Sep
10

මහ බැංකු අධිපති සිය ධූරයෙන් ඉල්ලා අස්වුනේ ඇයි?

 
578 Views
   
 

තමන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කල බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා නිවේදනය කරනවා. අද කොළඹ මහ බැංකු පරිශ්‍රයේදී සූම් තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවකට එක් වූ මහ බැංකුව අධිපති ආචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් කියා සිටියේ තමන් සිය අසූ වැනි ඡන්ම දිනය එළඹෙන විට මෙම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර සිටි බවයි.

කෙසේ වෙතත් එම තීරණයට සති හයකට පෙරාතුව ඔහු මහ බැංකු අධිපති ධූරය අත් හැර දැමීමට තීරණය කළේ එම ධූරය හරහා මතුවූ ආතතිය අධික වීම හේතුවෙන්. මහ බැංකු අධිපති ධුරයට විශ්‍ර්‍රාම දෙන මෙම ආර්ථික විශේෂඥයාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පුටුවක් වෙන් වී ඇති බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු කියා සිටියේය තමන් තවදුරටත් එවැනි තනතුරු දැරීමට අදහස් නොකරන බවයි.

2019 දෙසැම්බර් 24 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ පහළොස් වැනි මහ බැංකු අධිපති ලෙස තනතුර භාර ගත් මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් දෙස් විදෙස් පතළ ප්‍රවීණ අර්ථ ශාස්ත්‍රඥයෙක්. මේ අතර මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරයට නැවත වරක් පත්වනු ඇති බවට රජයේ ආරංචි මාර්ග ගතවූ දින කිහිපය තුළදීම වාර්තා කර තිබුණා. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය කබ්රාල් විසින් එය තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් මේ දක්වා සිදුකර නැහැ.

මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ එය නිල වශයෙන් ස්ථිර වී නොමැති බැවින් කිසිවක් ප්‍රකාශ කල නො හැකි බවයි. 2006 වසරේ ජූලි මාසයේ සිට 2015 වසරේ ජනවාරි 09 දින දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මීට පෙර කටයුතු කරනු ලැබුවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්