Mar
18

ලෝකයේම වැඩි රැකියා අවස්ථා තියෙන්නේ උපාධිධාරීන්ට නොවෙයි – වෘත්තීය පුහුණුව තිබෙන අයටයි

 
1638 Views
   
 

“ඔබ දන්නව ද අද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේම වැඩි රැකියා අවස්ථා තියෙන්නේ උපාධිධාරීන්ට නොවෙයි වෘත්තීය පුහුණුව තිබෙන අයටයි. මේ රටේ ගොඩක් කර්මාන්ත ශාලා හැදෙන කොට රැකියා අවස්ථා බිහිවෙනවා. ඒ අතර උපාධිධාරීන්ට රැකියා 10 ක් හැදෙනකොට යම්කිසි වෘත්තීය අධ්‍යාපනයක් ලබලා තියෙන දරුවන්ට රැකියා අවස්ථා දහස් ගණනක් ඇති වෙනවා.” යැයි නිපුනතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය.

හැටන් තොන්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෘත්තීය අධ්‍යාපනය සඳහා නවිකරණය කිරීම හා නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සදහා ස්ථානයක් පරීක්ෂා කිරීමට පසුගියදා 14දා සංචාරයකට පැමිණි අවස්ථාවේ හැටන් තොන්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී අභ්‍යාසලාභින් අමතමින් රාජ්‍ය අමාත්‍යවරිය එසේ පැවසුවාය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්