වැරැදියි. මේ මියගිය පුද්ගලයාගේ ඇඟිලි සලකුණක් ඔස්සේ පරීක්ෂණ පවත්වලා ඒ තුළින් මරා දැමුණු පුද්ගලයා හඳුනා ගැනීමෙන් පස්සේ තමයි ඔය ඝාතනයේ සුලමුලයි ඊට සම්බන්ධ අපරාධකාරයොයි අපිට කොටුකර ගැනීමට හැකි වුණේ.”

ප්රධාන පොලිස් පරීක්ෂක කීර්තිසිංහ මහතා සඳහන් කළේය.

අත් අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඉර්ෂාන් ඝාතනය කර ඔහුගේ සිරුර රැගෙන ගොස් වනවාසල ප්රදේශයට දමා ගෙන ගිය හොණ්ඩා ෆිට් වර්ගයේ මෝටර් රියද මේ වන විට පොලිසිය භාරයට ගෙන ඇත.

පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය. 

කීර්ති මෙන්ඩිස්

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්