Sep
1

නූතන සේරිවාණිජ පරම්පරාව

 
645 Views
   
 

කූට වෙළෙඳුන්ගේ ජා වා ර ම් කාර ප්‍රතිපත්තිය හා ක්‍රියාකාරි වැඩසටහන් නැ වැත්වීම සඳහා නී තිය උපයෝගි කර ගත හැකි බව ආණ්ඩුව විශ්වාස කරයි. ඒ අනුව මීට අදාළ නී ති ගණනාවකට සංශෝධන එකතු කොට ද ඬු ව ම් වැඩි කර තිබේ. වැඩි මිලට බඩු විකිණීමට අදාළ දඩය රුපියල් දෙදහස් පන්සියයක් ලෙස පැවති අතර. එය රුපියල් ලක්ෂය දක්වා ඉහළ දමා ඇත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැඟවීම ඇතුළු තවත් වැරැදි සඳහා වූ දඩ මුදල් රුපියල් ලක්ෂ දහය දක්වා ඉහළ දමා ඇත. මෙය ආණ්ඩුව හා වෙළෙන්දා අතර සටන තවත් තීව්‍ර කර තිබේ. වෙළෙන්දාගේ ඉලක්කය අංශ දෙකක් කෙරෙහි යොමු වී ඇති බව පෙනෙයි. එකක් නම්: භාණ්ඩ මිල ඉහළ දමා අ ධි ක ලාභයක් ඉපයීමය. අනෙක නම්: ආණ්ඩුව අ ප හ සු වතාට පත් කර පාඩමක් ඉගැන්වීමය.

රට තුළ පොහොර ප්‍රශ්නයක් නිර්මාණය කළේ සමාගම් හා කූට වෙළෙන්දෝය. ඒ, කන්නයකට අවශ්‍ය පොහොර තොග සඟවා තබා ගැනීමෙන් හා වරින් වර ඒවා එළියට ගෙන වැඩි මිලට විකිණීමෙනි. රජය කාබනික පොහොර වැඩසටහන ආරම්භ කළේ කන්න කිහිපයකට අවශ්‍ය රසායනික පොහොර රට තුළ පවතින තත්ත්වයක් යටතේය. එහෙත් සමාගම් හා වෙළෙන්දෝ පොහොර තොග සැඟවූහ. පසුව කරන ලද මෙහෙයුම්වලදී ඒවා සොයා ගනු ලැබිණි. එහෙත් ඒ වන විට තම කන්නයේ වගාව ආරම්භ වී සැලකිය යුතු කාලයක් ගෙවී ගොස් තිබිණි. සමාගම් සමඟ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ද ඒකාබද්ධව ක්‍රියා කරන්න පටන් ගත් කල අර්බුදය උත්සන්න තැනකට තල්ලු වෙයි. එය පසුගිය කාලයේ දැකගන්න ලැබිණි.

තැන තැන සඟවා ඇති වී තොග එළියට ගැනීම ආණ්ඩුවේ ඉලක්කය වී ඇත. මේ වන විට ස්ථාන කිහිපයක සැඟවූ වී තොග වැටලීම්වලට හසු වී ඇත. පොළොන්නරුවේදී විශාල වී තොගයක් හමු විය. එළඹෙන නත්තල් සමයට අවශ්‍ය සහල් තොග වෙළෙඳපොළට නො දීම ජාවාරම්කාරයන්ගේ ඉලක්කය වී ඇත. මේ දිනවල වී තොග නිකුත් නො කර සිටීමෙන් උත්සව සමයේ සහල් හිඟයක් ඇති කළ හැකිය. එවිට ජාවාරම්කාරයන් කිහිප දෙනකුට සහල් වෙළෙඳපොළ හැසිරවීමේ අවස්ථාව ලැබේ. මෙය කාලයක සිට ක්‍රියාත්මක වන දුෂ්ට චක්‍රයකි. මේ රටේ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් සහල් වෙළෙඳපොළ හසුරවති. ඔවුහු අධික ලාභයක් උපයති. මේ ක්‍රමය වෙනස් කිරීමට නම් ජාවාරම්කාරයන් සඟවා ඇති වී තොග එළියට ගත යුතුය.

දැන් සීනිවලින්ද ගසාකන්න පටන් ගෙන තිබේ. සීනි හිඟයක් පළමුව ඇති කළ අතර, අද වන විට සීනි කිලෝවක් රුපියල් දෙසිය හතළිහකට අලෙවි කරනු ලැබේ. සීනි සඳහා අය කළ බද්ද ඉතා පහළ මට්ටමක පැවතිය ද එහි වාසිය පාරිභෝගිකයාට ලැබුණේ නැ ත. දේශීය සීනි නිෂ්පාදනය වාර්ෂික සීනි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට අසමත් බැවින් සීනි ආනයනය අනිවාර්ය වෙයි. බද්ද ශත විසිපහ දක්වා අඩු කිරීමට රජය පියවර ගත්තේ රුපියල් සියයකට අඩුවෙන් සීනි කිලෝවක් පාරිභෝගිකයාට ලැබීමට සැලැස්වීමටය. එහෙත් ව්‍යාපාරික සමාගම් බද්දේ වාසිය ද ගනිමින් වැඩි මිලට සීනි අලෙවි කරයි. රජය මේ සඳහා දී ඇති විසඳුම වන්නේ සතොස මඟින් රුපියල් එකසිය තිහකට සීනි කිලෝවක් අලෙවි කිරීමය.

සීනි ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල සම්බන්ධයෙන් යළි සලකා බලන්න ආණ්ඩුවට සිදු වනු ඇත. එය වෙළෙන්දා හා ආණ්ඩුව අතර ඇති විරසකය තවත් නරක අතට හරවනු ඇත. එහෙත් ආණ්ඩුව නොවළහා තීරණයක් ගත යුතුව තිබේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්