May
3

මාස තිහක් ඇතුලත රාජපක්ෂලා මේ රට බංකොලොත් කලා – සජිත් ප්‍රේමදාස

 
2067 Views
   
 

මේ රටේ මිනිස්සු සංවර්ධනය කියන වචනය ඇහුවෙ මහින්ද රාජපක්ෂ පාලන කාලයෙ. යුද්ධයෙන් පස්සෙ වේගවත් සංවර්ධනයක් රටපුරා ක්‍රියාත්මක උනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ දූරදර්ශී නායකත්වය මත. එහෙම නොවුනනම් අධිවේගී මාර්ග, නව විදුලි බල ව්‍යාපෘති, ගුවන් පාලම්, පාසල් වලට පරිඝණක විද්‍යාගාර අදටත් සිහිනයක් පමණයි. මොකද යහපාලනයෙන් කලෙත් මහින්ද රාජපක්ෂගෙ ව්‍යාපෘති විවෘත කිරීම විතරයි. මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේනට භාරදුන්නෙ මහබැංකුවෙ බිලියන 8.5 ක් තිබුණ රටක්. නමුත් මෛත්‍රීපාල සිරිසේන ගෝඨාභය රාජපක්ෂට භාරදුන්නෙ මහබැංකුව සම්පූර්ණයෙන්ම හොරාකාපු රටක්.

අනෙක් කාරණය රාජපක්ෂලාට හොරු කියල නීතියට පිටින් ගිහින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස හදාගෙන ලෝකෙ වටේ ගිහිල්ලත් රාජපක්ෂලගෙ එක ඩොලර් එකක්, එක ඉඩමක් හෝ ගෙයක් හොයාගන්න බැරුවත් තවමත් රාජපක්ෂලාට හොර ලේබලය ගහන සජිත්ගෙ හපන්කම් මිනිස්සු නොදන්නව කියලද හිතන්නෙ?

කොළඹ කැන්ටිමක කුලී වැඩ කරපු, ලැවරියා විකුණපු තාත්තගෙ පුතා කෝටිපති දේශපාලකයෙක් උන විදිහ ගැන අපිත් දැනගන්න කැමතියි.

ඒ වගේම පහුගිය යහපාලන රජය සමයේ සජිත් ප්‍රෙමදාසගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරුන මුලතිව් දිස්ත්‍රික්කයේ නිවාස සංවර්ධන ව්‍යාපෘතියට රුපියල් මිලියන 1,589 ක් වෙන් කරවාගෙන රුපියල් මිලියන 472ක් පමණක් මිනිසුන්⁣ට ලබාදීල ඉතිරි රුපියල් මිලියන 1,161 කට උන දේ,

සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 120 ක⁣ට උනදේ,

නිවාස සංවර්ධනය අධිකාරියෙන් නිවාස ව්‍යාපෘතියක් ජනසතු කිරීම ප්‍රචාරය සඳහා මාධ්‍ය කටයුතු වලට වෙන්කරගත් රුපියල් මිලියන 472 කට සජිත් මොනවද කළේ කියල එහෙමත් දැන ගන්න රටේ ජනතාව වශයෙන් අපිත් ඉතා කැමැත්තෙන් ඉන්නවා.

2015 දීත් රාජපක්ෂ රජය පෙරළීමට සජිත් ඇතුලු පිරිස පාවිච්චි ⁣කලේ රාජපක්ෂ හොරා කියල මිනිස්සු අතර මතයක් හදපු එක. හැබැයි එහෙම කියල හොරු අල්ලන්න ආපු යහපාලනය ඉතිහාසයේ ලොකුම හොරකම කරල යනකල් හැමෝම ඇස් කන් වහගෙන බලන් හිටිය.

එහෙම පිරිසක් ආයෙ බලයට ආවොත් ආයෙ මහබැංකු වංචාව වගේ දෙයක් සිදු නොවෙයි කියල, MCC වගේ ගිවිසුම් අත්සන් නොකරයි කියල, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල වගෙ මේ රටේ පොදු දේපල පිටරට වලට විකුණන්නෙ නෑ කියල, රජයෙ ආයතන පාඩු ලබනව කියල කුණුකොල්ලෙට තම තමන්ගෙ හිතවතුන්⁣ට විකුණන්නෙ නෑ කියල සහතිකයක් දෙන්න පුලුවන් කාටද?

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්