Oct
22

ඇමරිකාව අත්හදා බැලූ දෙවන හයිපර්සොනික් අවියත් අසාර්ථක වෙයි

 
909 Views
   
 

ඇමරිකාව නිර්මාණය කළ නවතම හයිපර්සොනික් අවිය අත්හදා බැලීමේදී අසාර්ථක වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පෙන්ටගනය සඳහන් කළේ මේ සඳහා භාවිතා කළ රොකට්ටුවේ බූස්ටරය අසාර්ථක වීම මෙම තත්ත්වයට මුල් වී ඇති බවයි. ඇලස්කාවේ කෝඩියක් මධ්යස්ථානයේ සිට මෙම හයිපර්සොනික් අවිය අත්හදා බැලීමට උත්සාහ කර තිබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙන්ටගනයේ ප්රකාශක ලුතිතන් කමාන්ඩර් ටිම් ගෝර්ඩෑන් පැවසුවේ මෙම අවිය අත්හදා බැලීම අසාර්ථක වුවද මෙමගින් ධනාත්මක ප්රතිඵල රැසක්ම කරගත් බවයි. ගතවූ අප්රේල් මාසයේදීත් ඇමෙරිකාවේ හයිපර්සොනික් අවියක් අත්හදාබැලීම අසාර්ථක වී තිබුණා.

B-52H වර්ගයේ යානයක් භාවිතා කරමිනුයි මෙම අත්හදා බැලීමට සිදු කිරීමට තැත් කර තිබුණේ. අභ්යවකාශ මට්ටමේ හයිපර්සොනික් අවියක් නිෂ්පාදනය කිරීමට චීනය සමත් වී දින කිහිපයකට පසුව ඇමෙරිකාවේ මෙම උත්සාහය ක්රියාත්මක වී තිබෙනවා. ශබ්දයේ වේගය මෙන් හය ගුණයක වේගයකින් යුක්ත ව මෙම හයිපර්සොනික් අවි අත්හදා බැලීමට සැලසුම් කළ බවද පෙන්ටගනය අනාවරණය කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙන්ටගනයේ ප්රකාශකයා පැවසුවේ මෙහෙයුම අසාර්ථක වුවද එය බරපතළ මට්ටමේ ගැටලුවක් නොවන බවයි. වඩාත් දියුණු මට්ටමේ හයිපර්සොනික් අවි නිපදවීමට ප්රමුඛතාවය ලබා දී කටයුතු කරන බව ද පෙන්ටගනය දැනුම් දී තිබෙනවා.

ගත වූ දිනයේ දී පෙන්ටගනය නිවේදනය කර තිබුණේ හයිපර්සොනික් අවි තුනක අත්හදාබැලීම් සාර්ථක වූ බවයි. මේ සම්බන්ධයෙන් ඇගයීමක් සිදු කිරීමෙන් පසුව මෙම මෙහෙයුම අසාර්ථක වූ බව අද තහවුරු කෙරුණා.

Lockheed Martin සමාගම සමග එක්ව මෙම හයිපර්සොනික් අවි අත්හදා බැලීම සිදු වන බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ. මේ අතර බුද්ධි අංශ වාර්තාව උපුටා දක්වමින් ඇමෙරිකාව පැවසුවේ ගත වූ ජූලි සහ අගෝස්තු මාස තුළ දියුණු මට්ටමේ හයිපර්සොනික් අභ්යවකාශ අවියක් නිෂ්පාදනය කිරීමට චීනය සමත් වූ බවයි.

මෙම ප්රකාශය චීනය විසින් බැහැර කරනු ලැබුවද මේ සඳහා ප්රමාණවත් සාධක පවතින බව ඇමෙරිකාව අවධාරණය කළා. මේ සමග රුසියාවේ සහ චීනයේ හයිපර්සොනික් පද්ධති අමෙරිකාව පසුකර යාමට සමත් වී පවතින බවයි ජාත්යන්තර මාධ්ය පැවසුවේ.

