Mar
18

මුහුණු පොතේ දැමූ පෝස්ටුවක් නිසා ජාතික ජාතික රූපවාහිනි නිවේදිකාවට රූපවාහිනිය තහනම් වෙයි

 
1049 Views
   
National-TV-presenter-banned-from-television-due-to-a-post-on-her-face-book  

නිවේදිකාවක් ලෙස ජනප්‍රියත්වය පත්  පාරා නිලේප්තා රණසිංහ හට රූපවාහිනි තහනම් වී තිබෙනවා. එයට හේතු වී ඇත්තේ ඇය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනක් බව ඇය සඳහන් කරනවා. ඒ පිළිබඳව ඇය තම ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙලෙස සටහනක් තබා තිබුණා. 

“පුරවැසියෙකු ලෙස මාගේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස අභියෝගයට ලක් ව ඇති මොහොතක සමාජ වගකීමක් සහිත සම්ප්‍රවේශිකාවක ලෙස සුව දුක් විමසන හිතැතියන් වෙනුවෙන් මේ සටහන තබමි. අද පටන් රූපවාහිනිය මා හට තහනම් භූමියක් බවට පත් ව ඇත්තේ මාගේ මුහුණුපොතේ පෝස්ටුවක් හරහා බහුතර ශ්‍රී ලාංකික ජීවිත ගැන අල්ප මාත්‍රයක් හෝ සංවේදී වීම නිසාවෙනි.  රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, නැණ මිහිර,චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් මා හට ප්‍රේක්ෂකාදරය ළගා කර දුන් රූපවාහිනියට මාගේ ගෞරවයද, ගල් මුල් මැද ආදර පැසසුම් දුන් ප්‍රේක්ෂකයන්ට මාගේ ආදරයද පුද කරමි. හංස වෙස් ගෙන පාත්තයින් රඟන විටත් රූපවාහිනිය මට හුදු දේශපාලන කෙළි මඩලක් නොවීය.මව් ගුණ හඳුනන දරුවකු ලෙස රූපවාහිනියට සුබ පතමි.

සදාකල් යෙහෙන් වැජඹේවා..
නැවතුමක් නොවේ හැරවුමක් පමණි……..
– පාරා නිලේප්තා රණසිංහ (ජනප්‍රිය නිවේදිකා)

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්