Oct
5

සහල් මාෆියාවට තිත තබන්න බැරිද?

 
393 Views
   
 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ ජනාධිපති බවට පත් වෙලා මාස ගානක් යන්නට මත්තෙන් සහල් මාෆියා කාරයින්ට තිත තබන්න යම් උත්සාහයක යෙදුනා. ඒ උත්සාහය රටේ ජනතාව ඉල්ලපු දෙයක් නෙමෙයි. නමුත් එතුමාට තේරුනා ගොවියන්ටත් නැති , පාරිභෝගිකයින්ටත් නැති , සාමාන්‍ය ව්‍යාපාරිකයින්ටත් නැති අති විශාල ලාබයක් සහල් ජාවාරම් කාර වී මෝල් හිමියන් උපයාගන්නවා කියලා. එහෙනම් මේ ජාවාරම් කාරයින්ට හොඳ පාඩමක් උගන්වන්න හදපු එක රටේ ජනතාවට කරන අසාධාරණයක්ද? රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් සහල් තොග වෙළඳසැල්වලට ගිහින් ප්‍රශ්නය සොයා බලද්දි අපේ රටේ සමහරක් අප්පුඩි ගගා හිනා උනා. අපි වගේ අයට පවා එදා තේරුම් ගන්න බැරි උනා ජනාධිපතිතුමා මේ කරන්නේ ඇත්ත ප්‍රශ්නය කොතනද තියෙන්නේ කියලා සොයා බලන එක කියලා. අපිත් හිතුවේ “ඇයි මේවා සොයා බලන්න ජනාධිපතිතුමා යන්නේ? එතුමාට පුලුවන්නේ නිළධාරින්ව යවලා මේවා සොයා බලන්න” කියලා. හැබැයි මේ මෑතකදි තමයි අපිටත් තේරුම් ගියේ ඩඩ්ලිලා වගේ ජාවාරම් කාරයින්ට භික්ශූන් වහන්සේලාව පවා මුදල්වලට ගන්න පුලුවන් උනානම් ඩඩ්ලිලා හරහා ව්‍යාපාර කරන ව්‍යාපාරිකයින්ටත් රාජ්‍ය නිළධාරින්ව මුදලට ගන්න එක ඒ තරම් මහා ලොකු දෙයක් නෙමෙයි කියලා.

ඇත්තම කතාව මේ මහා ප්‍රශ්නයේ බැරෑරුම්කම අපිට තේරුම් ගන්න බැරි උනාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හොඳින්ම තේරුම් ගන්න පුලුවන් උනා. අන්න ඒ නිසයි ප්‍රශ්නය කොතැනද කියලා හොයලා බලන්න එතුමාම යම් යම් තැන්වලට ගියේ. ජනාධිපතිතුමා එදා පටන් ගත්තු මුල් අඩිතාලමෙන් හැමෝටම පැහැදිලිවම තේරුනා සහල්වලින් අතරමැදි ව්‍යාපාරිකයින්ටත් අති විශාල ලාබයක් යන්නේ නෑ කියලා. එහෙනම් ලාබය ලෙසටම යන්නේ කාටද? ඩඩ්ලිලා වගේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන්ට.

යම් වැඩක් කරද්දි 100%ක්ම සාර්ථක වෙන්නේ නෑ , ගොඩාක් තැන්වලදි අසාර්ථක වෙන්න පුලුවන් , හැබැයි ඒ අසාර්ථකත්වය තමයි යම් දවසක සාර්ථකත්වය බවට පත් වෙන්නෙත්. ඩඩ්ලිවගේ සහල් ජාවාරම් කාරයින්ට අත තිබ්බ වැඩේ අසාර්ථකයි කියලා හිතාගෙන කට්ටිය චූන් උනාට මොකද ඔය වැඩෙන් ගොවියන්ට සාධාරණයක් ඉෂ්ඨ උනා. කුණු කොල්ලෙට ගොවියන්ගෙන් වී මිලදි ගත්ත ඩඩ්ලිට සිද්ද උනා රුපියල් 70ට වී මිලදී ගන්න. හැබැයි ජනාධිපතිතුමාගේ උත්සාහ 100%ක්ම සාර්ථක කරගන්න බැරි උනා ඒක ඇත්ත නමුත් මේ වැඩේ මෙතනින් නවත්තලා නම් නෑ. ඩඩ්ලි වගේ දැවැන්ත වී මෝල් හිමියන්ව මෙල්ල කරගන්න කරන්න ඕනි කොහොමද කියන එක අඩියෙන් අඩිය තමයි තීරණය කරන්න වෙන්නේ , එහෙම නැතුව ඩඩ්ලිලා වගේ මාෆියා කාරයින්ව ලොවෙත් පරාද කරන්න බෑ. ඩඩ්ලි වගේ මිනිස්සු මේ තරම් ප්‍රභල වෙන්න හේතුව මොකද්ද කියලා මුලින්ම සොයා බලන්න වෙනවා. හේතුව හොයාගත්තොත් ප්‍රශ්නය ලේසියෙන්ම විසඳන්න පුලුවන් වෙනවා. එහෙනම් බලමු මොකද්ද හේතුව කියලා…….