වැළැක්විය නොහැකි මට්ටමේ වේගයකින් ඉලක්ක වෙත ළඟාවන හයිපර්සොනික් අවි ගුවන් යානා හෝ රොකට් භාවිත කරමින් මුදා හැරීම සිදු කරනු ලබනවා. මිසයිල ආරක්ෂණ පද්ධති මගින් වැළැක්වීමට අපහසු මෙම අවි, ශබ්දයේ වේගය මෙන් කිහිප ගුණයක වේගයකින් ගමන් කිරීමට හැකිවන පරිදි නිපදවා තිබෙනවා.

රහසිගතව චීනය අත්හදා බැලූ හයිපර්සොනික් අවිය ශබ්දයේ වේගය මෙන් 22 වේගයකින් ගමන් කළ බවයි Financial Times වෙබ් අඩවිය සිය වාර්තාවක් මගින් අනාවරණය කළේ. මේ සම්බන්ධ තොරතුරු ලබා ගැනීම අපහසු තත්ත්වයක් බවද එම වාර්තා පැවසුවා.

මෙම අවිය චීනයේ සිට ඇමරිකාවට විනාඩි 15 කින් පහර දීමේ හැකියාව පවතින බවයි පෙන්වා දී තිබුණේ. මීට දෙසතියකට පෙර රුසියාව විසින් ද නෞකාවක සිට හයිපර්සොනික් අවියක් අත්හදාබැලීමට පියවර ගෙන තිබුණා. මේ සමග හයිපර්සොනික් අවි නිපදවීමේ තරගයක් මතුවී ඇති අතර දැනට මෙම සටනේ මුල් තැන හිමි කර ගැනීමට චීනය සහ රුසියාව සමත් වී තිබෙනවා.

මෙම තත්ත්වය තුළ නෞකා, ගොඩබිම සහ ගුවනේ සිට හයිපර්සොනික් අවි අත්හදා බැලීමට ප්රමුඛතාව ලබා දෙන බවයි ඇමෙරිකාව සඳහන් කළේ. වේගයෙන් වර්ධනය වෙමින් පවතින චීන රුසියානු තරඟය මුහුණ දීම මෙහි ප්රධානතම අරමුණ ලෙස නම් කර තිබෙනවා.

මෙම අසාර්ථක වූ පරීක්ෂණය වෙනුවට නව අත්හදා බැලීමක් නුදුරේදීම ක්රියාත්මක කිරීමට නියමිත බවයි පෙන්ටගනය ප්රකාශකයා ප්රකාශ කළේ. මෙහිදී රොකට්ටුවේ glide කොටස ක්රියාත්මක නොවුනද හයිපර්සොනික් පද්ධතියේ ගැටලුවක් නො පවතින බවටයි විශ්වාසය පළ කර තිබුණේ.

රටවල් කිහිපයක් විසින්ම වර්ධනය කරමින් පවතින හයිපසොනික් අවි වායුගෝලයේ පහළ උසකින් පියාසර කරමින් දැනට පවතින සියලු රේඩාර් පද්ධති සාර්ථකව මගහැර යාමට සමත් වනවා. දැනට රුසියාව විසින් නිර්මාණය කර ඇති දියුණුතම හයිපර්සොනික් අවියට විනාඩියකටත් අඩු කාලයක් තුළ ඇමරිකාවට පහරදීමට හැකියාව පවතිනවා.

මේ අතර හයිපසොනික් ප්රහාර වැළැක්වීමේ පද්ධතියක් නිපදවීමට මේ වන විට ඇමරිකාව සමත් වී පවතින බවයි ත්යන්තර මාධ්ය වාර්තා මගින් සදහන් කළේ.

නිල වශයෙන් අනාවරණය නොකළ මෙම පද්ධතිය මේ වන විට සාධනීය මට්ටමෙන් වර්ධනය කරමින් පවතින බවයි රොයිටර් වාර්තාවක් මගින් අනාවරණය කළේ. මෙම පද්ධතිය සාර්ථක කර ගැනීමට ඇමරිකාව සමත් වුවහොත් රුසියානු සහ චීන තර්ජනය අවම මට්ටමකට පත්වන බවයි රොයිටර් වෙබ් අඩවිය විසින් නිකුත් කළ සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.

මෙය පහසු අභියෝගයක් බවට පත් නොවනු ඇතැයිද මෙම වාර්තාව මඟින් අනාවරණය කර තිබුණා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්