Aug
4

රෝස් චිකන් පලුවයි බිම බෝතලෙකුයි නැතුව පාසල් යන්න බෑ කීව කාවින්ද්‍යා දැන් ගෙවන සුපිරි ජීවිතේ

 
4162 Views
   
 

ස්වාධින රූපවාහිනි නාලිකාවේ විකාශය වූ ශාන්ත සොයිසාගේ ‘මේඝා’ ටෙලි නාට්‍යයේ ‘බිමන්සා’ ලෙසින් ජනප්‍රිය වූ ඇය මේ දිනවල අහස්මාළිගා අහිංසා ලෙසත් සකලගුරු නෙළුම්’ ලෙසත් ජනප්‍රියවී සිටිනවා. ඇය රංගනයට වගේම නිවේදනයටත් ඉතාමත් දක්ෂයි. ඇගේ පළමු චිත්‍රපටිය වන්නේ සුළඟ චිත්‍රපටයයි. එහි ප්‍රධාන චරිතයක් සදහා සිය රංගන දායකත්වය ඇය පන පෙව්වේ ගමක හැදී වැඩුණ උසස් පැළැන්තියකට අහිංසක ගැහැණු ළමයකුගේ චරිතයක් සඳහායි. ඇය ආදරය කරන්නෙ යුද්ධයෙන් අතරමං වූ සොල්ද‌ාදුවෙකුටයි. ඉතින් ඇය කලාව සඳහා පා තබන්නේ උසස්පෙළ කරන අතරතුර අයි.ටී.එන්.අවුරුදු කුමරිය තරගයට සහභාගී වීමත් සමඟයි. එහි අවසන් දොළොස් දෙනා අතරට පැමිණීමත් සමඟ රංගනයට ආරාධනා ලැබුනලු. ඉතින් ඇය පාසැල් යන කාලේ හරි අපූරු චරිතයක්ලු. ඒ තමයි දඟකාර කාවින්ද්‍යා පාසල් යන කාලේ රෝස් චිකන් පලුවයි බිම බෝතලෙකුයි නැතුව පාසල් යන්න බැ’හැලු. හැමදාම ළමයින්ට ගහලා කරදර කරන දගකාර චරිතයක්ලු කාවින්ද්‍යා කියන්නේ.

එහෙම හිටපු කාවින්ද්‍යා ගැන දැන් නම් එයාගේ අම්ම පුදුම වෙනවලු අද ඉන්න තැන ගැන හිතලා.ඒ වගේම ඇය කලාවට එකතු ගෙදර අය කැමති උනේ නැහැලු. ඒ ගැන කාවින්ද්‍යා අපිට කිව්වේ මෙහෙමයි. ඇත්තටම අපි ගමක ජීවත් වුණු අය හින්දා අම්මා තාත්තා හිතන්නේ දකින්නේ වෙනස් විදිහකට. ඒ හින්දා මට මුලදි නම් කිසිම සහයෝගයක් මේකට ලැබුණේ නැහැ. මුලින්ම අම්මයි තාත්තයි දෙන්නම මේකට අකමැති වුණා. ඊට පස්සේ අම්මත් කැමතිවුනා කොහොමහරි කාලයත් එක්කමම අකමැති වුනත් මගේ කැමැත්ත නිසා මාව එක්කරගෙන ගියා. පලවෙනි නාට්‍ය විකාශය වෙනකම්ම තාත්තා කැමති වුණේ නම් නැහැ. කොහොමහරි පස්සෙ ඒ ගැන කතා වෙද්දි තාත්තා කැමැති වුණා. ඇත්තම කිව්වොත් මේ වෙනකොට නම් මගේ අම්මා තාත්තා එතකොට නංගිලා තුන් තුන්දෙනා කැපිලි කෙටිලි දාපු නෑදෑයො ඒ හැමෝම වූ උදව් කරනවා. කියලයි. ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ මේ දගකාර නිළියගේ සුන්දර ඡායාරුප පෙළක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්