Aug
12

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩ ව ර් ජ නයක් අරඹයි

 
735 Views
   
 

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් අද රාත්‍රියේ සිට සංකේතාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම සංගමය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ හෙට දින දුම්රියන් ධාවනය නො වන බැවින් දුම්රිය භාවිත නො කරන ලෙසට යි.

ඔවුන් මෙලෙස සංඛේතාත්මක වැඩ ව ර් ජ නයක් ආරම්භ කර ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමක මහත්වරුන් හා කණිෂ්ඨ කාර්‍යමණ්ඩලයේ කොරෝනා ආ සා දි තයන් සම්බන්ධයෙන් රජය නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නො කිරීමට එරෙහිවයි.

ඒ අනුව ඔවුන් පවසන්නේ දුම්රිය මගීන් හා ප්‍රවාහන උප දෙපාර්තමේන්තුව සෘජුවම සම්බන්ධ වන බැවින් ඔවුන්ගේ ආ ර ක් ෂා වට දැඩි ත ර් ජ න යක් එල්ලවී ඇති බවයි.

ආ සා දි තයින් වාර්තා වූ ඇතැම් දුම්රිය ස්ථානවල ආ සා දි ත සේවකයා ඉවත්කර ඉතිරි ආශ්‍රිත සේවකයින් යොදාගෙන සේවය පවත්වාගෙන යාමටද ඇතැම් අවස්ථාවලදී උපදෙස් ලැබී ඇති බවයි එම සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

මේ වන විටත් ආ සා දි ත යි න් 93ක් වාර්තා වී ඇතත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම විනා අදාල තොරතුරු හෝ දෙපාර්තමේන්තුව සතුව නො මැ ති බවටද එම සංගමය චෝ ද නා කර සිටිනවා.

“නිවෙස් නි රෝ ධායනය” රජයෙන් අනුමත කර ඇති තත්වයක් යටතේ ඌණ උපයෝජිත සම්පත් උපයෝජනය කරගනිමින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවන ලෙස ඉල්ලා සිටියත් ඒ සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නො මැ ති බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර දෙපාර්තමේන්තුව සතුව ඇති දුම්රිය විවේක කාමර සහ නිවාඩු නිකේතන වල එක් වරකට රෝගීන් 200කට පමණ පහසුවෙන් නවාතැන් ලබාදිය හැකි බවද එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ හරහා අවසානයේ සිදුවන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන් හා එහි කාර්‍යමණ්ඩලය ආ සා ද නය වීමත් එහි අවසාන ප්‍රතිඵලය ලෙස මගීන් කොරෝනා බෙදාහරින රෝග වාහකයින් බවට පත්වීමයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්