විවෘත ආර්ථිකයත් එක්කම සහල් පවා පිටරටින් ගෙන්වලා වී ගොවිතැන ගොවියන්ට එපා කරවීම.

කුඹුරු ගොඩ කරලා ඉඩම් ව්‍යාපාරිකයින්ට විකිණීම.

රට පුරා කුඩා වී මෝල් හිමියන්ට තම ව්‍යාපාරය කරගෙන යෑම සඳහා අවශ්‍ය පහසුකම් ටික රජයෙන් ලබා නොදීම.

රටේ නිශ්පාදනය කෙරෙන සහල්වලින් වැඩි ප්‍රමාණයක් ඩඩ්ලිලා වගේ ජාවාරම් කාරයින්ගේ අතට පත්වීම.

ජවිපෙ මැරයින් විසින් රජයේ වී ගබඩාවන් වලට ගිණි තබා විනාශ කිරීම.

දැන් අපිට ප්‍රශ්නය පැහැදිලි නේ? එතකොට විසඳුම මොකද්ද? නැතිනම් විසඳුමක් නැද්ද? නෑ ඩඩ්ලි වගේ මාෆියා කාරයින්ව නැත්තට නැති කරලා දාන්න විසඳුම් කීපයක්ම තිබෙනවා. ඔය විසඳම්වලින් හොඳම විසඳුම තමයි එජාපය කරා වගේ පිටරටින් සහල් ගෙන්වීම. ඒ විසඳුම ක්‍රියාත්මක කරා නම් ඩඩ්ලිලාව ලෙසටම නැති කරලා දාන්න පුලුවන් හැබැයි ඒකෙන් ඉවරයක් වෙන්නේ ඩඩ්ලි විතරක් නෙමෙයි ගොවියත් එක්කමයි. එහෙනම් ගොවියන්වත් ආරක්ෂා කරගෙනයි අපිට මේ ගමන යන්න වෙන්නේ.

විකල්ප විසඳුම්……

සෑම ආසනයකම මහා විශාල වී ගබඩාවන් සෑදීම.

කුඩා වී මෝල් හිමියන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම.

ඩඩ්ලිලාට තියෙනවා වගේ මහා පරිමාණ වී මෝල් 4-5ක් රජයෙන් සෑදීම.

රජයෙන් පොහොර සහනාධාර ලබාගන්න සෑම ගොවියන්ටම තම අස්වැන්න රජයට විකිණීම අනිවාර්ය කිරීම.

මේ ටික හරියට කරා නම් ඔය ඩඩ්ලිලාව ඉවර කරන එක මහා ලොකු දෙයක් නෙමෙයි. ප්‍රශ්නයට විසඳම් හොයන්න යද්දි ගොඩාක් අමිහිරි දේවල්වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඒක පරාජය නෙමෙයි. ඔය වගේ දේවල් පරාජයක් කියලා හිතන්න තරම් ජනාධිපතිතුමා බොළඳත් නෑ. අද ඩඩ්ලිලා දඟලන්නේ ඒකාධිපතිත්වය තමන් අතේ තියෙන හින්දනේ? හැබැයි ඔය ඒකාධිපතිත්වය කුඩුපට්ටම් කරලා දාලා ජනතාවට සාධාරණයක් ඉටු කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ජනාධිපතිතුමා දැනටමත් කරගෙන යනවා කියලා ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාම කිව්වා. එහෙනම් පොඩ්ඩක් ඉවසමු. නයයි මුගටියයි සටන් කරද්දි බලන් ඉන්න අයට පේන්නේ මුගටියා බයේ දුවනවා කියලා. නයා පෙනේ පුප්පගෙන සද්දේ දාගෙන ලයින් දෙද්දි කට්ටි හිතන්නේ නයා පට්ට පොරක් කියලා. හැබැයි අන්තිමට නයාගේ පෙනෙත් එක්කම මුගටියා ගලවන් යද්දි තමයි කට්ටියට තේරෙන්නේ මෙච්චර වෙලා මුගටියා දුවලා තියෙන්නේ නයාට තියෙන බයට නෙමෙයි නයාව වෙහෙසට පත් කරන්නයි කියලා. අන්න ඒ වගේ දැන් ඩඩ්ලිලා පෙනේ පුප්පගෙන දාන සෙල්ලම් තව කොච්චර කාලයකට දායිද කියලා ඉවසීමෙන් බලන් ඉමු. (මොහමඩ් අක්රම්.)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්